මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩිවීමක්

0
15

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුළ ඩෙංගු රෝග ව්‍යාප්තියේ සීඝ්‍ර වැඩිවීමක් . ……

තවමත් මෙරට වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන පළාත බවට පත්ව ඇත්තේ බස්නාහිර පළාතයි. එම පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව බල ප්‍රදේශය තුළ මේ වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීමේ සීඝ්‍ර වර්ධනයක් ඇති බවට වාර්තා වේ.

ජුනි මාසයේ 19 වැනි දින වන විට, මීගමුවෙන් ඩෙංගු රෝගීන්
97 ක්. ….
වැඩිම, කුරණ ප්‍රදේශයෙන්

මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා පවසන්නේ, ගෙවී යන ජුනි මාසේ 19 වැනි දින වන විට මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කලාපයේ වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන්නේ මීගමුව, කුරණ ප්‍රදේශයෙන් බවයි. විශේෂයෙන්ම මීගමුව බෝලවලාන, කුරණ සහ කුරණ කටුනායක සීමාව දක්වා වූ එකිනෙකට යාව පිහිටි ප්‍රදේශය තුළ ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වන බව ඔහු පවසයි . ඒ අනුව මීගමුව , කුරණ ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 40ක් පමන වාර්තා වන බව ඔහු වැඩි දුරටත් පවසයි.
එලෙසම මීගමුව වැල්ලවීදිය ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 22 නෙකු පමන වාර්තා වන බවත්, එමෙන්ම දළුපත ප්‍රදේශයෙන් රෝගීන් තිදෙනෙකු පමනද , තවද කොචිචිකඩේ, පල්ලන්සේන, දූවන, පොරුතොට, පළඟතුරේ ආදී ප්‍රදේශවලත් , මීගමුව නගරය ආශ්‍රිතවත් ඩෙංගු රෝගීන් වාර්තා වන බවද මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධරී , වෛද්‍ය ජයන්න සිරිවර්ධන මහතා වැඩි දුරටත් අවධාරණය කලේය.
ඒවාගේම පසුගිය දිනවල ඩෙංගු රෝගීන් අඛන්ඩවම වාර්තා වු මීගමුව බන්ධනාගාරයෙන් මේ වන විට ඩෙංගු රෝගීන් වාඒතා නොවුන බවත්, ඒ අනුව මීගමුව බන්ධනාගාරය තුල ඩෙංගු උණ රෝගය ව්‍යාප්ත වීම ක්‍රමානුකූලව පාලනය වී ඇති බවත් වෛද්‍ය ජයන්න සිරිවර්ධන මහතා පැවසයි.
එලෙසම මීගමුව මහා රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ මේ වන විට මීගමුව මහා රෝහ⁣ලේ ඩෙංගු රෝගී වාට්ටුවේ 100 කට අධික රෝගීන් ප්‍රමානයක් නේවාසිකව ප්‍රතිකර ලබන බවයි. එම වාට්ටුවේ ඉඩකඩ මදිවීම හේතුවෙන් විශේෂයෙන් එම වාට්ටුවේ ඇඳන් පහසුකම් නිසි ලෙස සපුරා ගත නොහැකිවීමෙන් සමහර දින වල එක ඇඳක් රෝගීන් දෙදෙනෙකුට ලබා දුන් අවස්ථාද ඇති බවත්, සමහර අවස්ථාවල එම වාට්ටුවේ ඇඳන් යට පවා රෝගීන් තබා ප්‍රතිකාර ලබා දීමට සිදුවූ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය . එලෙසම ඔහු වැඩිදුරටත් අනාවරණය කළේ මෙලෙස මීගමුව මහා රෝහලේ ඩෙංගු වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් වැඩිම ප්‍රමාණයක් මීගමුව ප්‍රදේශයේ ඩෙංගු රෝගීන් නොවන බවයි. විශේෂයෙන්ම ඔහු පෙන්වා දෙන්නේ මීගමුව බල ප්‍රදේශයටත් වඩා ඩෙංගු උණ රෝගය වැඩිපුරම ව්‍යාප්ත වී ඇති මීගමුව බල ප්‍රදේශයට ආසන්න කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් සහ කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් ද විශාල ඩෙංගු රෝගීන් පිරිසක් මීගමුව මහා රෝහලට මේ දිනවල ප්‍රතිකාර පතා පැමිණෙන බවයි.
බොහෝ විට මීගමුව මහා රෝහලේ ඩෙංගු වාට්ටුවේේ දැනට නේවාසිකව ප්‍රතිකාර ලැබීමට රඳවා ගන්නේ ඩෙංගු උණ රෝගය උත්සන්න වී ඇති සහ අසාධ්‍ය තත්ත්වයට පත්වීමට වැඩි ඉඩකඩක් සහිත රෝගීන් පමණි. අනෙක් රෝගීන් හෙවත් ඩෙංගු උණ රෝගී තත්ත්වය යම් තරමකට පාලනය කර ගත හැකි රෝගීන් වේ නම් , එවැනි රෝගීන් තම නිවාස වලම රඳවා ඔවුන් විවේක ගන්වා ඩෙංගු උණ රෝගය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ හා බෙහෙත් ඖෂධ ලබා දෙන බවද මීගමුව මහා රෝහලේ එම ප්‍රකාශකයා වැඩිදුරටත් අප හා පැවසීය.

