spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහළු මවක් නිවාස අඩස්සියේ තබාගැනිමේ සිදුවිමට ආදලව කටානේ පොලිසියේ ලොක්කන්ට එරෙහිව චෝදනා රැසක් !

Must read

මහළු මවක් කටාන පොලිස් බලප්‍රදේශය තුල නිවාස අඩස්සියේ තබාගැනිම සහ කෲර ලෙස සැලකීම සම්බන්ධයෙන් කාන්තාවකට එරෙහිව පැමිණිලි කිපයක්ම පොලිසිය වෙත සිදුකර ඇතැයි වාර්තා වේ.

මෙම කාන්තාවගේ අමානුෂික හැසිරිම නිසා මේ මහළු මවට තම ස්වාමි පුරුෂයාගේ සුව දුක් දැනගැනිමට හෝ ඔහුට කතා කිරිමට පවා අවස්ථාවක් ලැබි තිබුනේ නැත.

මෙම අතිශය මානුෂික කාරණය පිළිබදව කටාන පොලිසියේ ප්‍රධාන නිලධාරින්ගේ වගකිම් විරහිතභාවය මේ වන විට සැබැවින්ම විවේචනයට ලක්ව ඇත.

මෙහි අවසනාවන්තම සිදුවිම වන්නේ මාස දෙකකටත් අධික කාලයක් පුරා සිය බිරිඳ ගැන කිසිදු විස්තරයක් හෝ දැනගැනිම ට ⁣නොහැකිවිම නිසා සිත්තැවුලට පත්ව සිය රෝගි තත්වය උත්සන්නවි මේ පවුලේ මහළු පියාට ජිවිතයෙන් සමුගැනිමටද සිදුව තිබිමය.

මෙම බේදවාචකය ගැන කරුණු සහිතව කටාන පොලිසියේ ආදල බලධාරින්ව අවස්ථා ගණනාවකදි දැනුවත් කර තිබුණද විශේෂයෙන්ම සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ⁣හේරත් නැමැත්තා පක්ෂපාති නොවන ආකාරයෙන් කටයුතු කිරිම පිලිබඳව බරපතල චෝදනාවක් පවති.

වෘත්තිය සදාචාරයක් නැති පොලිස් නිලධාරින්

වෘත්තිය සදාචාරය තඹ පයිසෙකටවත් නොසලකා මෙම සිදුවිමේදි ඔහු හැසිරි තිබේ.

මේ මහළු මව නිවාස අඩස්සියේ තබාගෙන සිටි නිවස අංක 34/174 / දොන් ඩේවිඩ් මාවත,කදිරාන , යන ලිපිනයේ පිහිටා ඇති අතර එහි හිමිකරු වන මේ මහළු මවගේ පුතා ලන්ඩන් නුවර වාසය කරන්නෙකු බවද සඳහන්ය.ඔහුගේ අනුදැනුම මත මේ මහළු මවව මෙම නිවසට කැදවාගෙන පැමිණ ඇතැයි කියන වෙන්නප්පුවේ පදිංචි කාන්තාවකට සහ ඇගේ නිතිඥ දියණියට එරෙහිවද මේ වන විට චෝදනා එල්ලවී තිබේ. ( CIB3192/44)

මේ සියලු දෙනා එක්ව මේ මහළු යුවලගේ මුලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇති අකාරය ඉතා පැහැදිලිය.

මහළු පියෙකුගේ මරණයට වගකිවයුත්තෝ කව්ද ?

