spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මළමිනිවලින් මෘතශරිරාගාරය පිරෙයි?

Must read

මීගමුව, දිස්ත්‍රික් රෝහලේ ඇති මෘතශරීරාගාරය හෙවත් මෝචරිය පිලිබදව පසුගිය දිනවලදී වැඩි දෙනෙකු අතර කථාබහට ලක් වී තිබුණි. ඒ සදහා හේතු වුයේ මෘතශරීරාගාරයේ තැන්පත් කරන මළ සිරුරු ප්‍රමානය වැඩි වී එවායින් සමහර ඒවා නරක් වී මෘතශරීරාගාරය ප්‍රදේශය පුරාම මහත් දුර්ඝන්ධයක් ඇති වී තිඛෙන බවට සමහර පොලිස් නිලධාරීන් සහ  එම ප්‍රදේශයට යනෙන පිරිස් විසින් අවධාරණය කිරීමයි. විශේෂයෙන්ම මෘත ශරීරාගාරයේ මළ සිරුරු තැන්පත් කරන ශිතාගාර කිහිපයක්ම අක්‍රිය වී ඇති අතර මේ වන විට ඉන් ක්‍රියාත්මක තත්වයේ ඇත්තේ එක් ශීතාගාරයක් පමනී.
මේ හේතුව නිසා මෘතශරීරාගාරයේ සමහර දිනවල තැන්පත් කරන මළ සිරුර ප්‍රමානය වැඩි වී ඇති බවත් එවැනි අවස්ථාවල සමහර මළ සිරුර ශිතාගාරවලින් පිටත ට්‍රොලී වල පවා තැන්පත් කර ඇති බවත් වාර්තා විය.
ඒ නිසා මෘතශරීරාගාරයේ දැනට අකි්‍රය වී ඇති අනෙක් ශාතාගාර ඉතා ඉක්මනින් අඵත් වැඩියා කරන්නට අවශ්‍යව තිබියදී එය පැහැර හැර ඇතැයිද ද මීගමු රෝහලේ සහ මෘතශරීරාගරයේ  පරිපාලනය ට චෝදනා එල්ල විය.
මේ සියළු කරුණු කාරණා පසුගිය දිනවල පලවූ ජාතික පුවත් පත් වලද වාර්තා වී තිබිණි.
මේ තත්වය පිලිබදව කල විමසීමකදී මිගමුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය නිලධාරි දයාපාල මහතා සදහන් කාලේ මෙවැනි අදහසකි.
— මේ මෝචරියේ අඩුපාඩු ගනනාවක් තියෙනවා. නමුත් මම ඒවා ගැන මේ වෙලාවේ කතා කරන්න උත්සක කරන්නේ නැහැ. පසුගිය කාලයේ මෝචරියේ ඇති ප්‍රහ්ණය ගැන කෙටියෙන් පැහැදිලි කිරිමක් කරන්න කැමතියි.
මේ මෝචරියේ ශිතාගාර කිහිපයක්ම තියෙනවා. ඒත් ඒවා බොහෝමයක් මේ වන විට ක්‍රියාවිරහිතයි. මෝචරියේ එලියේ තියෙනවා ශිතාගාර 02 ක්. ඒවාගේම මෝචරිය ඇතුලේ 03 ක් තියෙනවා. මේ එලියේ තියෙන 02 යි ඇතුලේ ඇති 02 කුයි පරණ ඒවා.
ඒ 04 ම කාලයක් තිස්සේ අළුත් වැඩියා කර කර පාච්චියට අරන් තියෙනවා. හැබැයි මේ වන විට ඒ 04 ම අළුත් වැඩියා කල නොහැකි මට්ටමට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ වෙද්දී මෝචරියේ තියෙන්නේ මේ ළගදී මෝචරියට ලැබුන එක ශිතාගාරයක් පමනයි.
මේ ශිතාගාරයක මුලික විදිහට තැන්පත් කරන්න පුළුවන් මළ සිරුරු 04 ක් පමනයි.
නමුත් එහි ෙදගුණයක් වැඩි කරලා දාන්න පුළුවන් ඒ කියන්නේ මළ සිරුරු 08 ක්.
නමුත් දැන්වෙලා තියෙන්නේ මළ සිරුරු 08 ක් නෙමෙයි ඊට වඩා බොහෝම වැඩි ගනනක් මෙහි තැන්පත් කර ගන්න අපට සිද්ධ වෙලා තියෙනවා.
සමාන්‍යයෙන් මෝචරියට මළ සිරුරු තැන්පත් කිරීමේ කාර්්‍යය මාර්ග කිහිපයකින්ම සිදු වෙනවා.
එකක් තමයි මීගමු රෝහලේ වාට්ටුවල ප්‍රතිකාර ලබා මිය යන අයගේ මළසිරුරු. ඒවාත් කොටස් 02 කට ඛෙදන්න පුළුවන්.
