spot_img
spot_img
Wednesday, May 15, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහජන සෞඛ්‍ය පරික්ෂකගේ රාජකාරියට බාධාකළ දයාන් ලංසාගේ මැරයා අත්අඩංගුවට ?

Must read

arrest-generic-thinkstock-240_650x400_81429282265

පසුගිය 10 වනදා මීගමුව බෝලවලාන ප්‍රදේශයේ දුමායන කටයුතු වල නියැලෙන් සිටි වර්ණකුලසුරිය නැමැති මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ රාජකාරියට බාධාකරමින් පරුෂ වචන කියා බැනවදිමින් කමිස කොලරයෙන් අල්ලා තර්ජනය කළ දයාන් ලංසාගේ මැරයෙකු අද මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්ථා වේ.මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ කම්කරුවෙකු වන තුෂාන් ක්‍රිස්මාල් නැමැත්තාව අත්අඩංගුවට ගැනිම සදහා අදාල රාජකාරිය භාරවු  පොලිස් නිළධාරින් දෙදෙනෙකු  මහජන සෞඛ්‍ය පරක්ෂකවරයා හට පවසා ඇතැයි වාර්ථා වන්නේ   සමාදාන වෙන ලෙසය.
ඩෙංගු වසංගත තත්වය හමුවේ දැඩි කැපවිමකින් රාජකාරිය කටයුතු වල නියැලි සිටි රාජ්‍ය නිළධාරියෙකුට පහරදුන් මැරයෙකු පැත්ත ගෙන සාමාදානයට කථා කළ ඒ පොලිස් නිළධාරින් දෙදෙනා කව්දැයි මීගමුව අලුතින් පැමිණ  ඇති මුලස්ථාන පොලිස් පරික්ෂක වුඩ්ලර් මහතාද දැනගත යුතු යැයි අප සිතමු.
කෙසේ වෙතත් මීගමුව හිටපු නියෝජ්‍ය නගරාධිපති දායන් ලංසාගේ කුලි මැරයෙකු සේ හැසිරෙන මේ පුද්ගලයා 2017 ජුනි මස 02 වනදා මීපුර පුවත් පතේ කර්තෘ සහ වෘත්තීය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කැදවුම්කරු ප්‍රෙඩී ගමගේට  පොල්ලකින් පහරදිම සමබන්ධයෙන් මසකට වැඩිකාලයක් බන්ධනගාරගතව සිටි අයෙකි.
ඒ අනුව රාජකාරියට බාධා කිරිම සහ රාජ්‍ය නිලධාරියෙකුට පරුෂ වචනයෙන් බැන වදිමින් කමිස කොලරයෙන් අල්ලා පහරදිමට ගිය මේ මැරයාට අධිකරණය හමුවට පැමිණවිම මහහැරිමට ඇතැම් පොලිස් නිළධාරින් උත්සාහ ගනිමින් සිටින බවද වාර්ථා වේ.මේ අතර මීපුර වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් වර්ණකුලසුරිය මහතා කියා සිටියේ තමන් කිසිදු ලෙසකින් සමාව නොදෙන බවත් රාජ්‍ය නිළධාරින් අතඑසවුයේ නම් එයට නිසි උපරිම දඬුවම අදාල තැනැත්තාට ලැබිය දඬුවම් යුතු බවත්ය.

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article