spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘මයි 3 පොයි 3’ වී ඇති බවට උතුරෙන් චෝදනා | VIDEO

Must read

 Vali North

උතුරේ පවතින තත්වය පිළිබඳව ශ්‍රී ලංකාවේ රජය සත්‍යය ප්‍රකාශ නොකරන බවට චෝදනා කරන යුද පීඩිතයන්ගේ  සංවිධාන කිහිපයක් තම හේතු දැක්වීම් රැගත් සන්දේශයක් මේ සතියේ ශ්‍රී ලංකාව පිලිබඳ වාචික වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත ජගත් මානව හිමිකම් ප්‍රධානියා වෙත යැවීම සඳහා භාරදී තිබේ.යාපනයේ නල්ලුර් කෝවිලේ පොල් ගසා ආරම්භ කළ පා ගමනක යෙදුනු මයිලට්ටි, ඌරනි, තයියට්ටි, පලාලි සහ කන්කසන්තුරේ ඇතුළු දකුණු වලිකාමම් ප්‍රදේශයේ ජනතාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ  යාපනය කාර්යාලයට තම සංදේශය භාරදෙමින් ප්‍රධාන වශයෙන්ම කියා සිටියේ ආණ්ඩුව ඉඩම් නැවත පවරන බව ප්‍රකාශ කළත් තමන්ගෙන් බොහෝ දෙනකුට කඳවුරු ගතව ජීවත් වන්නට සිදු වී ඇති බවයි.

පාගමනේ යෙදුනු කාන්තාවක් ඔසොවා ගත් පුවරුවක කියැවුනේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ ඉඩම් මුදා හැරීම යන ජනපති මෛත්‍රී ගේ පොරොන්දු 3 බොරු 3 ක් වී ඇති බවයි.

Vali North poyi 3

සති අන්තයේ කන්කසන්තුරේ අධි ආරක්ෂක කලාපය තුල පැවති අක්කර 201.3 ක ඉඩම් නැවත පැවරීමේ  උත්සවයකට සහභාගී වෙමින් ආරක්ෂක ලේකම් වරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ යාපනය ප්‍රදේශයේ ඉඩම් අක්කර 3000 ක හමුදාව වාඩි ලාගෙන සිටින බවයි.

යුද හමුදාව වාඩිලාගෙන සිටින තම පාරම්පරික ඉඩම් ආපසු දෙන ලෙස කෙරෙන ඉල්ලීම රැගත් සංදේශයේ පිටපත් ජනපති අගමැති දෙපලට යවනු පිණිස පා ගමන් කරුවන් විසින් යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායගම් හට ද භාරදී තිබේ.

දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙසත්, අතුරුදහන් වුවන් සොයාදෙන ලෙසත් ඉල්ලා සිටි සටන් පාඨ නැගු පා ගමන කැඳවා තිබුනේ වලිකාමම් උතුරේ නැවත පදිංචි කරවීම සහ පුනරුත්ථාපනය සඳහා වන සංවිධානය හා තායියට්ටි ධීවර කම්කරු සමිතිය විසිනි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රී වරු ද පාගමනට එක්ව සිටියහ.
www.radiogagana.com

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article