spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මර නින්දක සිටි මහඇමති ඉසුරත් ,ඇමති ලංසාත් ඇහැරෙයි ! ඩෙංගු මඩින්න හෙට මීගමුවට එයි !

Must read

NImal L ansaරාජපක්ෂලාගේ සැලැස්මක් නැති පාලනය විසින් මීගමුව නගරය එහෙම පිටින්ම අර්බුදයට යැවිමේ ප්‍රතිථලයක් ලෙස අද ජිවිත වලින්ම වන්දි ගෙවන්නට මීගමුවේ ජනතාවට සිදුව ඇත.
මීගමුවට ලැබුන සත්මහල් ගොඩනැගිල්ල වසර 10 ක් යන්නටත් පෙර කඩන් වැටෙන තත්වයකට පත්ව තිබුනේ  රජපක්ෂලාගේ සහ ඔවුන් නියෝජිතයන්ගේ කොමිස් දේශපාලනයේ ප්‍රථිපලයක් හැටියටය.
මීගමුවේ කාණු පද්ධතිය මෙන්ම තවත් බොහෝ දේ තුල අද මතුව ඇති ගැටළු සියල්ලට වගකිව යුතුව ඇත්තේද රාජපක්ෂාගේ මීගමුව කොමිස් පුතාලාගේ කෙරුවාවල් නිසාය.
මේ වන විට ඩෙංගු රෝගින් 8 දෙනෙකු ජිවිත වලින්ම වන්දි ගෙවා හමාරය.
මේ ව්‍යසනකාරි තත්වය ගැන මීක් නොකියු ඇමති නිමල් ලංසා පසුගිය කාලය තුල සිටියේ ඔස්ට්‍රෙලියාවේය.
දැන් ඔහුටද මීගමුව මතක් වි තිබේ.මරනින්දක හිටපු මහඇමති ඉසුර දැන් හදිසියේම ඇහැරි ඇත.
බොහෝවිට ඔහුව ඇහැරවන්නට ඇත්තේ ද නිමල් ලංසාම විය යුතුය.මීගමුවේන් නහුතෙටම පල්ලම් බැස්ස ලංසාලට යලිත් මීගමුවට අවතිර්ණ වන්නට මගක් හදා දෙන්නට යැයි ඉසුරගෙන ඉල්ලුවා විය හැක.
කෙසේ හෝ බස්නාහිර මහඇමති නියෝජ්‍ය ඇමති නිමල් ලංසාට මීගමුවේ ඩෙංගු පාලනය ගැන බලාගන්නට යැයි දැන් භාර දි ඇතැයි වාර්ථා වේ.
ඒ අනුව හදිස්සියේම සිඩ්නි නුවරින් දැන් මීගමුව පැමිණ ඇති නිමල් ලංසා දැන්  අහිමිව ගිය දේවල් ඩෙංගු වසංගතය අස්සේ ගොඩදාගෙැනිමට සැරසෙන සෙයකි.
හෙට එනම් 27 වනදා රැස්විමක්ද කැදවා ඇතැයි සැලය.
මෙහි ඇති ලොකුම විහිලුව වන්නේ මීගමුව තුල ජනපතිගේ නිල නියෝජිතයන් දෙදෙනෙකු සිටියදි මහඇමති එසේ ඇමති ලංසාට එය භාරදෙන්නේ කෙසේද යන්නයි .මහඇමති ඉසුර ජනපතිටත් වඩා ලොකුද ?
මීගමුවේ ජනාධිපතිගේ නියෝජිතයන් වන්නේ සමසභාපතිවරුන් වන එජාප රොයිස් සහ ශ්‍රිලනිප ලලිත් ටෙන්සිල් යන අයයිශ්‍රමදාන 1ශ්‍රමදාන 5ශ්‍රමදාන 6
ඔවුන් දැනටමත් මීගමුව තුල ඔවුන්ට හැකි පමණින් ඩෙංගු මර්ධනය සදහා විධිමත් වැඩපිලිවෙලකට අතගසා තිබේ.
ගම්මට්ටමින් ශ්‍රමදාන කටයුතු වලටද මුල පුරා ඇත්තේය.
තතු එසේව තිබියදි මහඇමති  ඉසුර මේ කරන පැරිෂුට් දේශපාලන ඩිල් ඇත්තටම ලංසාගේ ඉල්ලිම මත සිදුවන කොන්ත්‍රාත්තුවක්ද ?එසේ නම් එහි ඇත්ත මිළ කියද ?
ඉඩම් කට්ටි කැඩිම් සදහා වු අතයට ගණුදෙනු ගැන නම්  මීගමුවේ දැන් බොහෝ දෙනා දනිති . ඒවා ප්‍රසි්ද්ධ රහස්ය.
මේවාද එළිවන්නට වැඩිකල් නොයන බව පමණක් මෙහිලා සටහන් කරන්නෙමු.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article