spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

නි.අමාත්‍ය නිමල් ලාන්සා සැප්තැම්බරයේදී දී ආණ්ඩුවෙන් ඉවත් වන බව සරත් කියයි ?

Must read

නියෝජ්‍ය ඇමති නිමල් ලාන්සා මහතාගේ  දේශපාලනයේ  තීරණාත්මක වෙනසක්  සැප්තැම්බර් මාසයේ දී සිදුවීමට නියමිත බවඇමතිවරයාට සමිපතම ආරංචි මාර්ගවලින් වාර්ථා  වි තිබුණි බව  මීපුර වෙබ් අඩවිය අවස්ථා කිපයකදිම මතුකර තිබුණි.
මේ වනවිටත් දෙබිඩි දේශපාලන පිළිවෙතක් අනුගමනය කරන ඔහු  සැප්තැම්බර් මාසයේදී පූර්ණකාලීනවම ක්‍රීයාකාරී වන බව අප කල්තියා  පැවසූවේ ඔහුගේ දේශපාලනයේ යම් හැරවුමක් නැවතත් සනිටුවහන් වීමට නියමිත බව හගවමිනි.
මේ අනුව පසුගියදා මීගමුව දකුණු පිටිපනදී පැවති රැස්වීමකදී සරත් ගුණරත්න මහතා මේ බව යළිත් තහවුරු කර තිඛේ.

P.M.Nimal lansa
P.M.Nimal lansa

ඒකාබදධ විපක්ෂය නියෝජනය කරන මීගමුව දේශපාලන නායකයින් ද සහභාගීවූ රැස්විමක්  දකුණු පිටිපනදී පසුගියදා පැවැත්වී තිබුණි.  මෙම හමුවට සරත් ගුණරත්න මහතා මෙන්ම හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා ද සහභාගී වී තිබුණ අතර  ඒකාබදධ විපක්ෂයේ  ශාඛාවක් දකුණු පිටිපනදී පිහිටුවීම මුල්කරගනිමින් මෙම රැස්වීම පැවැත්වී ඇත.    එහිදී සරත් ගුණරත්න මහතා විසින් ඉදියේදී පැවැත්වීමට නියමිත පළාත්පාළන ජන්දය සම්බන්ධයෙන්  ඇති සූදානම පිළිබදව අදහස් පළ කොට තිබුණී. සැප්තැම්බර් මාසයේ දී නිමල් ලාන්සා පළාත් පාලන ඡන්දයේ වැඩ කටයුතු සංවිධානය සදහා එන බවත් ඔහුගේ පූර්ණ මැදිහත්වීම  යටතේ මීගමුව නගර සභාවේ දේශපාලන බලය ඒකාබද්ධ විපක්ෂයට ජයග්‍රහණය කළ හැකිවනු ඇති බව සරත් ගුණරත්න මහතා කියා තිබුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article