spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහ කොමසාරිස් උතුරේ දෙමළ ජනතාව මුණගැසීම සහ හිටපු මහජන ආරක්ෂක ඇමැතිගේ කෝපය?

Must read

යාපනයේදී, කිලිනොච්චියේදී සහ මුලතිව්හිදී හමුවූ පුද්ගලයන් සමග ‘යුක්තිය හා වගඋත්තරදායකත්වය නොමැති වීම ඇතුළු සමාජ/ දේශපාලනික කරුණු සාකච්ඡා කළ’ බව කැනඩා නියෝජිතයා පවසා තිබුණේ යැයි ද ලිඩර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණ අතර මහ කොමසාරිස් උතුරේ දෙමළ ජනතාව මුණගැසීම හිටපු මහජන ආරක්ෂක ඇමැතිගේ කෝපයට හේතුවී තිබුන බවද එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

‘අවුරුදු 2000 කට වඩා පැරණි දාගැබක් විනාශ කිරීමට තැත් කළ’ දෙමළ ජනයා සහ ඔවුන්ගේ දේශපාලකයන් (රවිහරන්) ‘හමුවීමට ඔහු (මහ කොමසාරිස් වොල්ෂ්) යයි’ යනුවෙන් රියර් අද්මිරාල් සරත් වීරසේකර සමාජ මාධ්‍ය යොදා ගනිමින් ප්‍රකාශ කර තිබුණි

Sarath w
මේ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් කියා සිටියේ කුරුන්තුර්මලේ පොංගල් පුජාව කඩාකප්පල් කිරීම මගින් පෙන්නුම් කරන්නේ බෞද්ධ භික්ෂුන්, සිංහල අන්තවාදී කණ්ඩායම් හා පොලිසිය විසින් දෙමළ ජනයාට එරෙහිව කෙරෙන කරදර හිරිහැර නිමාවක් නොමැති බවයි.

” දෙමළ ජනයාගේ ආගමික නිදහසට එල්ල කෙරෙන ප්‍රහාරයන් ගැන ජාත්‍යන්තර අවධානය යොමු වෙන්න ඕනා, ” යැයි දෙමළ ජාතික සන්ධානයේ නායකයා පවසන්නේ කුරුන්තුර් මලේ සිදුවීම පිළිකුලෙන් හෙළා දකිමිනි.

බෞද්ධ භික්ෂුන් හා සිංහල කණ්ඩායමක් සමග කුරුන්තුර්මලේ පුරාවිද්‍යා වැඩබිමට කඩා වැදී අධිකරණ විමර්ශන වලට බාධා කළ, පසුව පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගනිමින්, මුලතිව් මහේස්ත්‍රාත්වරයාට තර්ජනය කළ ආණ්ඩුවේ මන්ත්‍රී සරත් වීරසේකරට එරෙහිව බලධාරීන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.

බලය බෙදිම සම්බන්ධයෙන් ජනපති සහ දමිල දේශපාලන නියෝජිතයන් විසින් සාකච්ජවක නිරතව සිටි.
මේ අතර සරත් විරසේකර වැනි ජාතිවාදි දේශපාලකයන් සිංහල ජනයා උසිගන්වන සුළු ප්‍රකාශ සිදුකරමින් සංහිදියා විරෝධි කුමන්ත්‍රණයකට මුල පුරා ඇති බව පෙනේ .

මේ අවස්ථාවදි සරත්ලාගේ ජාතිවාදි දේශපාලනය ගැන දකුණේ ඊනියා වාම කණ්ඩායම්ද අද මුනිවත රකිම්න් සිටිති.
උතුරු නැගෙනහිර ජනයාට අදාලව මේ වාම කණ්ඩායම් තරගයට මෙන්ම මේ දිනවල කලු ජුලිය සමරනවා යැයි කියමින් මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටි

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article