spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුඛෝපභෝගී,අර්ධ සුඛෝපභෝගී හා ද්විත්ව කාර්යය මෝටර් රථ බදු ගෙවීමට මාස 3ක සමා කාලයක්..

Must read

image_1504087419-ae66dc80acසුඛෝපභෝගී,අර්ධ සුඛෝපභෝගී හා ද්විත්ව කාර්යය මෝටර් රථ  සදහා පනවා ඇති බදු ගෙවීමට මාස 3ක සමාකාලයක් ලබාදීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය ප්‍රකාශකොට තිබෙනවා. ඒ අනුව එම කාලය හෙට (සැප්තැම්බර් 1 )සිට ආරම්භ වනු අැති. මෙම මාස තුනක කාලය තුල බදුමුදල් ගෙවීමට ප්‍රමාදවීම හේතුවෙන් එම පුද්ගලයන්ගෙන් බදු මුදලට අමතරව 5% ක අතිරේක මුදලක් අයකරගැනීමටත් මුදල් අමාත්‍යංශය තීරණය ඇති බවයි වාර්ථා වන්නේ.

සුඛෝපභෝගී,අර්ධ සුඛෝපභෝගී හා ද්විත්ව කාර්යය මෝටර් රථ ලියාපදිංචි කිරීමේදී මෙම බදු මුදල අයකරන බවත් එම අවස්ථාවේදී එම බදු මුදලෙන් කොටසක් පමණක් වො ඉතිරිය පසුව ගෙවීමට අවසර ලබාදී ඇති බවත් පසුව වාහන හිමියන් විසින් එම ඉතිරි මුදල ගෙවීම පැහැර හරින බවත් පවසන් මුදල් අමාත්‍යංශය තවදුරටත් පවසන්නේ ඉහත සදහන් කල සමා කාලය හිමිවන්නේ එම බදුමුදලේ ඉතිරි කොටස ගෙවීමට වන බවයි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article