ඒ කියන්නේ ඥාතීන් සිටින සහ ඥාතීන් නොමැති ස්ථීර භාරකාරත්වයක් නොමැති හදුනා නොගත් අයගේ මළ සිරුරු. ඥාතීන් සිටින අයගේ නම් මල සිරුරු දින කිහිපයකින්ම මෝචරියෙන් අරගෙන යනවා. නමුත් හදුනා නොගත් මල සිරුරු කාලයක් මෝචරියේ තැන්පත් කරලා තියෙනවා.
ඒවාගේමයි ප්‍රදේශයේ හදිසි අනතුරු වලින් මිය යන අයගේ මළ සිරුරුත් තැන්පත් කරන්න වෙන්නේ මේ මෝචරියේමය්ි. ඒවායේත් පෙර පරිදි ඥාතීන් සිටින සහ ඥාතීන් නොමැති භාරකාරත්වයක් නොමැති හදුනා නොගත් යනුයෙන් කොටස් 02 ක් තියෙනවා.
ඊට අමතරව මේ ප්‍රදේශය වටා තියෙන පොලිස් ස්ථාන වලට අයත් ඒ ඒ බල ප්‍රදේශවලින් සොයා ගැනෙන මළ සිරුරුත් තැන්පත් කරන්න වෙන්නේ මේ මෝචරියේමයි. එලෙසම තවත් විශේ්ෂ කාරණාවක් තියෙනවා, ඒ තමයි සමහර මළ සිරුරු වලින් වැඩි දුර පරීක්ෂන සදහා යැවෙන සමහර ශරීර කොටස් ඒ පරීක්ෂන වලට යැවීම සදහා තැන්පත් කර තියෙන්නේත් මේ මෝචරියේ දැනට තියෙන මේ ශීතාගාරයේම තමයි.
ඒකට වෙනමම ශිතකරණ පහසුකම් මේවන තෙක්ම මේ මෝචරියේ නැහැ. ඒවාගේම ගැබිණි මව්වරුන් ගේ දරු උපතේදී ඉවත් කෙරෙන වැදමහ වැනි ශරීර කොටස් ඒවා නියමිත පරිදි විනාශ කරන්නට එම කොන්ත්‍රාත්කරු පැමිණෙන තුරු ( මෙම කොන්ත්‍රාත්කරු පැමිණෙන්නේ මසකට දෙවතාවක් පමණි. ) ඒවා ගබඩා කර තියෙන්නෙත් මෝචරියේ මේ තියෙන ශිතාගාරයේමයි. දැන් ඔය අතරේදී මේ ප්‍රදේශයේ විදේශිකයකුගේ මළ සිරුරක් එහෙම මෝචරියට තැන්පත් කිරීමට ගෙනාවොත් එය එම විදේශයේ සිටින එම විදේශිකයාගේ ඥාතීන් පැමිණ අදාල තානපති කාර්්‍යාලය හරහා නීතිමය කාර්්‍යයන් රාශියක් කරලා තමයි මළ සිරුර රැගෙන යාමට හැකි වන්නේ.
එතෙක් සෑහෙන කාලයක් මාසයකට අධික කාලයක් වුනත් ඒ මළ සිරුර මෝචරියේ තබා ගත යුතුයි.  එවැනි අවස්ථාවක අපි මුලිකත්වය දෙනවා මොකද එවැනි විදේශිකයකුගේ මළ සිරුර නරක් නොවී අප තබා ගත යුතුයි. එලෙස නොවුන හොත් එය අපේ පමනක් නොවෙයි මුළු රටේම කීර්ති නාමයට විශාල කැලලක් සිද්ධ වෙනවා.
පසුගිය කාලයේ මෝචරියේ හදුනා නොගත් මළ සිරුරු ගනනාවක්ම තිබුනා. ඔය අතරතුරේ රෝහලේ වාට්ටු වල සිටි ඥාතීන් ඇති අයෙකු හදිසියේවත් මිය හොත් ඊට ප්‍රමුඛත්වය ලබා දීමට එනම් ඥාතීන් අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරගන්නා තෙක් ශිතාගාර වල ඇති හදුනානොගත් මල සිරුරු යම් කාලසීමාවකට පිටතින් තබමින් ඒ මළ සිරුර ඥාතීන් රැගෙන යන තෙක් ශිතාගාරයේ තැන්පත් කරන්න සිදුවෙනවා. ඔන්න ඔවැනි තත්වයක් තමයි පසුගිය කාලයේ සිදු වුයේ. මෙහි සම්පුර්ණ වගකීම පොලිසිය ගත යුතුයි. මොකද හදුනා නොගත් මල සිරුරු පිලිබදව ඔවුන් මුලිකත්වය ගත යුතුයි. එවැනි මළ සිරුරු පිලිබදව පුවත්පත් වල පල කිරීමෙන් අදාල මළ සිරුර ඡයාරූප ගත කර තබාගෙන ඒවා වහාම භූමදානය කිරීමට කටයුතු කල යුතුයි. එහෙත් පසුගිය කාලයේ මෝචරියට ගෙනා හදුනානොගත් මළ සිරුරු සම්බන්ධයෙන් පොලිසිය ඉක්මන් කි්‍රයාමාර්ග ගෙන තිබුනේ නැහැ. සමාන්‍යයෙන් සති 02 ක් ඇතුලත එම හදුනානොගත් මළ සිරුරු සම්බන්ධයෙන් අවශ්‍ය කඩිනම් නීතිමය කටයුතු පොලිසියට සිදු කල හැකියිත නමුත් පොලිසිය එසේ කලේ නැහැ.
