spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ නේවාසික රෝගින්ගෙන් 64% කට ඩෙංගු !

Must read

dav

මීගමුව සහ අවට කේන්ද්‍රකොට ගෙන කඩිනම් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් තිබුනද මීගමුව රෝහල කරා එන ඩෙංගු රෝගින් ගණනේ කැපිපෙනෙන අඩුවක් තවමත් නැත.
ඊයේ දිනයේ මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගින් ගණන 583 කි.මේ අය දැනට රෝහල තුල ස්ථාපිත වාට්ටු 9 කදි ප්‍රතිකාර ලබති.
ඒ සැම සදහා ඇති ඇදන් සංඛ්‍යාව ඊයේ දිනය වන විට 371 කි.
ජනපතිගේ පැමිණිමෙන් පසු මීගමුව රෝහල ඉලක්ක කොට ගෙන අමතර කාර්ය මණ්ඩල අමතර වාට්ටු මෙන්ම ඇදන්ද සෑහෙන ප්‍රමාණයක් ලැබි තිබුණි.
එහෙත් අදටත් මේ සැම ඩෙංගු වාට්ටුවකම පාහේ එක ඇදක දෙදෙනා බැගින් රෝගින් සිටිති.එසේවත් ඉඩක් සපයා ගත නොහැකි රෝගින් තවමත් රෙද්දක් එලාගෙන බිම නිදාගන්නා අවස්ථාද වේ .
රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින් ගණන 916 කි.ඩෙංගු රෝගින් ගණන 583 කි එය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මුළු රෝගින් ගණනින් 64% කි.
ඩෙංගු රෝගයේ වර්ධනයේ උච්චතම අවස්ථාව සනිටුහන් කරනු ලබන ජුලි මාසයේ අප තවමත් සිටින්නේ මැදකය.
මෝසම් වැසි සක්‍රිය වුවද එහි වැඩි බලපැමක් සිදුවිය හැකිව ඇත්තේ ඉදිරියේදිය.
ඒ අනුව තවත් ඩෙංගු රෝගින් වැඩිවශයෙන් රෝහල් කරා එනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article