වසර 65 කට වැඩි කාලයක් අඹු සැමියන් ලෙස එකට ජිවත්වු මේ දෙදෙනා වෙන් කොට දෙතැනක තැබිමට කටයුතු කළ සියළු දෙනා සිය පියාගේ මරණයට වගකිව යුතුව ඇතැයි පැමිණිලිකාර දියණිය විසින් පවසා සිටි. සිය පියාගේ මරණයටවත් සහභාගි විමට නොපැමිණි ලන්ඩන් පුතා සිය සේවිකාවට එල්ලවි ඇති චෝදනාවක් සදහා පැමිණිලි විභාගයට එංගලන්තයේ සිට සැප්තැම්බර් 04 වෙනිදා ලංකාවට පැමිණ තිබුණි,

මෙම පියාගේ මළගෙදරටවත් නොපැමිණි ලන්ඩන් පුතා සේවිකාව බේරාගැනිමට ලංකාවට එයි

මෙම සේවිකාවට එරෙහි පැමිණිලි විභාගය සැප්තැම්බර් 07 වනදා වෙන්නප්පුව පොලිසියේදි පැවැත්වුණි.මෙම පැමිණිලි විභාගය මිට කලින් යොදාගෙන තිබුණද කුමුදු නැමැති කාන්තාව කියා තිබුනේ මළගෙයක් නිසා ඇයට පැමිණිමට නොහැකි බවය .කෙසේ වෙතත් පසුව පැහැදිලි වි තිබුනේ සිය ලන්ඩන් හාම්පුතා තමන් වෙනුවෙන් ඉදිරිපත් විමට පැමිණෙන තෙක් ඇය කල්ගත් බවයි.

මෙම මව රඳවා ගත් දින සිට ඇයගේ දියණියට හෝ ස්වාමි පුරුෂයාට කතා කිරීමට ඉඩ නොදීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට වෙන්නප්පුව පොලීසියට පැමිණෙන ලෙස කරන ලද දැනුම්දීම් වලට මෙම සේවිකාව පැමිණීම මීට පෙරද ප්‍රතික්ෂේප කර ඇත.


වාර්තා වන අන්දමට දැනට ලන්ඩනයේ පදිංචිව සිටින මේ පුද්ගලයා මේ නව නිවස හැදිමෙන් අනතුරුව වසරක පමණ කාලයක් කදිරානේ පිහිටි මෙම නිවසේ ජීවත්වී ඇති අතර තම දෙමව්පියන් ගෙන්වා අඩුම තරමින් එය දැකබලාගැනිමට හෝ දෙමාපියන්ට නිවාඩුවක් ගතකිරීමට හෝ මෙම නිවසට ගෙන්වාගෙන නොමැත. එම වසරක කාලය තුළ සිය මහලු දෙමව්පියන්ට සත්කාර කිරීමට හෝ ඔවුන්ට උපස්ථාන කිරීමට කිසිදු කාලයක් වැය කර නැතැයිද චෝදනා එල්ල වි ඇත.

සිය මවට දොර වහපු පුතා !

මහළු මව සිය පුතා විසින් තනා ඇතැයි කියන තෙමහල් නිවස බැලිමේ ආසවෙන් පසුවුනද ඊට අවස්ථාව නොලැබුන නිසා 2023 පෙබරවාරි 27 වන දින ඇය නිවස දැක බලාගැනිමට එහි ගොස් තිබුන අවස්ථාවේ ලන්ඩන් පුතා විසින් කුමුදු නැමැති සිය සේවිකාවට අණ කර තිබුනේ අම්මාව ඇතුලට ගැනිමට දොර විවෘත නොකරන ලෙසය.
මේ මහළු මව පැයකට ආසන්න කාලයක් එහි රැදි සිට කිසිවෙකුත් දොර විවෘත කිරිමට නොපැමිණි නිසා මහත් දුකෙන් යලිත් වෙන්නප්පුවේ සිය නිවස වෙතට පැමිණ තිබේ.

තතු එසේවි තිබියදි පසුගිය මැයි මාසයේදි සති දෙකකට පමණක් යැයි කියා මෙම නිවසට රැගෙන ආ මහළු මව යළිත් සිය වෙන්නප්පුවේ නිවසට ගෙන්වාගෙන තිබුනේ ඇගේ සැමියාගේ අවමංගල්‍ය කටයුතු සදහාය.

