මාරාන්තික ඩෙංගු අවධානම ගැන මීගමුව ප්‍රාදේශීය ලේකම්වරියගෙන් ජනතාවට ආයාචනයක්. …

0
194

 

මේ වනවිට මීගමුව පුරවරය තුළ දැඩි ඩෙංගු අවදානමක් පවතී. එලෙසම ගතවෙන සෑම මොහොතක් පාසාම ඩෙංගු රෝගය ඉතාමත් සීඝ්‍රයෙන් මීගමුව පුරවරය තුළ ව්‍යාප්ත වෙමින් පවතී. රාජ්‍ය අංශයේ, සෞඛ්‍ය අංශ විසින් කොතරම් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කලත් ජනතාවගේ සහභාගීත්වයක් සහ ජනතාවගේ සහයෝගය නොමැතිව එම මර්ධන වැඩසටහන් සාර්ථක වෙන ආකාරයක් ද දක්නට නොලැබේ.
මෙවන් තත්ත්වයක් තුළ මීගමුව පුරවරය මාරාන්තික ඩෙංගු අධි අවදානම් කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතී. එවැනි අධි අවදානම්කාරී තත්ත්වයකින් මීගමුව පුරවරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මීගමුව පුරවරයේ ප්‍රධාන රාජ්‍ය නිලධාරිනිය වන මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි මහත්මිය විසින් සමස්ථ මීගමුව ජනතාව වෙත ආයාචනයක් ඉදිරිපත් කර තිබේ. මෙහි පහත පලවන්නේ ප්‍රාදේශීය ලේකම්වරිය විසින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන මාරාන්තික ඩෙංගු වසංගතයෙන් මීගමුව පුරවරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මීගමුවේ වෙසෙන සමස්ත ජනතාවගෙන් කරන ලද එම කාරුණික ආයාචනයයි.

“” මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මේ වන විට දැඩි ලෙස ඩෙංගු උණ රෝගය පැතිරීමේ අවදානම් සහිත ග්‍රාම නිලධාරී වසම් 02 ක් හඳුනාගෙන තියෙනවා .. ඒ උතුරු මුන්නක්කරය සහ නැගෙනහිර වැල්ලවීදිය කියන වසම් දෙක.. ඔබ මේ වෙනකොටත් හොඳින්ම දන්නව ඇති තවත් ග්‍රාම නිලධරී වසම් වල ඩෙංගු රෝගීන් සීඝ්‍රයෙන් වාර්තා වෙනවා. ඉතිං මේ තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයම දැඩි මාරාන්තික අවදානමකට ලක් වෙන්න පුලුවන් .. දැනටමත් පුරෝකතනයන් සිදු කරලා තියෙනවා සෞඛ්‍ය අංශ මගින් ඉදිරියේදී මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය දැඩි ඩෙංගු අවධානම් තත්ත්වයකට පත්විය හැකි බවට.. ඉතින් ඒ නිසා මේ වෙලාවේ අප සියලූම දෙනා එකතු වෙන්න ඕනා, ග්‍රාම නිලධාරී වසම් වල ප්‍රජා ශක්ති කමිටු , රාජ්‍ය නිලධාරීන්, ග්‍රාම සංවර්ධන සමිති, කාන්තා සමිති ඇතුලු ස්වේච්ඡා සමිති සමාගම් වගේම පොදු මහජනතාව මේ කාර්යයට එකතු වෙන්න ඕන.. තමන්ගේ නිවාස පිරිසිදු කරගන්න.. පොදු ස්ථාන පිරිසුදු කරගන්න.. අත්හැරලා දාලා තියෙන භාවිතයෙන් තොර නිවාස ඉඩම් වගේ තැන් පවිත්‍ර කරගන්න..
ආගමික ස්ථාන ,පාසල් ,රාජ්‍ය ආයතන ,පුද්ගලික ආයතන පිරිසිදු කරගත යුතු වෙනවා.

ඉතින් අප සියලු දෙනාම එකතු වෙමු . එහෙම නැත්නම් අපි සියලු දෙනාටම මීගමුවේ ජීවත්වීම අසීරු වෙනවා .
ඒ නිසා මීගමුවේ පදිංචි ඔබට, මීගමුව අතහැරලා යන්න බැහැ. ඒක නිසා මේ ඩෙංගු මාරයාගෙන්
මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මුදවගන්න ඕනා. එහෙම වුනොත් තමයි දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින් අපි ඔබ හැමෝම බලාපොරොත්තු වෙන ආකාරයට මීගමුව සියලු දෙනාටම ජීවත් වෙන්න හොඳම පරිසරයක් සහිත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් බවට පත් කරගන්න
පුළුවන් වෙන්නේ.
ඒ නිසා මේ වෙලාවේ දේශපාලන අධිකාරිය , ප්‍රජාශක්ති කමිටු,රාජ්‍ය ආයතන, ස්වේච්ඡා සමිති සමාගම් සියලු දෙනාම එකතුවෙලා ඩෙංගු මාරයාගෙන් මීගමුව ප්‍රදේශිය ලේකම් කොට්ටශ ය මුදව ගන්න , ගන්නාවූ උත්සාහයට අවශ්‍ය සහයෝගය දෙන්න ලබා දෙන්න කියලා හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා . මේ වෙනකොටත් දේශපාලන අධිකාරිය ,ප්‍රජා ශක්ති කමිටු, මීගමුව මහා නගර සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය, ගුවන් හමුදාව , රාජ්‍ය නිලධාරීන් මේ සියලුම දෙනා එකතු වෙලා උත්සාහ ගනිමින් ඉන්නවා මේ උවදුරෙන් මීගමුව ප්‍රදේශිය ලේකම් කොට්ටාශය මුදවා ගන්න .

මේ අවදානම් මොහොතේ ඔබ සියලු දෙනාම මේ කාර්යය සාර්ථක කරගන්න අවශ්‍ය සහයෝගය ලබා දෙන්න කියලා බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා “”.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here