spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහින්ද ‘යූ ටර්න්’ : මළමිනී ගැන තීරණ ගන්නේ අගමැති නොවේ – සුදර්ශනිගෙන් ප්‍රකාශයක්

Must read

 කොවිඩ් ආසාදිත මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ ඒ සම්බන්ධයෙන් පත් කොට ඇති විශේෂඥ කමිටුවේ උපදෙස් අනුව බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා හා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ප්‍රකාශ කර සිටියි.  

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.   මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා රාජ්‍ය අමාත්‍යවරිය ගෙන් විමසා සිටියේ කොවිඩ් මළ සිරුරූ භූමදානය කිරීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය නිකුත් කිරිම කවදා සිදුකරන්නේද යන්නයි.  

ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රකාශ කළේ එම කරුණ සම්බන්ධයෙන් අවසන් තිරණය ගනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත් කර ඇති විශේෂඥ කමිටුව විසින් බවයි.   කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින් ගේ මළ සිරුරූ භූමදානය කිරිමට අවසර ලබා දෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර සිටියේය.     

අගමැතිට ජාත්‍යන්තර ප්‍රසාදය :    

  ශ්‍රී ලංකා අගමැතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් කොවිඩ් 19 වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයින් භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම ගැන පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් වහාම සිය ප්‍රසාදය පළ කර තිබිණ.  

ImranTw

   මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලෙට්ස් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, අගමැතිවරයාගේ තීරණය අගය කරන අතර ශ්‍රී ලංකාව අන්තර්ජාතික සෞඛ්‍ය පිළිවෙතට අනුගතවීම හා ආගමික අයිතීන්ට ගරු කිරීම ධනාත්මක පියවරක් ලෙස සලකන බවය.

148669869 5730392103653331 2134898209018330178 n

බදියුදීන් ස්තුතිය පළකරයි :

ඒ අතර සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් ඊයේ ට්විටර් පණිවිඩයක් නිකුත්කරමින් ප්‍රකාශකර සිටියේ, කොරෝනා ආසාදිත මෘත දේහයන් භූමදානය කිරීම සඳහා අවසර ලබා දීම සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂට ස්තුතිවන්ත වන බවයි.   අගමැතිවරයාගේ ප්‍රකාශය ඉක්මනින්ම ක්‍රියාත්මක වනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, මේ වෙනුවෙන් පෙනී සිට අත්වැල් බැඳගත් සැමට තම ස්තුතිය පිරිනමන බවත්  ඔහු සඳහන් කර තිබිණ.      

  හිටපු කතානායකත් සතුට පළකරයි :  

  කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ භූමදානය කිරීම සඳහා  අවසර දෙන බවට අගමැති මහින්ද රාජපක්‍ෂ විසින් සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳව ‘සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය’ ද ප්‍රසාදය පල කර තිබේ.   රජය ගත් මෙම තීරණය ලෝක සෞඛ්‍ය සංවිධානය, ශ්‍රී ලංකාවේ විශේෂඥ කමිටු වාර්තා දෙකක් හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිදු කරන ලද නිර්දේශයන් ද සැලකිල්ලට ගෙන සිදු කරන ලද තීරණයක් වන්නේ යැයි තම සංවිධානයේ විශ්වාසය යයි එම සංවිධානයේ සභාපති කරු ජයසුරිය මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.  

      ”අගමැතිතුමාගේ ප්‍රකාශය රටේ සංහිදියාව පිලිබදව සැලකීමේදී අතිශය වැදගත් තීරණයකි. එමෙන්ම ආගමික හා වාර්ගික වෙනස්කම් පිටු දැකීමකි. සමස්තයක් වශයෙන් සැලකීමේදී විද්‍යාත්මක පදනමක පිහිටා ගනු ලැබූ තීරණයක් ලෙසද සැලකිය හැකිය.” – හිටපු කතානායක කරු ජයසුරිය     

  අගමැති මහින්ද රාජපක්‍ෂ විසින් ප්‍රකාශිත මෙම තීරණය එතුමන්ගේ දේශපාලනික පරිණතභාවය පිළිබද පැහැදිලි කරන්නක් බවද කරු ජයසුරිය කියා සිටියි.    එමෙන්ම මෑත කාලයේ රටේ සමහර ජන කොටස් අතර ගොඩනැගී තිබූ සිත්වේදනාවන් සමනය කිරීමට ගනු ලැබූ ප්‍රශස්ත ක්‍රියාමාර්ගයක් බවද පවසන කරු ජයසුරිය හිටපු කතානායක වරයා, ”සාධාරණ සාමාජයක් පිලිබදව අපේක්ෂා සහගතව ඒ වෙනුවෙන් කටයුතු කරන සිවිල් පුරවැසි සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය රජයගත් මෙම තීරණය අතිශයින්ම අගය කරන අතර එය නොපමාව ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදවනු ඇතැයි අපේක්‍ෂා කරන්නෙමු.

” සිය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

    හතර වටෙන් එල්ලවූ බලපෑම :    

කොවිඩ් ආසාදනයෙන් මිය දෙන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට අනුමැතිය ලබාදුන් බවක් අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් ඉඟි කිරීමත් සමග ආණ්ඩුවට පක්ෂපාති ජාතිකවාදී සංවිධාන වලින් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයක් එල්ලවිය.   කෙසේවුවද මේ සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක් අද දිනයේ ප්‍රකාශයට පත්කරන්නේදද්යි ‘ද ලීඩර්’ ඊයේ රාත්‍රී  අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමක දී ඔහු පැවසුයේ, කොවිඩ් ආසාදනයෙන් මිය දෙන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට අගමැතිවරයා අනුමැතිය දී ඇතැයි පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවයි.

  ‘කොවිඩ් මෘතදේහ භූමදානය ඉඩ දෙන කතාවක් අගමැති කියලා නැහැ ?’ 

යන ශීර්ෂයෙන් යුතුව අප ඊයේ රාත්‍රීයේ ම විශේෂ පුවතක් ලෙස එය වාර්තා කළේය.       කෙසේවුවද අගමැතිවරයාගේ ප්‍රකාශයට පාදකවූ ප්‍රශ්නය ඊයේ දිනයේ දී පාර්ලිමේන්තුවේදී විමසා සිටි සජබ මන්ත්‍රී එස්.එම්. මරික්කාර් අද පෙරවරුවේ විශේෂ පුවත්පත් සාකච්ජාවක් කැඳවමින් මෙසේ අදහස් දැක්විය.    

theleader.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article