spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යවේදින්ට එරෙහිව මැර ක්‍රියා සිදුකළ රාජපක්ෂ රෙජිමයේ මීගමු නියෝජිතයන්ට යළිත් ඡන්දය දෙමුද ?

Must read

Thusan dan MR

FG attack 1මීගමුව මහනගර සභා පරිශ්‍රයේදි මහසභා රැස්විම වාර්ථා කිරිමට ගොස් පැමිණෙමින් සිටි මාධ්‍යවේදියෙකුට මුහුණු ආවරණය කොට වැහි කබා පැළද අංක තහඩු නොමැති යතුරු පැදියකින් මහදවල් පැමිණ පොල්ලකින් මාරාන්තික ප්‍රහාරයක් එල්ල කර තිබිම චිකාගෝ පන්නයේම වැඩක් මිස පුංචි රෝමය යැයි කියාගන්නා කතෝලික පුරවරයක නම් කිසිසේත්ම සිදුවිය හැක්කක් නොවේ .

හන්දියක් ගානේ සුරුවම් තිබුනද ඒ සියල්ල මදි යැයි කියා මීගමුව නගරයේ ආරක්ෂාවට යැයි කියා නගර මධ්‍යයේ වු ඔරලෝසු කණුවේ මුදුනෙහිද මරිය මව්තුමියගේ ප්‍රතිමාවක් තබා තිබුණද දැන් මීගමුවේ සිදුවන්නේ මාෆියා තාලේ වැඩය.
මේවා ගැන මීගමුව පල්ලියේ පියතුමන්ලා ඇත්තටම කම්පා  විය යුතුය.
නැතිනම් ලැජ්ජා විය යුතුය.
එහෙත් මේ දෙකන් එකක් වත් නොවන බවද අපි දන්නේ මේ සිදුවිම පිළිබදව අවධානය යොමුකරන පියතුමන්ලා සිටියේ ඉතා අතලොස්සක් බැවිනි.
මාධ්‍යවේදින් සහ මාධ්‍ය සේවකයන්ගේ ජිවිත 44 ක් බිළිගත් රාජපක්ෂ රෙජිමයේ මැර පාලනයෙන් රට මුදාගැනිමෙන් අනතුරුව යහපාලන රජය යටතේ මාධ්‍යවේදියෙකු හට එල්ලකරන ලද පළමු ප්‍රහාරය වන්නේද මෙයයි .
IMG-20160604-WA0008පහරදිම සදහා මැරයන් විසින් භාවිතා කරන ලද පොල්ල …
dayan may day
මෙම පහරදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ විසින් කරන ජනමාධ්‍ය හමුවේ කරන්නට යෙදුන මුල් ප්‍රකාශයේදී මෙම පහරදීමට මීගමුව නගර සභාවේ උප නගරාධීපති වශයෙන් කටයුතු කරන දයාන් ලාන්සා සහ ඔහුගේ පියා වන පිලේන්ද්‍රන් ලාන්සා යන අයවලුන් සම්බන්ධ බවට තමන් සැකකරන බවට  සදහන් කර ඇත.
ඒ අනුව දයාන් ලාන්සා යන අයට අයත් අංක 077 3922922 සහ 077 74 27 714 යන ජංගම දුරකථන අංක වලට ද පිලේන්දුන් ලාන්සා යන අයට අයත් අංක 077 7708609 දරන ජංගම දුරකථන ද සවිස්තර විස්තර වාර්තා ලබාගෙන ඇත.

මේ අනුව මෙම වාර්තා විශ්ලේශනය කිරීමේදී සිද්ධිය වු දින එනම් 2016.06.02 වන දින දයාන් ලාන්සා යන අයට අයත් අංක  077 3922922 ජංගම දුරකතනයට සහ අංක 077 7117225 දරන ජංගම දුරකථනය අතර උදෑසන පැය 8.25 සිට පැය 13.47 දක්වා අතර කාලයේ දුරකථන සංවාද 13ක් පමණ සිදුවී ඇත. ඊට පෙර මෙම ජංගම දුරකථන අතර 2016.05.01 දින සිට 2016.0602 වන දින දක්වා වෙනත් දිනවල සංවාද සිදුවු බවට විමර්ශනයේදී හෙළවී නැත. තවද මීට අමතරව 2016.06.02 වන දින 072 9942608 දරන ජංගම දුරකථනයෙන්ද දයාන් ලාන්සා යන අයට අයත්  077 39 22922 දරණ දුරකථනය සමග සංවාද දෙකක් සිදුවී ඇත.

මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට පහර දුන් දයාන්ගේ ගෝලයා තුෂාන් නාමල් සමග පාද යත්‍රාවේ

මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේට පහර දුන් දයාන්ගේ ගෝලයා තුෂාන් නාමල් සමග පාද යත්‍රාවේ

දායන් ලංසා ,මාධ්‍යෙව්දි ප්‍රෙඩි ගමගේට පහර දුන් මැරයාද සමගින්

දායන් ලංසා ,මාධ්‍යෙව්දි ප්‍රෙඩි ගමගේට පහර දුන් මැරයාද සමගින්

මෙම අනාවරණය වූ අංක 077 7117225 දරණ ජංගම දුරකථන අංකය සහ 072 9942608 දරණ ජංගම දුරකථන අංක වලට අයත් සිම්පත් පරීක්ෂා කිරීමේදී දැනට අත්අඩංගුවේ පසුවන සැකකරු වන අඹගහගේ තුෂාන් ක්‍රිස්මාල් ප්‍රනාන්දු යන අයගේ ජංගම දුරකථනයේ තිබී සොයාගෙන ඇත.
(උපුටා ගැනිම b වාර්ථාවෙනි)????????????????????????????????????
පැමිණිලි කරු විසින් ඉතා පැහැදිලි ලෙස සිය පැමිණිල්ලේ පුද්ගලයෙකුගේ නම සදහන් කරමින් චෝදනාවක් ඉදිරිපත් කොට තිබේ.
එපමණක් නොව අදාල පුද්ගලයා විසින් 2016.5.17 වනදා දුරකථන ඇමතුමක් ලබාදෙමින් තමන්ට එක්තරා ආකාරයක අනතුරු ඇගවිමක්ද කර ඇති බව පැමිණිලේම සදහන්ය.
දිනපතා විශාල වශයෙන් ප්‍රසිද්ධියට පත්ව මාධ්‍ය වාර්ථා ඔස්සේද පැමිණිලි කරු කියා සිටියේ මේ ප්‍රහාරයේ මහමොළකරු මීගමුව මහනගර සභාවේ දයාන් ලංසා බවය.
1.පොලිසි බි වාර්ථාව විසින්ම දුරකථන දත්ත විස්තර මගින් සපයා ඇති කරුණු අනුව අදාල මැරයා සහ දයාන් ලංසා අතර පැය 5.25 තුල දුරකථන සංවාද 16 ක් සිදුව තිබේ.
ඒ වේලාව යනු මීගමුව මහනගර සභාවේ මහසභා රැස්විම පවත්වන වේලාවයි. දායන් ලංසා යනු උප නගරාධිපතිවරයායි.එසේ නම් මීගමුව මහනගර සභාවේ කම්කරුවෙකුට මහසභා රැස්විම පවත්වන අවස්ථාවේදි දුරකථන ඇමතුම් 16 ක් ගන්නට තරම් වැදගත් දෙයක් තිබිය හැකිද ?
2.මෙහිදි අපවිසින් මතුකරනු ලබන 2 වන අවධාරණය වනුයේ සිය රාජකාරි වේලාව තුල නගර සභාව තුලට අංක තහඩු නොමැති යතුරුපැදියකින් පැමිණ මහනගර සභාවේ මාසික රැස්විම වාර්ථා කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදියෙකුට මරාන්තික පොලු ප්‍රහාරයක් එල්ල කළ සුළු සේවකයෙකුට නැවත රැකියා ලබාදෙන්නට නාගරික කොමසාරිස්වරයා කටයුතු කර තිබුනේ  කෙසේද යන්නයි.
නඩුවක් අවසානයේදි හෝ පොලිස් පරික්ෂණ අවසානයේදි හෝ ඔප්පු වන තුරු බලා සිටිමට අවැසි නොවන  මරාන්තික වැරදි කිපයක් මේ සේවකයා විසින් සිදුකර ඇති බව ඉතා පැහැදිලිය.
තතු එසේව තිබියදි අභ්‍යන්තර පරික්ෂණයක් පවත්වා මෙසේ විනය විරෝධි කටයුතු රැසක් සිදුකළ සුළු සේවකයෙකු නැවත කිසිදු ලැජ්ජාවකින් තොරව සේවය ලබා දි ඇත්තේ කෙසේද යන්න යහපාලන රජයේ බලධාරින් විසින් ලොවටම ප්‍රකාශ කර සිටි යුතුවේ
මේ සියළු මජර ක්‍රියාවලට සම්බන්ධ ලංස පවුල දැන් යළිත් වරක් මීගමුවේ ජනයා ඉදිරියට පැමිණෙමින් ඡන්දය ඉල්ලන්නේ කුමකටද?
ගෙවුණ දශ වසක පාලනය යටතේ මීගමුව දැනටමත් චිකාගේ පන්නයේ නගරය වි හමාරය.

.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article