කෙසේ වෙතත් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි, ජයන්ත සිරිවර්ධන මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඩෙංගු රෝග ව්‍යාප්තිය අවම කර ගැනීමට අඛන්ඩ මහජන සහය අවශ්‍ය බවයි. තමන් වෙසෙන වටපිටාව මෙන්ම, තම ප්‍රදේශයේ ඇති ඩෙංගු මදුරුවන් බෝවන පොදු ස්ථාන පිළිබඳව ද නිරන්තරයෙන් සැලකිලිමත් වී එම පොදු ස්ථාන ද පවිත්‍ර කිරීමට කටයුතු කිරීම මේ අවස්ථාවේ ජනතාවගෙන් සිදුවිය යුතු විශාල කාර්යභාරයක් බවද ඔහු පවසයි.
එලෙසම මීගමුව සෞඛ්‍ය වෛද්‍ය කලාපය තුළ ඩෙංගු මදුරුවන් බෝවග ස්ථාන තිබේ නම් ඒ පිළිබඳව නොපමාව මීගමුව මහා නගර සභාවට අනුයුක්ත මීගමුව, මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයට පැමිණිලි කරන ලෙසද එහි ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී එච්.ඒ.යූ.කේ. ගුණරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

කෙසේ වෙනන් මේ වසරේ මුල් මාස කිහිපය තුළ මීගමුව බල ප්‍රදේශය තුළ අවම මට්ටමක තිබූ ඩෙංගු රෝග ව්‍යාප්තිය මෙලෙස එනම් , ගෙවී යන මේ ජුනි මාසය ආරම්භයේ සිටම සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් නිරන්තරයෙන් ඩෙංගු මර්ධන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුව ඇතිි බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා පවසයි. ඒ අනුව මේ දිනවල මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සියලු වසම්වල සේවය කරන ග්‍රාම නිලධාරීන්ද , එලෙසම සියලු සංවර්ධන නිලධාරීන් සඳහාද මීගමුව බල ප්‍රදේශය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සහ අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව , මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රැස්වීම් කිහිපයක්ම පවත්වා ඇති බවත් වාර්තා විය. එලෙසම රජයේ කාර්යාල, දේවස්ථාන, විහාරස්ථාන වැනි ආගමික ස්ථානද, පාසල් හා වෙනත් වැඩ බිම් ආශ්‍රිත පරිශ්‍රයන්ද නිරන්තර නිරීක්ෂණයන්ට ලක් කිරීමේ ඩෙංගු විමර්ශන වැඩසටහන් සහ දුමායන සේවාවන් රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බවද මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , වෛද්‍ය ජයන්ත සිරිවර්ධන මහතා අප සමග පැවසීය.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here