spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහජන බදුමුදල් කොල්ල කන තාත්තාගේ , දියණියගේ සුපිරි වෙඩිම ලබන සතියේ ?

Must read

jetwing-blueමීගමුව මහනගර සභාවේ අදායම් නිළධාරියෙකුගේ දියණියක වෙනුවෙන් මේ දිනවල සංවිධානය කෙරෙමින් පවතින සුපිරි වෙඩිමක් ගැන  මීගමුව මහනගර සභා සේවයකන් අතර විවිධ කථා පැතිර යමින් තිබේ.
මේ නිළධාරියාගේ මාසික වැටුප රු 40000 ක් පමණ වෙතැයි සැලය.
ඔහු සිය වෘත්තිය ජිවිතය අරඹා ඇත්තේ සමුපාකාර සේවයකයෙකු ලෙසිනි.පසුව මහනගර සභාවේ අදායම් නිළධාරියෙකුගේ නිලයට සමබ්න්ධවි තිබුණ අතර සිය සේවා බල ප්‍රදේශය වි තිබුනේ මීගමුව සංවාරක කලාපයද අයිතිවන කොටසය.
රුපියල් ලක්ෂ ගණනින් මහනගර සභාවට හිමිවිය යුතුව ආදායම් මේ නිළධාරියා ඇතුළු නඩයක් විසින් මහදවල් කොල්ලකමින් සිටිති.හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ ඉල්ලිම පිට හොර වරිපනම් ලේඛණ සකසා අතටම මාට්ටු වු මේ නිලධාරියා සම්බන්ධයෙන් නාගරික කොමසාරිස්වරයා මීක් කිවේ නැත.රෙඩ් වයින්වල බලයේ තරමම ඉන් කියැවේ.the-ballroom--v5090020-720
මෙසේ හරි හම්බ කරගත් කෝටි ගණන් මුදල් ලබන සතියේ වියදම් වෙන හැටි මේ මගුල් ගෙදරින්ම බලාගත හැකි බව මීගමුව මහනගර සභාවේ සේවකයෝ මිපුරට පවසා සිටි.
මේ මංගල උත්වසයේ මංගල ආරාධනා පත්‍රයක මිල ගැන ද අධිසුඛෝභහෝගි ජේට්වින් බ්ලු හෝටලයේ පැවැත්වෙන මංගල උත්සවය සාදය  ගැනද එහි කෑම පිගානක මිල ගැන මෙන්ම අරයුම් කර ඇති පිරිස ගැනද මේ අය කියා සිටිති
එපමණක් නොව මංගල දිනයේ සාරියේ මිළ ගණන් ගැනද නගර සභා සේවකයෝ කථා කරති.
ශ්‍රිලනිප ජේෂ්ඨ දේශපාලකයෙකු වු සහ හිටපු ඇමතිවරයෙකු වු සරත් ගුණරත්නගේ දියණියගේ විවාහ මංගල්‍ය උත්සවය පවත්වා තිබුනේද මේ ජේට්වින්ග් බ්ලු හෝටලයේදිමය.
නගරසභා සේවකයන් කියා සිටින්නේ ඒ මංගල සාදයට ඇරයුම් කර තිබු පිරිසට වඩා පිරිසක් රු 40000 ක මාසික වැටුපක් ලබන මේ ආදායම් නිළධාරියාගේ දියණියගේ විවාහ මංගල්‍ය සාදයට පැමිණිමට  නියමිත බවය.
වාර්ථා වන අන්දමට මේ දියණිය කටුනායක නිදහස් වෙළද කලාපයේ ආයතනයක සේවය කරන්නියකි.
රු 40000ක පමණ මාසික වැටුපක් ගන්නා මේ  තාත්තා පසුගිය කාලය තුල රු ලක්ෂ 70 ක පමණ වෙසල් වර්ගයේ වාහනයක්ද මිලට ගෙන තිබුණි.
එපමණක්ද නොව රුපියල් කෝටියකටත් වඩා වියදම් කොට නව නිවසක්ද ඉදිකර තිබුණි.
මේ සියල්ල විසින් අපට කියා සිටින සත්‍යයක් තිබේ එනම් මේ නිලධාරියාගේ ගැහිල්ලේ තරමය.
එහෙත් අවාසානාව වන්නේ මෙවන් මහජන මුදල් මංකොල්ල කන හොරුන් පාලනය කිරිමට හෝ නිතිය හමුවට ගෙන ඒමට හැකි කොන්දක් ඇති කිසිවෙකු මේ මිගමුව තුල නොසිටිමය.
මගුල් ගෙදරට පෙර දැන් විලාසිතාව බවට පත්ව ඇති free shoot එකේදි මේ යුවල හෙලිකොප්ටරකින් බැස එන දර්ශණද ඇතුළත් යැයි යන පුවතක්ද මේ දිනවල නගර සබාවේ සේවයකයන්ගේ මිමිණුම් අතරේ පවති.
දියණියකගේ මංගල උත්සවයේ දිග පළල සේවිමට අපට කිසිදු උවමනාවක් නැත.එහෙත් මේ සදහා වැය කෙරෙන රුපියල්  ලක්ෂ ගාණනක වියදම් ගැනත් ඒ තරම් මුදලක් මේ නිළධාරියා හම්බ කළේ කෙසේද යන්නත් මීගමුවේ ජනතාව දැනගත යුතුව තිබේ.
ඒය ජනතාවගේ අයිතියකි.සෙ⁣රප්පු දෙකක් පැළද පාපැදියකින් මිට වසර 10කට ඉහතදි මිගමුව මහනගර සභාවට පැමිණි නිමල් ලංසා අද ඕස්ට්‍රෙලියාවේද ඇතුලුව මෙරට ප්‍රකෝටි ගණනින් වත්කම් සහිත පුද්ගලයෙකි.මහජන බදුමුදල් මහදවාලේ කොල්ලකන මේ නිලධාරියාද දැන් ලංසලාට දෙවෙනි නොවේ.ලංසා පවුල විසින් මිගමුව නගර පාලනයට දායද කර දුන් හොරකමේ සංස්කෘතිය දැන් එහි නිලධාරින් ද යහමින් ඉදිරියට ගෙන යමින් සිටිති.දැන් අපේ අභියෝගය වන්නේ ඉදිරි පලාත් පාලන මැතිවරණයෙන් පසුවත් යහපාලනය යළිත් මිගමුව තුල ස්ථාපිත කළ හැක්කේද යන ප්‍රශ්ණයයි.
හැරල් ප්‍රනාන්දු- මීගමුව 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article