spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

‘මල්’වලින් ජීවත් වෙන්ඩ පුලුවන් ද?

Must read

9මීගමුව -කාමච්චෝඩය පොළට යන පාරේ මහවීදිය පල්ලිය ඉදිරිපිට සිටින මල් වෙළෙන්ඳියක්  සමග අහම්බයෙන් කතාබහක යෙදෙන්නට පෙළඹූනේ ඇයගේ පසෙකින් කුඩා බිළිදෙකුද සිටිනු දැකීමෙනි.ඇය ඩබ්.ඒ.ඒ.සුමාලි ලෝව් ය.
මල් වෙළදාම් කරන බොහෝ පිරිසක් මීගමුවේ දී දකින්නට ලැඛෙයි. ඇය පවසන්ගේන් ඇගේ පවුලේ සිටින ඇයගේ සොහෙයුරන්  මීගමුව නගරයේ මල් වෙළඳාමේ  යෙදෙන අතර ඇය මල් විකිණීම ආරම්භ කළේ මාස 3කට ඉහතදී  බවයි.  සුමාලිගේ ගම්පළාත කිරිමැටියාන බවත් අද සිය සැමියා සමග  පැමිණි  නිසා හයර් එකට දෙන මුදල එතරම් වැඩි නොවූ බව ඇය  පැවසුවාය.
මල් රස්සාවේ ලාභ-පාඩු ගැන කතා කළ ඇය පැවසූවේ කිරිමැටියානේ සිට දවස් දෙකකට එන්ඩ යන්ඩ රුපියල් 2800ක් විතර ත්‍රීවීල් ගාස්තු යන බවයි.එක මල් පැලයකින් රු 20-50ත් අතර ලාභයක් තියාගන්නා අතර  නිවසේද මල් වර්ග කීපයක් වවයි.  ඔ්කිඩ් -ඇන්තූරියම් සහ අල වර්ග ඒවා අතර වෙයි. මිළදී ගන්නා පැල වල මල් පරවී කොල හැලී ගස් බාලවු පසු ඒවාට  නැවත සාත්තු කර ඒවා නැවත විකිණීමේදී
සුළු ලාභයයක් තබාගෙන හෝ මිළදී ගත් මුදලටම විකුණන බවත් ඇය පවසයි.
ලොකූ ලාභයක් නැතත් ගෙදරින් වවා ගන්නා මල් වලින් ලැඛෙන ලාභයත් සමග සුළු ආදායමක් තිඛෙන බව පවසන සුමාලි සිනාසිසී  කියුවේ කන බොන ටිකට හරි කීයක් හාරි ලැඛෙනවානේ කියායි.
ඇයගේ සැමියා වෙන්නප්පුවේ මුහුදු තීරයේ මාළු වෙළදාමේ නිරත වන අතර නිවාඩු දින වල මෙසේ ඇය සමග මීගමුවට පැමිණ තවත් වෙළදාමක් කර ගනියි. සුමාලිගේ පුතණුවන්ට වයස අවුරුදු 2කුත් මාසයකි.
කිරිමැටියානේ සිට මීගමුව කාමච්චෝඩයේ පොළ දින දෙකේම මල් විකිණීමට  පැමිණ ඇය උත්සාහා කරන්නේ සිය ජීවිකාවට  යමක් සොයා ගැනීමටය. එහිදී සුළු ලාභයක් ලබාගෙන හෝ ඇගේ මල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට  උත්සාහා දැරීම  ධෙර්්‍ය උපදවන කාරණාවක් වන අතර  මල් වෙළදාමකිද දැන් සුළභව දකින්නට ඇති දෙයකි.
සුමාලි ඇතුළු වී ඇත්තේද  ඒ තරගයටය. කෙසේ වුවුත් බිළින්දන් දමා පිටරට රැකියා සොයා යන මේ වයසේ මව්වරුන්  හට සුමාලි වැන්නියන් ආදර්ශයකි.
මේ කාලයේ කිසිදු ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට තරම්  යටිතල පහසුකම්  පහසු නොවන, සියල්ලට අධික මිළක් දැරිමට සිදුවී ඇති කාලයක මේ ගන්නා උත්සාහයන්ට ලංකාවේ ආර්ථිකය තුළ  කිසියම් හෝ තල්ලුවක් ලැඛෙනවා නම් කොපමණ අගනේද?2 5 6 7ජසින්තා නිර්මලී / Photo by  / Huawei Smart Phone

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article