spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මැක්ස්ට වෙඩි තබා ඝාතනය කළ විශ්‍රාමික පොලිස් අධිකාරි ක්ලෙමන්ට්ගේ පැටිකිරිය මෙන්න !

Must read

මැක්ස්ට සාධාරණය ඉටුකරන ලෙස රටපුරා විවිධ සමාජ කණ්ඩායම් මේ වන විට පෙළගැසෙමින් සිටිති. මේ බහුතරයක්ගේ විරෝධයේ තරම විනාඩි 5 කට සමාජය මාධ්‍ය තුලට එබි බැලිමෙන් ඔබට තේරුම් යනු ඇත.
මේ වන විට ක්ලෙමන්ට් ප්‍රනාන්දු  වටා සිය වෘත්තිය ජිවිතයත් සමාජය ජිවිතයත් දැඩි විවේචනයකට ලක්කරමින් දැවැන්ත සමාජ මාධ්‍ය විරෝධයක් නිර්මාණය වෙමින් තිබේ. පොලිසිය සම්බන්දයෙන්  මෑත ඉතිහාසය තුල රටේ වැඩිම කථා බහට ලක්වු සිදුවිම බවට මෙය දැන් පත්ව තිබේ.
ඉන් කියැවෙන එක් සත්‍යයක් තිබේ. කිසිවෙකුටත් දැන් වෙට්ටු දමා ඩීල් දමා ඝාතකයා බේරාගැනිමට නොහැකි බවය.
ඒ නිසාම මිගමු පොලිසියේ සිය යුක්තිගරුක බව අපක්ෂපාත බව පෙන්වනු ලබන නවතම ලිට්මස් පරික්ෂණය වනු ඇත්තේ මෙයයි.
මේ පසුබිම තුල මිගමුව පොලිසිය රකින්නට උත්සාහ කරන්නේ නම් එහි අවමානය සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට එල්ලවන බව ඉතා පැහැදිලිය.
මේ ඝාතන චෝදනා ලැබ තිබෙන විශ්‍රාමික පොලිස් අධිකාරිවරයා  පොලිස් පරික්ෂකවරයෙකු ලෙස 2007 දි කටයුතු කර තිබුන අන්දම ගැන පහත හෙළිදරව්වෙන් ඔහුගේ පොලිස්කාර ජිවිතය කෙබදු එකක්දැයි වඩාත් හොදින් හදුනාගත හැකි වනු ඇත.ක්ලෙමන්ට්

max2Max 8

අජිත් ශාන්ත ප්‍රනාන්දු මහතා  මීගමුව පෙරියුමුල්ල, ඇන්තනි පාරේ අංක .51 / 3 හි පදිංචිකරුවෙකි. 2007 මාර්තු 25 වන දින රාත්‍රී 10.00 ට පමණ ඔහු සිය ත්‍රිරෝද රථය පෙරියමුල්ල බස් ඩිපෝ හන්දියේ නවතා තබමින් සිටියදී, මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන පොලිස් පරීක්ෂක (අයිපී) ක්ලෙමන්ට් ප්‍රනාන්දු,   ඔහුගේ යතුරුපැදිය අජිත්ගේ ත්‍රිරෝද රථය අසල ගාල් කළේය. ඔහු සිට ඇත්තේ සිවිල් පිටය.
ක්ලෙමන්ට් ප්‍රනාන්දු වෙතින්  අධික ලෙස මත්පැන් ගඳ වහන වෙමින් තිබි ඇත.
I.P ක්ලෙමන්ට් අජිත්ගෙන් පිහියක් ඇත්දැයි විමසා ඇත.
තමා පිහියක් වැනි කිසිවක් රැගෙන නොගිය බව අජිත් පිළිතුරු දුන් විට, පොලිස් පරීක්ෂක ක්ලෙමන්ට් ප්‍රනාන්දු ඔහුට කෑ ගසමින් පහර දීමට පටන් ගෙන ඇත. අජිත් තම රියදුරු රිෆාස්ට පහර දීමට උත්සාහ කළේ මන්දැයි අසමින් මෙම ඉතාමත් තිරිසන් විදියට පහර දි තිබුණි.

