spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මරුකැඳවන දුම්රිය හරස් මාර්ග

Must read

DSC_0514පසුගිය  22දා  මීගමුව  කට්ටුව රේල් ගේට්ටුවෙන්  මාරුවීමට ගිය   CAU  7950  දරණ වාහනය  දුම්රියේ  හැපී  කැඩී බිඳී ගොස්  එහි සිටි පෙරියමුල්ල  ඇන්ඩ්‍රසන් පාරේ  පදිංචි තරුණියක් මියගොස් තවත් කාන්තාවන් තිදෙනෙකු  තුවාල ලැබීය.
මෙම සිදුවීම ගැන අපි  ” කට්ටුව  අනාරක්ෂිත  දුම්රිය කපොල්ල තවත් ජීවිතයක් බිලිගනියි”
යන තේමාව යටතේ meepura.com  හි  පළකළෙමු.
මේ ගැන හේතුසාධක  සෙවීමේදී  වාහනය පදවාගෙන ගිය කාන්තාව  තම දුරකථනය භාවිතා කර ඇති බව දුම්රිය ධාවනය කළ රියදුරු මහතා සඳහන්  කරන ලදී.  මෙය ඇස  ගැටෙන ආසන්නම  හේතුව වුවද කරුණු ගැඹුරින් සළකා බැළීමේදී  වෙනත් සාධකද සම්බන්ධ වන බව  පෙනේ.  මෙම ස්ථානයේ වසරකට වරක්  මෙවැනි අනතුරු සිදුවන බව ප්‍රදේශවාසීන් පවසති. මෙසේ සිදුවන අනතුරු සහ  ආසන්නතම  දුම්රිය මාර්ගවල  පවතින තත්වය පිළිබඳ  විමසීමේ  කාලීන  අවශ්‍යතාවයක්ව  ඇති බව  පෙනී යන්නේ එවැනි  හරස් මාර්ගයන්හිදීද අනතුරු  සිදුවු  ඉතිහාසයක්  ඇති හෙයිනි. මේ අනුව මාක්පාර,  මඩම පාර ,  ප්‍රජාසේවා  මාවත,  යන පාරවල්වල ඇති  දුම්රිය හරස්  මාර්ගයන්හි  තත්වය  ගැන එම ප්‍රදේශ ආසන්නයේ  සිටින ජනතාවගෙන්  විමසා සිටියෙමු.
මාක්පාර  දුම්රිය  හරස්මාර්ගය  අසළ සිටින  මල්ලිකා මහත්මියගෙන්  (අවු.61 ) විමසුවිට  ඇය දුම්රිය මාර්ගය අසළ වසර  32 ක් තිස්සේ  ජීවත්වන බවත් ,  වසර 3ක්  ඇතුලත අනතුරු 3ක් සිදුවු බවත් ,සඳහන් කළාය.  බෙල්  සහ සිග්නල් ක්‍රමය ගැන ඇය ප්‍රකාශ  කළේ  මෙම  යන්ත්‍රය ක්‍රියා විරහිත වන අවස්ථා තිබෙන බවත්, එවිට අදාළ තැන්වලට කථාකර  එය යථා තත්වයට පත්කරන  බවත්ය.
දළුවකොටුව  මඩම පාරේ රේල්ගේට්ටුව  අසල ජීවත්වන ශියාලතා මහත්මියද  මේ ගැන අදහස් පළකරන ලදී.
‘තාප්ප බැඳල  තියෙන නිසා කෝච්චිය එන බව පේන්නෙ නෑ.  අවුරුදු  කීපයකට කලින්  අවුරුදු 16ක ස්කෝලෙ  යන ළමයෙක්  කෝච්චියට හැප්පිල නැතිවුනා.  ඊට පස්සෙ තමයි ඔය ලයිට් හයි කළේ. ඒ වුනත් කිහිපදෙනෙක් නැවතත්  කෝච්චියේ  හැප්පුනා.  ලොරියක් , ජීප්එකක් , කාර්එකක් ,එහෙම  හැප්පුනා.  මෙහෙට හොඳ  අරින වහන ගේට්ටුවක් තමයි. ලයිට් ක්‍රමය ගැලපෙන්නෙ නෑ.’

