spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව බිච් පාක් එකට පැමිණ අහිමිවන අහිංසක ජිවිතවලට ලංසා පවුල වගකිව යුතුයි ?

Must read

beach prk 4මීගමුව වෙරළ උද්‍යානය යනු දැන් බිළිගන්නා තැනක් බවට පත්ව හමාරය.මීට දින කිපයකට ඉහතදිද කුලියාපිටියේ සිට පැමිණ තිබුණ දෙදෙනෙකු බිච් පාක් එක අසල මුහුදේ දියනෑමට යෑම හේතුවෙන් මිය ගොස් තිබුණි.
මේ අනුව මෙහි  පැමිණ නිසි තතු නොදැන මුහුදේ දියනෑමට යාම හේතුවෙන් මේ දක්වා අහිමිවු ජිවිත විශාලය.
එහෙත් ඒ ගැන වගක්ගන්නේ නැතිව සිටිමට එය පාලනය කරන  ලංසා පවුල තීරණය කර ඇති සෙයකි.
ගෙවුණ දශකයකටත් වැඩි කාලයක් මේ වෙරළ තීරය බලහත්කාරයෙන් අල්ලාගෙන එහි ජනයාගෙන් කප්පම් ගන්නා කල්ලියකගේ ග්‍රහණයට හසුව ඇත.
මේ කල්ලියේ නායකයා වන්නේ යහපාලන රජයේ අමැතිවරයෙකු වු නිමල් ලංසාගේ පියායය.
දියනෑමට යන ජනයාට එහි ඇති ආනාරක්ෂිත බව කියා දෙන්නට කිසිදු අවැසිතාවක් ඇමති ලංසාගේ පියාට හෝ ඔහුගේ කප්පම් කල්ලි සමාජිකයන්ට නැත.
එබැවින් මෙහි ඇති අනාරක්ෂිත බව ගැන කියන්නට වැඩපිළිවෙලක් නැත.
එමෙන්ම ජිවිත රැකගැනිම සදහා වන ජිවිත ආරක්ෂක භට කණ්ඩායමක්ද එහි නැත.
මේ සියල්ලේ ප්‍රථිපලය වන්නේ අවම තරමින් මසට දෙතුන් දෙනෙකු බිලිගන්නා තත්වයක් නිර්මාණය වි තිබිමය.
මේ භායනක තත්වය ගැන ඇමති ලංසා විසින් සමසභාපතිත්වය දැරු මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේද අවධානයට යොමුකර තිබුණි.
එහෙත් කිසිදු ප්‍රගතියක් අපට නම් නොපෙණුනි.
ජීවිත බිලිගැනිම දිගටම සිදුවේ.

Save

Save

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article