spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාතර නාගරික කොමසාරිස්තුමා සහ මීගමුවේ කොමසාරිස්තුමා

Must read

මාතර කොමසාරිස්වරයා විසින් මාධ්‍යවේදි ප්‍රෙඩීගමගේ පිළිගත් අවස්ථාව ...
මාතර කොමසාරිස්වරයා විසින් මාධ්‍යවේදි ප්‍රෙඩීගමගේ පිළිගත් අවස්ථාව …

පසුගියදා උතුරේ සිට දකුණට පැමිණි මාධ්‍යවේදින් හට අමතක නොවන අත්දැකිමක් ජිවිතයට එකතුකර දෙන්නට මාතර මහනගර සභාවේ නාගරික කොමසාරිස්තුමා ඇතුළු එහි සේවක මණ්ඩලය කටයුතු කර තිබුණි.
ඒ දකුණට පැමිණි මාධ්‍යවේදින්ව බුලත් හුරුළු දි ආදරයෙන් පිළිගෙන නගර ශාලවේදි කෑම බිම පිළියෙල කොට දි අගනා උත්සවයක්ද සංවිධානය කරමිනි.
ඒය ඇත්තටම ථෙතිහාසිකය.Matara commitioner
යහපාලනය තුල එය අනිවාර්යෙන්ම ඉතිහාසයට එක්වනු ඇත.
මෙසේ ඉතිහාසයට එක්වු තවත් නගර සභාවක් තිබේ.
එනම් මීගමුව මහනගර සභාවයි.
එහි නාගරික කොමසාරිස්වරයාද එලෙසින්ම ඉතිහාසයට එක්ව තිබේ.
එනම් ලංකාවේ පළාත් පාලන ඉතිහාසය තුල මහසභා රැස්විමක් වාර්ථා කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදියෙකුට අංක තහඩු නැති යතුරුපැදියකින් මුහුණු ආවරණය කොට පැමිණ මැරයන් දෙදෙනෙකු විසින් නගර සභා පරිශ්‍රයේදි පොල්ලකින් පහර දිම හේතුවෙනි.
මීගමුව එවැනි අරාජික තත්වයකට පත්වන්නට මීගමුව නගාරික කොමසාරිස්වරයාද වගකිව යුතුව තිබේ.
මේ මැර ප්‍රහාරයකට එක්ව සිටි එක් අයෙකු සේවාමුරය රපෝර්තු කොට පැමිණි නගර සභා සේවකයෙකි.
ඔහු නගර සභාවෙන් පඩිගෙන නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාගේ ආවතේව කම් කළ අයෙකි.
ඔහු සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගන්නට නාගරික කොමසාරිස්වරයා අපොහොසත්විම යනු එය ඔහුගේ වරදකි.
එපමණක්ද නොව පරිපාලන අධිකාරියේ ප්‍රධානියා ලෙස සිය සේවාවේ නිළධාරින් මෙන්ම නිළධාරිණියන්ගේද ගරුත්වය මෙන්ම ආරක්ෂාවද සලසා දිම කොමසාරිස්වරයාගේද වගකිමකි.
තතු එසේව තිබියදි නගර සභා ධුරාවලියේ දෙවැන්නා වන ලේකම්වරියට හිටපු නියෝජ්‍ය නගරාධිපති පරුෂ වචනයෙන් බැනවැදිම හේතුවෙන් රෝහල්ගත කරන්නට තරම් තත්වයක් මතුව තිබුනද ඒ ගැන කිසිදු වගක් නාගරික කොමසාරිස් හට තිබුනේ නැත.
එමෙන්ම කූට ලේඛන සකසා අතටම අසුවු සේවකයෙකු පිලිබදව අභ්‍යන්තර පරික්ෂණයක්ද සිදුකළ යුතුව තිබියදි එකි සේවකයා විසින් සංවිධානය කළ සාදයට යාම තුලින් නාගරිකකොමසාරිස්වරයාද එලිපිට සියඹලා අනුභව කරන්නට යෙදුණි.
මේ සියලු වර්ධනයන් ඔස්සේ යළි යළිත් මතුව ආවේ මීගමුවකොමසාරිස්වරයාගේ අසාර්ථක භාවය ගැනය.
මේ අනුව බලන කළ මාතර නාගරික කොමසාරිස්තුමා සහ මීගමුවකොමසාරිස්තුමා අහසට පොළොව මෙනි…..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article