තවමත් මේ මෝචරියේ මෙතෙක් හදුනා නොගත් මළ සිරුරු 06 ක් තැන්පත් කරලා තියෙනවා. ඒවායින් සමහර මළ සිරුරු මාස 02 ක් පමන කල්ගත වී ඇති ඒවාද තිඛෙනවා. මේ තත්වය අපි හරිහැටි අවබෝධ කරගෙන වැඩ කටයුතු කල යුතුයි. මෙහි වගකීම රෝහලටවත්, මෝචරියේ කාර්්‍ය මන්ඩලයටවත් ගන්න බැහැ. මේ ප්‍රශ්ණය විසදියයුත්තේ පොලිසිය විසිනුයි ˜ .

මීගමු දිස්තී්‍රක් රෝහලේ වෛද්‍ය අධිකාරී ඒ.ආර්.එම්. තවුෆික් මහතා පවසන්නේ මෙවන් අදහසකි.
— අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ පිලිගත යුතුයි මේ මෝචරියේ විාශාල අඩුපාඩු ගනනාවක්ම තියෙනවා කියන එකත් අදට ගැලපෙන විදිහට මේ මෝචරිය නවීකරණය විය යුතුයි කියලත්. නමුත් මේ පසුගිය කාලයේ මෝචරියේ ඇති වු තත්වයට වගකිව යුත්තේ සම්පුර්ණයෙන්ම පොලිසියයි. මොකද හදුනානොගත් මළ සිරුරු ගනනාවක්ම මේ මෝචරියේ තැන්පත් කරලා ඒ මළ සිරුරු ගැන අවසන් තීන්දුවකට එන්න ඒ අය අපොහොසත් වෙලා තියෙනවා. සමාන්‍යයෙන් හදුනානොගත් මළ සිරුරක් මෝචරියට ගෙනාපුවාහම ඒ  මළ සිරුරේ අදාල වන ඥාතීන් හෝ භාරකරුවන් හොයන්න පොලිසිය මුලිකව කටයුතු කල යුතුයි.
ඒ මළ සිරුරේ ඡායාරූප පත්තර වල පල කරලා එහෙමත් නැතිනම් ඒ ඥාතීන් හෝ භාරකරුවන් ඉදිරිපත්වන්නේ නැතිනම් රජයේ වියදමින් ඒ මළ සිරුර භුමදානය කරන්න පොලිසිය කටයුතු කල යුතුයි. නමුත් මෙහිදී ඒ කාර්්‍යය පොලිසිය අතින් සිදු වෙලා නැහැ.
මේ මෝචරියට පොලිසිය ගෙනත් දාලා තියෙනවා මාස ගනනකකට කලින් මළ සිරුරු ගනානාවක්ම.  ඒවා තවමත් මෝචරියේ තියෙනවා. නමුත් ඒ මල සිරුරු ගැන පොලිසිය මොකුත් කරලා නැහැ මේ වන තෙක්ම. සාමාන්‍යයෙන් සති 02 ක් ඇතුලතදී හදුනා නොගත්ත මළ සිරුරක කටයුතු නිමාවට පත් කරන්න  පොලිසියට පුඵවන්. නමුත් මීගමුවේ එහෙම වුනේ නැහැ. මෙන්න මේ තත්වය තමයි පසුගිය දිනවල මීගමුව මෝචරියේත් සිදු වුනේ.
මේ ගැන පොලිසියේ ඉහල නිලධාරීන්ටත් මම මේ වෙන කොට ලිඛිතවම දැනුම්දෙන්නට කටයුතු කලා. එහෙම ප්‍රශ්ණයක් තියෙනවානම් පොලිසියේ නිලධාරීන්ට තිබුනේ පත්තර වලට කියලා නිවුස් දාන එක නෙමෙයි. අපිත් එක්ක ඇවිත් කතා කරන එකයි. නමුත් මෙතෙක් කිසිම පොලිස් නිලධාරියෙක් මා සමග මෝචරිය සම්බන්ධව වචනයක් වත් කථා කරන්න පැමිණිලා නැහැ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article