spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාධ්‍යවේදී මනෝජ්ට සාධාරණය ඉටුකරන තුරු සටන් කරනවා !ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකමුතුව අවධාරණය කරයි !

Must read

මනෝජ්

අපි එකම රෑනේ කුරුල්ලෝ කියලා කථාවක් තියෙනවා ඔව් අපි මාධ්ය වේදීන් හැටියට එකම රෑනේ නැතිනම් එකම රැහේ මිනිසුන් කොටසක් මේ අතර ඉන්න අසහනකාරී පාපතර අදහස් සහිත පුද්ගලයෙකු නිසා සමස්ත මාධ්යවේදීන් සමාජයේ කොල්ලකරුවන් පාතාල කරුවන් බවට පත්වීම හරහා උතුම් මාධ්ය වෘතිය හෑල්ලුවට ලක්කිරීමට එරෙහිව අප සංගමයක් වශයෙන් මැදිහත් වන්නෙමු!!

මෙවැනි මිනිසුන් මාධ්ය වෘතියෙන් එලවා දැමීම දක්වා පෙරට පැමිණෙන ලෙස ගම්පහ දිස්ත්රික්කයේ සමස්ථ මාධ්යවේදී ඔබසැමට ආරාධනය කරමි!! ගම්පහ මාධ්ය එකමුතුව බිහිවන්නේ අප සහෝදර මාධ්ය කරුවන්ට සිදුකරන ලද තර්ජන පහරදීම් ඇතුළු දහසක් වද වේදනාවන් වලට ලක් කිරීමට එරෙහිව සමස්ථ ගම්පහ මාධ්යවේදීන් අප එකමුතුව වටා අත්වැල් බැද ගනීම සිදුකරන ලදී අවස්ථාවාදී මාධ්ය කරුවන් විසින් අප සංගමයේ සමගිය විසුරුවා හැරීමට අවස්ථා ගණනාවකදී විවිධ වැඩසටහන් ක්රියාත්මක කලද ඒ සියල්ල අසාර්ථ උත්සාහයන් බවට පත්වන ලදී
මේ කියන මාධ්ය කරුවා ද එම උත්සාහය වෙනුවෙන් බොහෝ වැඩ කොටසක් තිරය පිටුපස සිටිමින් ඉටුකරන ලදී ඒ සියල්ල මෙම මාධ්යවේදියා යයි කියනා පුද්ගලයාට වාසි වන වටපිටාවක් නිර්මාණය කරගැනීමේ අරමුණ වෙනුවෙන් දියත්වන ලදී එදා තාවකාලික පරාජයක් ලැබූ අප සංගමය අද යෝධ පියවරක් තබමින් සියනෑවේ සමස්ථ මාධ්ය වේදීන් අප සමග නැවත අත්වැල් බැදගනිමින් සිටීම ඉවසා ගැනීමට නොහැකි මෙම පුද්ගලයා අප සහෝදරයා මාධ්යවේදී මනෝජ් එදිරිසිංහ හට එල්ල කරන නිර්ලජ්ජිත ප්රහාරය සිදුකරන්නේ තවත් මාධ්යවේදියෙකු යයි කියනා පුද්ගලයෙකු සමග වීම විශේෂත්වයකි මෙම මාධ්යකරුවන් දෙදෙනා යතුරු පැදියෙන් පැමිණ මග හරස්කර පහරදීම සිදුකර ඇත

මේ සිද්ධියෙන් තුවාල ලබන අප සහෝදර මාධ්යවේදියා දැනට මීරිගම රෝහලේ ප්රතිකාර ලබන අතර මේ සම්බන්ධයෙන් දැනට නිට්ටඹුව පොලීසියේ පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඊයේ සවස සිට මේ වනතුරු අදාල තක්කඩි මාධ්යවේදියා අත්අඩංගුවට ගැනීමට සමත්ව නොමැත. ඉහල පොලිස් නිලධාරීන් නොමග යවමින් නොයෙක් බොරු කථා ගොතමින් දැනට සමාජයෙන් වසන්ව සිටින මෙම මාධ්යවේදියා යයි කියනා පුද්ගලයා අත්අඩංගුවට ගන්නා තුරු අපගේ සටන නොනවතින බව අවධාරණය කරමි. අද රාත්රී දිනය තුල අදාල මධ්යව්දියා පොලිස් අත්අඩංගුවට ගන්නා බවට නිට්ටඹුව පොලීසිය සදහන් කර ඇත.

නීතිය ,මනුස්සකම ,සමාජය සහ යහ පැවැත්ම යන්න කුමක්ද කියා නොදන්නා මෙවැනි මාධ්යවේදීන් මාධ්ය කලාව අනාගතයේ රැගෙන යන්නේ කොතනටද කියා ගැටළුවක් ඇත. පසුගිය සමයේ හිටපු ජනාධිපතිනිය අපහසු තාවයට පත්වන අයුරින් පුවත් නිර්මාණය කිරීම හරහා හිටපු ජනාධිපතිතුමිය සමග විරසකයක් සදා එයද පුවත් බවට පත්කළ මේ පුද්ගලයා අධික මත්පැන් පානය කිරීම හේතුවෙන් සහ වේයන්ගොඩ ප්රදේශයේදී ලංගම බස් කොන්දොස්තර වරයෙකුට පහරදීම නිසා වේයන්ගොඩ පොලීසිය මගින් අත්තනගල්ල අධිකරණයේ නඩු දෙකක් පවා මේවන විට විභාග වෙමින් ඇත.

මෙවැනි චෝදනා ඇති පුද්ගලයෙකු මාධ්යවේදියෙකු වන්නේ කෙසේද අපට ඇති ගැටලුව ඔහුගේ පුවත් වාර්තාකරණය නොවන අතර මේ නොමනා හැසිරීම පමණි මෙවැනි පුද්ගලයන් මාධ්යවේදීන් වශයෙන් සලකන්නේ කෙසේද??? අප මේ සම්බන්ධයෙන් ජනමාධ්ය අමාත්ය තුමන්ට රජයේ ප්රවුරුති අධ්යක්ෂක තුමන් වෙත සහ මෙරට සියලු ජනමාධ්ය සංගම් වෙත මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරන අතර සහෝදර මාධ්යවේදී මනෝජ් එදිරිසිංහ වෙනුවෙන් අප සංගමය හැටියටත් මාධ්යවේදීන් වශයෙනුත් උපරිම මැදිහත් කිරීම සිදුකරන අතර මනෝජ්ට සාධාරණය ඉටුකරන තුරු තක්කඩි මාධ්යවේදියාට නීතිය ක්රියාත්මක කරන තුරු අප බලා සිටින්නෙමු !!!!
මෙයට සහෝදර මාධ්යවේදී ඔබ වෙනුවෙන්
ගම්පහ දිස්ත්රික් ජනමාධ්ය එකමුතුව
 
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article