spot_img
spot_img
Tuesday, May 14, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මාසයයි – මරණ තුනයි දැන්වත් වැලකෙමුද ?

Must read

     ග්‍රීෂ්ම  ඍතුව උදාවීමත් සමගම ජලය සොයා යන්නේ මේ දිනවල  දැනෙන අධික රස්නය හා විඩාව මග හැරවා ගැනීමටය.මෙම කාලයට බොහෝමයක් හට තම රාජකාරි වලින් නිවාඩු ලැබෙන අතර එම නිවාඩු කාලය වෙරළත් සමඟ ගත කිරීමට බොහෝ දෙනෙක්  ප්‍රිය කරති.

      යුරෝපයේ වෙසෙන අපටද මේ දේශගුණ  ඍතූ වලට මුහුණ දීමට සිදු වේ.
සීත කාලයට හිම වැටෙන සීතලටත් රස්නේ කාලයට අධික පෑවිල්ලටද අනුගත වීමට අපට සිදු වේ. අව්වක් වැස්සක් නොබලා අතට ලැබෙන යූරෝ ගැන සිතමින් දිවි ගත කරන ජීවිත අතර දේශගුණය ගැන කුමට වද වෙනවාදයි සමහර මිනිසුන් සිතනු ඇත.  ඒ නිසාවෙන් රස්නේ කාලයට පවා රස්නය නොබලා තම අරමුණ කරා මුදල් සොයයි. එය ඉතාලිය වෙත ආ ශ්‍රී ලාංකීකයන්ට උරුම වේ.  මන්දයත් ජොලි කිරීමට ආපු ගමනක් නොවන නිසාය.

මේ වන විට ඉතාලියට ශ්‍රීෂ්ම ඍතුව උදා වී ඇත. බොහෝමයක් ඉතාලි වැසියන් තම නිවෙස් අත හැර මුහුදූ තීරයට හො වෙනත් සංචාර සඳහා  නිවාඩු යද්දී අප සති අන්තයේ ඇල දොල , විල්  හා මුහුදූ තීර වල කමින් බොමින්,  ගී ගයමින් ප්‍රීති වෙමින් කාලය ගත කරයි.
ගෙවුනු මසක පමණ කාලය තුළ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීකයන් තිදෙනෙක්  ජලයේ ගිලී අකාලයේ මිය ගියේය. මෙම මරණ තුනම වයස 20 ත් 30 ත් අතර මරණ වේ.

මෙසේ මරණ තුනක් මසක් තුල සිදුවීමට එක් එක් හේතු  ඇති   වුවත් මරණ තුනම සිදු වී ඇත්තේ ජලයේ ගිලීය.මෙයට සාධාරණ හේතුවක් විය හැක්කේ පිහිනීමට ඇති නොහැකියාව විය හැකියයි කියමු.නමුත් මෙහි ගැබ්වුනු  තවත් හේතු රාශියක් පෙනේ.

ශ්‍රී ලාංකීකයා ජොලියට බර ජාතියකි. අනිත් අය සමග එකතුවීමට අක්මැත්තක් දක්වන, තම පිරිස ගැන  පමණක්   සිතන ජාතියක් යැයි මම සිතමි.
ඒ නිසාමය අප තැනකට ගිය විට ඉස්සරහට යෑමට අකමැත්තක් දක්වයි.

තවද අනෙකුත් ජාතින් අතර මුහු වීමට ඇකමැති අතර දිය නෑම පිනිස ගංගා හා මුහුදු සොයා ගිය විටද අහු මුලු සොයා යන්නේ කමින් බොමින් ප්‍රීතී වීමටය.ඒ අතර මත්පැන් පානය කරන අතර පසුව ජලයට බැස හෝරා කිහිපයක් ජලයේ ගත කරයි.

පමණට වඩා බීමත්කම

ශ්‍රී ලාංකීකයින් යනු විස්කී බීමට වඩාත් ප්‍රිය කරන ජාතියකි. එහි ගිනස් වාර්තාද තබ ඇත.එක් පුදගලයෙකු මත්පැන භාවිතා කරන ප්‍රමාණය ගත් විට ලංකාව ලෝකයේ කිසිදු රටකට දෙවෙනි  නොවේ. එය සනාථ කරමින් රට ගිය අපේ ඇත්තෝද වාර්තා පිට වාර්ථා තබන්නේය.
පමණට වඩා බීමත්ව මත් වී වින්දනයක් ලැබීමට   වඩාත් ප්‍රිය කරති.
මේ හේතුව නිසාවෙන් කරන කියන දෙයක් ගැනවත් නොතේරන නිසා ගොම ගා ගන්න අවස්ථාද බොහෝය.ඒ හේතුවෙන් හිරේ විලංගුවේ වැටුනු ශ්‍රී ලාංකීකයින්ද මේ ඉතාලියේ නැතුවා නොවේ. රස්නේ කාලයට වඩාත්ම ගැලපෙන්නේ බීර නිසා බීර බෝතල්ද ගණන් කර කර බොති.
ඉන්පසු වතුරට පැන සෙල්ලම් කරයි.වතුරේ වැඩ පෙන්වීමට යයි. ඉන්පසු ගසන කරනම කෙලවර වන්නේ මරණයකින්ය.