මේ අනුව මාස තුනකට ආසන්න කාලයක් මේ මහළු මවට පවුලේ කිසිවෙකුටත් ඇයව බැහැදැකිමට නොදි , කතා කිරිමටවත් අවස්ථාවක්වත් ලබා නොදෙමින් කෲර ලෙසින් හැසිරි තිබුන කුමුදු නැමැති සේවිකාව සිදුකර ඇති අපරාධමය වරදට එරෙහිව නිතිය උපරිම අයුරින් ක්‍රියාත්මක කිරිමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව පැමිණිලිකාරිය අප කළ විමසුමකදි කියා සිටියාය.

තමන්ට තම පවුලේ අයත් සමගින් කතා කිරිමට අදාල කාන්තාව ඉඩනොදුන් බවට වු කටඋත්තරයක්ද වෙන්නප්පුව පොලිසියට මේ මහළු මව විසින් ද ලබා දි තිබේ. වෙන්නප්පුව පොලිසියේ නිළධාරියෙකු ඇගේ නිවසට පැමිණ මේ කටඋත්තරය ගෙන තිබුනේ අගෝස්තු 21 වනදාය.

⁣මෙම අතිශය අමානුෂික සිදුවිම කටාන පොලිසියේ සුලු පැමිණිලි අංශයට මෙන්ම ස්ථානාධිපති වරයා වෙතටද යොමුකර තිබුණද, ඔවුන්ගෙන් කිසිදු සාධාරණයක් ඉටු නොවුන බව පැමිණිලිකාරිය පවසා සිටි.

දශක ගණනාවක් තිස්සේ මේ දෙමව්පියන් රැක බලාගෙන ඔවුන් සමගින් නිවසේ ජිවත්වු දියණියක සිටියදි නොදන්නා කාන්තාවක් යටතට මේ මහළු මවගේ ඉරණම පත්කිරිම ගැටළුකාරි බව කියමින් කටාන පොලිස් ස්ථානාධිපතිවරයා හමුවූ මෙම පැමිණිලිකාරියට ඔහු පවසා තිබුනේ මව සුදුසු භාරකාරිත්වයකට පැවරිම සදහා අධිකරණය වෙත යොමුකිරිමට එදිනම කටයුතු කරන බවය.


ඔහු මෙම සිදුවිම අධිකරණයට යොමුකරනවා යැයි කියා තිබුනේ පසුගිය ජුලි මාසයේ 11 වනදාය.. එහෙත් මෙම ක්‍රියාමාර්ගය ගැනිමට පොලිසිය අපොහොසත් වි තිබුණි. පොලීසිය ක්‍රියාමාර්ගයක් ගනු ඇතැයි දියණිය බලාගෙන සිටි අතර දිනෙන් දිනම පියාගේ අසනිප තත්වය බරපල විය.ඔහු පාකින්සන් රෝගයෙන් පෙළුන වයස අවුරුදු 89ක අයෙකි.

මේ අතර තම පියාට අසාද්‍ය බවද ඔහුට එක වරක් හෝ අම්මාගේ කටහඩ අසන්නට දුරකථන ඇමතුමක් ලබාදීමට කටයුතු කරන ලෙස මෙම දියණිය අගොස්තු 13 වනදා රාත්‍රියේදි කටාන ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් කතාකර දැනුම් දී ඇත. ඒ ඉල්ලිම කර තිබුනේ කුමුදු නැමැත්තියට තාත්තාගේ තත්වය ගැන කිමට ගත් දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදක්වා දුරකතනය කාර්ය බහුල බව කියැවෙන සේ (busy mode )තබා ගැනිමට කටයුතු කර තිබුන නිසාවෙනි.

කෙසේ වෙතත් කටාන පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා තිබුනේ හැකිනම් පියාව රැගෙන පොලීසියට පැමිණෙන ලෙසය. ඉතාම දුර්වලව අසනිප තත්වයෙන් පසුවන පියාව පොලිස් ස්ථානයකට රැගෙන එනවා තබා ඔහුව වෛද්‍යවරයා වෙත රැගෙන යන්නේද ඉතාම අසීරුවෙන් බව දියණිය අප සමගින් කියා සිටියාය.

