spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මහ සිකුරාදා වෙනුවෙන් මිගමුවේ හැදෙන කෑම

Must read

ඊයේ 29 වෙනිදාට යෙදුන මහ සිකුරාදා දිනය මෙන්ම හෙට එළඹෙන ජෙසුස් ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වන දිනය  පාස්කුව ලෙස නම් කෙරෙනවා.

කිස්තු තුමන්ගේ ජිවිත පරිතයාගය තෙක් දින 40 ් උපාවාස කරන කතෝලික බැතිමතුන්  මස් මාංශ වලින් වැලකි සිටිති. මහ සිකුරාදා උන්වහන්සේ ගේ කුරුස ඇන ගැසිමෙන් පසු කිරිබත්. කිරිපැණි . කැද ආදි ආහාර සකස් කොටගෙන දේවස්ථාන වලදී පූජාව අතරතුර එම චාරිත්‍ර ඉටුකරති.

සමහරුන් දේවස්ථානයේ පිටදිත් බනිස් , කැද දාන දෙති. මහ සිකුරාදා දිනයේ මීගමුවේ දේවස්ථාන අසල අධික ලෙස කජු වෙළෙන්දියන් කජු අළෙවිකරනු ලබයි. එයට හේතුව සම්ප්‍රදායක් ලෙස මීගමුවේ ධීවර ජනතාව මහ සිකුරාදා රාත්‍රියට ආහාරය පිණිස කජු තෙල් දමා වෑංජනයක් සකස් කර ඊට කලපු ඉස්සෝ (පොඩි ඉස්සෝ ) තෙල් දමා , වට්ටක්කා උයා ආහාරයට ගැනීමයි. මෙය මිගමුවේ ධිවර ජනතාව අතර ප්‍රසිද්ද මහ සිකුරාදා සිදුකෙරෙන චාරිත්‍රයකි. දූව , පිටිපන ප්‍රෙද්ශ වල කලපුවෙන් අල්ලා ගන්නා ගන්නා පොඩි ඉස්සෝ සමග ඉදෙන කිරිබත් දානයක්ද  දිම ධීවරයින්ගේ චාරිතයකි.

මේ අතර සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන පෙරියමුල්ලේ ගාමිණි රෝහිත හෙවත් ජුඩ් සෑම වසරකම මහසිකුරාදා දිනයේ දේව මෙහය අවසන්ව පැමිණෙන බැතිමතුන් වෙත කැඳ දානයක් පිලියෙල කර තිබේ.

සුදුලුණු මෙන්ම මුං ද ඇතුලත්  පිසෙන මේ කැද දානය සැබැවින්ම රසවත් එකක් බව දන්වා බැතිමතුන් දේව මෙහෙය අවසන එහි පැමිණෙති.
දැනට වසර කිපයක සිට මේ කැද දානය බෙදා දෙන මොහොතේ එයට සහය දිම සදහා මුස්ලිම් සහෝදරයන්ට පැමිණිම තවත් විශේෂයක් වි තිබේ

 

පාස්කු දින මහසිකුරාදා මීගමුවට පැමිණි කජු වෙළෙන්දියන්ට අත මිට සරුවන දවසක් බවට පත්විය කජු කිලෝවක් රුපියල් 4400ක් බැගින් වෙළඳම්කර හොඳ ආදායමක් උපයාගත් බව එම අය පැවසුහ.  මීගමුව ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට මාර්ගයේ කජු වෙළඳාමේ යෙදී සිටි පිරිස -රේමන්ඩ් අපෝන්සු
සෑම මහසිකුරාදා දිනයකම සවස ජූඩ් මහත්මා විසින් සිදුකරන කැද දානය. මෙම කැද දානය වසරකට වරක් පෙරියමුල්ලේදි පවත්වනු ලැබේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article