spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්ද යනු ලැප්ටෝ 4000 ක වැඩවලින් පරාජය කළහැකි මිනිහෙක් බව ලංසා පිළිගනි.?.

Must read

NImal lansa 10මේ දිනවල මැතිවරණ වේදිකාවේ ඇමති ලංසාගේ කථාවට දැන් අළුත් කෑලි එකතුවෙමින් තිබේ.
තමන් හදපු පාරවල් ගැන පමණක් කියමින් සිටි ලංසා දැන් ජාතික දේශපාලනය යුද්ධය විතරක් නොව ඇමරිකන් විරෝධය ගැනද හඩ නගන්නට පටන්ගෙන තිබේ.
තමන් කියන්නේ මොනවාදැය හරි හැටි නොදත් ඇමති නිමල් ලංසා විසින් එක් වැදගත් දෙයක් රටටම හෙළිකර තිබේ.
ඒ ගැන ඔහු කියන්නේ මෙසේය.
……. යුද්ධය නවත්වන්න කියල  ඇමරිකාව මහින්ද ජනාධිපතිට අණ කළා. ඔහු කොන්ද කෙලින් තියාගෙන යුද්ධ දිගටම කළා ඒ හින්ද ඇමරිකාව ලැප්ටොප් 4000 ක් දිලා මහින්ද රාජපක්ෂව පරාජය කෙරුවා……..
මේ තමයි ඇමති නිමල් ලංසා වත්තල පැත්තේ රැස්විමක වේදිකාවක මහ හයියෙන් කියපු කථාව.
ඔහුගේ මෙම විග්‍රහයට අනුව මහින්ද රාජපක්ෂ යනු ඇමරිකාව විසින් ලබාදුන් ලැප්ටෝ 4000 කින් පරාජය කළ හැකි පුද්ගලයෙකි.
ඒ ඔහු ජනපති සටනට එක්ව සිටියදිය. එනම් මැතිවරණ දිස්ත්‍රික්ක 23 ක් පුරා පැවැති සටනකදිය.
දැන් ඔහු ඉල්ලන්නේ එක් දිස්ත්‍රික්කයටය. එනම් කුරුණැගලට පමණි.
දිස්ත්‍රික් 23 කට ලැප්ටෝප් 4000 ක් නම් එක් දිස්ත්‍රික්කයක සටන කරන්නට ඇවැසි වන්නේ ලැප්ටොප් 173 කි.
මේ අනුව මහින්ද රාජපක්ෂව පරාජය කිරිම මහකජ්පක් නොවන බව කුරුණැගල ප්‍රගතිශිලි ජනයා ඇමති ලංසාගේ මේ විග්‍රහයෙන් උගත යුතු පාඩමයි.

Parliament Election 2015-Meeting held Wattala 29th July

Parliament Election 2015-Meeting held Wattala 29th July

Posted by Nimal Lanza on Wednesday, July 29, 2015

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article