මේ පසුබිම තුල පසුගිය අගොස්තු 14 වනදා මෙම පියාගේ රෝගී තත්ත්වය අසාධ්‍ය වූයෙන් ඔහුය කොළඹ මහ රෝහලට ඇතුළත් කළ අතර 18 වනදා ඔහු මිය ගියේය.

මෙම මානුෂික කාරණයට අදාලව මේ මව සුදුසු භාරකාරිත්වයකට පැවරිම කඩිනමින් අධිකරණයට යොමුකරන බව කටාන පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසා තිබුණද ඔහු ඒ සදහා නිසි පියවරක් ගෙන නොතිබීම හරහා කියැවෙන්නේ කුමක්ද ?

මෙම මවගේ නිසි භාරකාරත්වය අධිකරණය හරහා ලබාදීමට කටයුතු කරන බව දැනුම් දුන්නද ඒ සදහා නීතිමය ප්‍රතිපාදන නොමැති බවද ස්ථානාධිපතිවරයා දැනගත් බවත් මෙම සිදුවීමෙන් මසකටත් පසුව ඔහු මෙම පැමිනිලිකාරියට දැනුම් දී ඇත්තේ මෙම පැමිණිලිකාරිය සැප්තැම්බර් 13 වනදා සිය මව නිවාස අඩස්සියේ බලෙන් රදවා සිටියදී සිදුවූ දේවල් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කරන්නට කටාන පොලිසියට ගිය අවස්ථාවේදිය. අතිශය මානුෂිය කරුණක් අරභයා සිය වගකිම් පැහැර හැරිම ගැන හෘද සාක්ෂියක් මේ නිලධාරින්ට ඇතිද යන්න සැබැවින්ම ගැටලුවකි.

මෙහිදී ස්ථානාධිපතිවරයාට ඔහුගේ තීරණය මීට කලින් පැමිණිලිකාරියට දැනුම් දීමට වෘත්තීය සදාචාරයක් නොතිබුනේ ඇයි දැයි යන ප්‍රශ්නය මතුවෙන අතර එසේ වූවා නම් සිය පියා මියයාමට කලින් තමන්ගේ පියාට සිය බිරිද බලාගැනීමට කුමන හෝ මාර්ගයක් සලසා ගන්නට තමන්ට කටයතු කළහැකිව තිබුණ බව දියනිය පවසා සිටියි.

මෙම සිදුවිමට අදාල වගකිම් විරහිත ලෙසින් වෘත්තිය සදාචාරයට පටහැනිව කටයුතු කර ඇති මේ සියළු නිලධාරින්ට එරෙහිව ඉහල බලධාරින් සිය අවධානය යොමුකළ යුතුව ඇත්තේ මේ වගකිම් විරහිත ක්‍රියා නිසා තවත් අයට ජිවිත වලින් පවා වන්දි ගෙවිමට ඉදිරියේදිද සිදුවිමට ඉඩ ඇති නිසාය.

වසර 65ක් එකට ජිවත්වු මේ යුවලට යළි එකට සිටිමට පසුබිම සකසා දිමට අදාලව කටාන පොලිසියේ වගකිම් විරහිත ක්‍රියාකලාපය සැබැවින්ම පිළිකුල් සහගතය.

වැඩහිටියන්ගේ හා කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීමට පොලීසිය බැදී සිටියද මෙම සිදුවීමේදී පොලිසිය සිය වගකිම් ඉතා පැහැදිලි ලෙස පැහැර හැර තිබේ.

මේ දියණිය කියන කතාව ඇත්තද යන්න වෙන්නප්පුව පොලීසිය හරහා සොයා බලන්නට කටාන පොලීසියට වගකීමක් හෝ වෘත්තිමය සදාචාරයක් නොතිබිම කණගාටුවට කරුණකි.