ප්‍රජා සේවා මාවත
ප්‍රජා සේවා මාවත
markroad-periyamulla
මාක් පාර

ප්‍රජාසේවා  මාවතේ  කළින් තිබු ගේට්ටු කැඩී දැන්වීම් පුවරුවක් කාණුවට වැටී තිබුණා. එහි ගේට්ටු මුරකරු වන සුරාජ් ප්‍රනාන්දු   මහතා ප්‍රකාශ කළේ  මෙම ස්ථානයේ  තිබුනු බැරියර්  කැඩී ඇති නිසා දුම්රිය එන වෙලාවට රතු රෙදි කැබලි කිහිපයක්  වැලක් සේ සකසා එක් පැත්තක බැඳ  අනෙක් පැත්තට පැන අතින් සංඥා  කරන බවයි . මෙහිදී  විශේෂ  කරුණක් ලෙස  ඔහු සඳහන්  කළේ  ඇද තිබෙන  විදුලි රැහැන් පහත් මට්ටමක  තිබෙන බැවින්  බැරියර් යෙදීම කළ නොහැකි බවයි.
අප මේ සියළු  කරුණු  පිළිබඳව  අදහස් දැනගැනීමට කට්ටුව  ස්ථානාධිපති  සහ  මීගමුව ස්ථානාධිපති හමුවුවා.
මීගමුව  ස්ථානභාර නිලධාරි මහතා මෙය  විදුලි සංඥා  අංශයෙන්  විමසා බලන ලෙස ප්‍රකාශ කළ  අතර දෙදෙනාම  අදහස්  පළකිරීමෙන් වැළකී සිටියා.
මේ අනුව  විදුලි සංඥා  අංශය  භාර  දිනේශ්   මහතා සමග  කතාබස් කිරීමේදී ඔහුගේ    අදහස වුයේ  බෙල් සිග්නල් ක්‍රමය  සාර්ථක  ක්‍රමයක් නොවන බවයි. මෙහිදී  දුම්රිය  රියදුරු  සහ රේල් ගේට්ටුවේ  තත්වය  පිළිබඳව   අන්‍යාන්‍ය  සම්බන්ධයක්  නැති නිසා ඔහුට  අවධානයක් දීම අපහසුයි.
බෙල් සිග්නල් ක්‍රියාත්මකව  පවතිද්දීත්  සමහරු හරස් මාර්ග වලින් යන  අවස්ථා තිබෙනවා.
එවැනි අවස්ථා වල දුම්රිය රියදුරුට වගකීමක් ගත නොහැකියි. මේ  නිසා ගේට්ටු ක්‍රමය තමයි සාර්ථක. එවිට රියදුරුට ගේට්ටුවල  ආරක්ෂාව ගැන අවබෝධයක් තියෙනවා.  ඒ වගේම බෙල්  සිග්නල්  කියන්නේ ඉලෙක්ට්රෝ නික් පද්ධතියක් ,  ක්‍රියා විරහිත  වනවිට අපි ගිහිල්ල හදනවා.  නමුත් යම් හේතුවක් මත නැවත  ක්‍රියා විරහිත  විය හැකියි.
තවත් කාරණයක් තමයි සිග්නල්  නිළධාරීන්  සෙක්ෂන්  එකකට  ඉන්නෙ එක්නෙයි.
කටුනායක  සිට  ලුණුවිල   දක්වා  ඹහු  බලන්න ඹ්න. දැන් මම තමයි ඉන්නේ.  ඉහතකී  ප්‍රදේශය  අතර  සියළු  ගේට්ටු ගැන   නිතර විමසිල්ලෙන් සිටිය යුතුයි. බෙල් සිග්නල්  12ක්  සහ අනෙක් ගේට්ටු 15/17ක්   තිබෙනවා.   වැඩ කරන්න ඉන්නෙ 6 දෙනයි,  යනුවෙන්  ඔහු  පැහැදිළි කරන ලදී.
මේ අනුව  පැහැදිළි  වන්නේ   දුම්රිය මාර්ගවල  සිදුවු රිය අනතුරු නොසැලකිල්ල මත සිදුවීයැයි  පවසමින්  නිහඩව සිටිය නොහැකි බවයි.
මේ සඳහා  දුම්රිය හරස් මාර්ග වල  ස්වභාවයද  බලපාන  අතර  සියළු කරුණු කෙරෙහි අවධානය යොමුකර  නිසි පියවරක් ගන්නා ලෙස අදාළ බලධාරීන්ගෙන්  අපි ඉල්ලා සිටිමු.

දළුවකොටුව මඩම පාර
දළුවකොටුව මඩම පාර

සටහන සහ ඡායා – සැම්සන් ඥානසිරි

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article