spot_img
spot_img
Sunday, May 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහමොළකරුවෙකු නැති පාස්කු ප්‍රහාරයට මාස 29ක් ?

Must read

බලය වෙනුවෙන් කෑදරවුවන් විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් වෙනුවෙන් අහිසංක ජිවිත සිය ගණනක් බිලිගත් පාස්කු ඉරුදින ප්‍රහාරයට අදට මාස 29 ක් ගෙවි හමාරය.
ප්‍රහාරය සිදුව දින කිපයක් තුල රටේ ජාතික ආරක්ෂාව ස්ථාපිත කිරිම සදහා තමන් ජනපතිවරණයට ඉදිරිපත් වනවා යැයි එදා ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණි.
බලයට පැමිණ වසර ඒකාමාරකටත් වඩා ගියදි පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන තවමත් කථාවක් නැත.
මුල් කාලයේ සිටම රාජපක්ෂලාට පාස්කු ප්‍රහාරයත් සමගින් හුරතල් වෙන්නට අතදිගහැර ඉඩ සලසා දි තිබුන කාර්දිනල් හිමි දැන් ගියර් මාරුකොට රාජපක්ෂලා දෙසට ඇගිල්ල දිගු කරන්නට පටන් ගෙනය.
එයට සුපුරුදු පිළිතුරු සපයමින් රාජපක්ෂලා විසින් සිය ජාතිවාදි අන්තවාදි දඩ බල්ලන් මුදා හැර තිබේ. ජාතික නාලිකාවල දොරවල් මේ අන්තවාදය වෙනුවෙන් දැන් විවර වෙමින් තිබේ.
මිගමුව කටුවාපිටියේ බෝම්බයෙන් විපතට පත් අති බහුතරයක් දෙනා තවමත් මහමොළකරුවන් කව්දැයි හෙළකරන ලෙස ඉල්ලා පසුගිය කාලය තුල ඉතාමත් සුලු පිරිසක් විසින් නැගු හඩට තවමත් එක්වන බවක් පෙනෙන්නට නැත.
ඒ් අයට ඒකවන ලෙස කියන්නට කටුවාපිටියේ පල්ලියේ පියතුමන්ලගේ කොළ කොඩි වැනෙන පාටක් පෙනෙන්නටද නැත.
මේ පසුබිම තුල 29 වන මාසයද ඔහේ ගෙවි යන්නට නියමිතව තිබේ.
මේ අතර පාස්කු ප්‍රහාරයෙන් පිඩාවට පත් ජනයාට යුක්තිය ඉටුකරනු යැයි දැන් එතෙර ශ්‍රිලාංකිකයන් පවා දැන් පාරවල් වලට එන්නට පටන් ගෙනය.


- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article