මේ සිදුවිමේදි කටාන පොලිසියේ වගකිම් විරහිත ක්‍රියාකලාපයට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගැනිමට කිසිසේත්ම පසුබට නොවන බවද පැමිණිලිකාරිය මිපුර වෙබි අඩවිය අමතා කියා සිටියාය.

පසුගියදා මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් පොල්පිතිගම පොලිසියේ නව ගොඩනැගිල්ල විවෘත තරමින් කියා තිබුනේ පොලිසියේ ගෞරවය අභිමානය යළි ස්ථාපිත කළා යැයි කියාය.

එහෙත් කටාන පොලිසියේ ඇතැම් ඉහල නිලධාරින්ගේ ක්‍රියාකලාපය ගැන අවධානය යොමුකරන විට ඉතා පැහැදිලි වන්නේ ඔවුන්මේ පොලිසියේ ගෞරවය මෙන්ම අභිමානය කෙලෙසමින් සිටින බවය.

මෙවැනි නිලධාරින් ගැන මහජන ආරක්ෂක අමාත්‍යවරයා නිසි පියවර ගත යුතුව තිබේ.පොලිසියේ ගෞරවය මෙන්ම අභිමානය සුරැකිය හැක්කේ එය විනාශ කරන අයට නිසි දඩුවම් දිම තුල පමණි


සිදුවීම පෙළ

මැයි 27 – මහළු මව සිය නැගනිය සහ ඇගේ දියනිය සමග මිගමුව කදිරානේ පිහිටි පුතාගේ නිවසට සති දෙකකට යැයි කියා රැගෙන යාම.

මැයි 31 – දියනිය මව සමග කතාකිරීමට අවශ්‍ය බව දුරකථනයෙන් කුමුදු නමැති කාන්තාවට දැනුම් දුන් විට ඒය ප්‍රතික්ෂේප කිරීම.

ජුනි 25 ලන්ඩන් නුවර සිටින හාම්පුතා විසින් සිය සේවිකාවට වට්ස්ඇප් මගින් එවන ලද පැමිණිල්ලක් කටාන පොලිසියට ඉදිරිපත් කර තිබිම . මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පාක්ෂික ආකාරයෙන් කටාන පොලිසියේ සුළු පැමිණිලි අංශයෙ ප්‍රධානියා කටයුතු කර තිබිම

ජූලි 04 – වෙන්නප්පුව පොලීසියට දියණිය විසින් පැමිණිලි කිරීම
‍ජූලි 09 – වෙන්න්පුව පොලිසිය විසින් කුමුදු නමැති සේවිකාව පැමිණිලි විභාගය සදහා කැදවිම – පැමිණිමට නොහැක බව සේවිකාව විසින් දැනුම් දීම
ජුුුලි 10 – වෙන්න්පුව පොලීසිය විසින් කටාන පොලීසියේ කාන්තා හා ළමා කාර්ංශයේ නිලධාරිනිය හමුවන ලෙස ලබාදුන් උපදෙස් මත කටාන පොලීිසියට යාම
ජූලි 10 – මව බලෙන් රැගෙන යාම සම්බන්ධව කටාන පොලීසියේ පැමිනිල්ලක් සටහන් කිරීම. (CIB 1 169 /173)
ජූලි 11 – ජූලි 10 වනදා කළ පැමිනිල්ලට අදාළව කුමුදු නමැති සේවිකාව කැදවා පැමිනිලි විභාගයක් පැවැත්වීම. ( CIB 1 16a /173 )
අගොස්තු 31 – වෙන්නප්පුව පොලීසිය විසින් කුමුදු නමැති කාන්තාවට පැමිණිලි විභාගයකට පැමිණෙන ලෙස දැනුම්දීම
සැප්තැම්බර් 07 – වෙන්නප්පුව පොලිසිය විසින් සිදුකළ පැමිණිලි විභාගය –
සැප්තැම්බර් 14 – කුමුදු නැමැති සේවිකාවට එරෙහි ව වෙන්නප්පුව පොලිසියේ පැමිණිල්ල කටාන පොලිසිය යොමුකිරිමට අදාල විභාගය

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article