තවද වෙලාවක් නොබලා දියට බැසීමට එක් හේතුවකි. පසුගිය දිනක වෙරෝනා හී ගාර්දා ගගේ සිදුවුනු මරණයට එක් හේතුවක් වූයේ කාලයයි.
රෑ 10.30 ගගකට බසින සිරිතක් මොන ලොකයේ ඇත්දැයි මම නොදනිමි.මෙයත් එක් හේතුවකි.මා ඇසූ පරිදි නම් ගාර්දා ගගට රාත්‍රී 7න් පසු බැසීමට නොදෙන අතර එහි නෑමටද විශේෂිත කලාප ඇත.ගාර්දා නදිය තරමක් ගැඹුරු නදියකි. ඉතාලි ජාතිකයන්ට වඩා ජර්මන් ජාතිකයන් මෙහි නෑමට එන බව අසා ඇත.

ආරක්ෂාව ගැන සැලකිලිමත් නොවීම

ගංගා , මුහුදු වල දිය නෑමට යෑමේදී තමන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් නොවීමද එක් හේතුවකි.බොහෝ විට අවධානමක් ගෙන අත්හදා බැලීම් කිරීමට යෑම.උදාහරණයක් ලෙස ජලයේ ගැඹුරට පිහිනීම , දිය යට වී සිටීම වැනි ක්‍රීඩා කිරීම තුලින් අත්පසුවීම් විය හැකිය. එමගින් මරණ සිදුවුනු අවස්ථාද ඇත. විශේෂයෙන්ම නොසිතූ මොහොතක ජලයේ ඇතිවන සුලි නිසා අනතුරු විය හැකිය.  ඒ අතර ආරක්ෂක කබායක් හෝ ජලයේ පාවිමට යොදාගන්නා උපකරණයක් වත් හෝ නොගෙන ජලයේ ක්‍රීඩා කිරීමට යෑම නිසා අනතුරු සිදුවිය හැක. දිය නෑම පිනිස අපි නොදන්නා ගංගාවල් මුහුදු තීර වෙත යයි එහිදී එම ගංගා හෝ මුහුදේ ඇති ගැඹුරත්වය හා ජලයේ ස්වභාවය නොදැන දිය වෙත බැසීම මගින්ද අනතුරු වීමේ අවධානමක් පවතී.

පිහිනීමට ඇති හැකියාව

දියේ ගිලී මිය යෑමේ සිදුවීම් වලට ප්‍රධානතම හේතුවක් වන්නේ පිහිනීමට ඇති නොහැකියාවයි.ඉතාලියේ කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා පිහිනීමට ඇති හැකියාව විශිෂ්ඨය. නමුත් අප ශ්‍රී ලාංකීකයන්ට පිහිනිමේ හැකියාව ඉතා අඩුය.මන්දයත්  ජලයට නිවෙස් වල  කූඩු කර සෑදූ ළමයින්ද විනෝදයට හෝ ගඟක, මුහුදක නෑමට විවේකයක් නැති දේමාපියන්ද නිසා පිහීනීමටවත් හැකියාවක්  නැති පිරිසක් බිහි වී ඇත.  මෙය කොටසකට  පමණක් වලංගු වේ.

ග්‍රීෂ්ම ඍතුව තව මාස දෙකක් පමණ පවතී. තවත් මරණ කීයකට ඉඩ තබමුද ? මේ වන විට මරණ තුනක් සිදු වී අවසන්ය.මින් පසු හෝ ජීවිත ආරක්ෂාව පිළිබඳ ව සැලකිලිමත් විය යුතුය.විනෝද වීම මෙන්ම අකාලයේ සිදුවිය හැකි මරණ සහ ජීවිත  අවධානම පිළිබඳවද ඇස් ඇර බැලීම වැදගත් වේ.

දිල්ශාන් ක්‍රිෂාන්ත තිසේරා
10979415_863949186961007_1891462900_n

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article