මෙම ප්‍රහාරයේදි පහර කිපයක්ම   අජිත්ගේ පපුවට බෙල්ලට සහ බඩට බරපතල ලෙස එල්ලවි තිබේ.
අජිත් ඔහුගේ නිර්දෝෂී භාවය දැක්වුවද, අයිපී දිගටම ඔහුට පහර දුන්නේය. පහරදීම අවසන් වූ විට අජිත් පරීක්ෂකවරයාට පවසා ඇත්තේ තමාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පොලිසියට යන බවයි.
අයිපී ප්‍රනාන්දු පසුව අජිත්ට තර්ජනය කරමින් කියා සිටියේ, “උඹ පොලිසියට ගියත් උඹට  මට කිසිවක් කළ නොහැකි බවත් . මම පොලිසියට ඇමතුමක් දුන් පසු උඹව  අත්අඩංගුවට ගනු ඇති බවත්ය.

.එදින රාත්‍රියේ අජිත්ට වේදනාව නිසා නිදා ගැනීමට නොහැකි වූ අතර වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාර්තු 26 වන දින අලුයම 1: 15 ට මීගමුව මූලික රෝහලට ගියේය. රෝහලට යන අතරමගදී රථවාහන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් අජිත් නැවැත්වීය. පොලිස් නිලධාරියෙකු විසින් ඔහුට පහර දී ඇති නිසා ඔහු වෛද්‍යවරයකු හමුවීමට යන බව ඔහුට පැවසූ විට, රජයේ රෝහලේ සියලුම වෛද්‍යවරු ඉතා කාර්යබහුල බැවින් ඔහුට පෞද්ගලික රෝහලකට යන ලෙස දැනුම් දි තිබේ.
ඔවුන් හමුවීමට හෙට පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණෙන ලෙස නිලධාරීන් විසින් අජිත්ට පවසා තිබුණි.
ප්‍රතිකාර සඳහා පෞද්ගලික රෝහලට යෑමට වින්දිතයාට නොහැකි විය.

2007 මාර්තු 26 වන දින අජිත් පොලිස් අධිකාරී කාර්යාලයට නොගිය අතර පොලීසිය තවදුරටත් හිරිහැර කරනු ඇතැයි යන බියෙන් එය අයිපී ප්‍රනාන්දු සේවය කරන ස්ථානයම වෙනුවට ඔහු කොළඹ පොලිස් මූලස්ථානයට ගොස් එම පරීක්ෂකවරයාට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. සාජන් සරත් (ID 30690) විසින් CIB 11 319/68 යටතේ මෙම නඩුව ලියාපදිංචි කර ඇත.
මේ පහර දිම සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධානද මැදිහත්ව තිබුණි.
කෙසේ වෙතත් ඒ විමර්ශනයන් අතර තුරදි ක්ලේමන්ට් ප්‍රනාන්දුගේ ඥාතින් පැමිණ අජිත් හමුවි මුදල් ගෙවා සමාවද ඉල්ලා නඩුව සමතයකට පත්කරගෙන තිබේ.
පසුගිය වෙසක් පෝය දා සුරතල් බල්ලෙකු වෙඩි තබා ඝාතනය කර ඇත්තේ එවන් පැටිකිරියක් සහිත පොලිසි නිළධාරියෙකි.
ඔහුගේ පොලිස් ජිවිතයේ මේ එක් කථාවක් පමණි . මේ වන විට ඔහු සිටි විවිධ ප්‍රදේශවලින් ඔහුගේ කල්කිරියාව ගැන අප වෙත වාර්තා ලැබෙමින් තිබේ.
ඒවා සුදුසු වේලාවන්හිදි අප සමාජ ගතකිරිමට බලාපොරොත්තු වෙමු.

මුලාශ්‍රය – ආසියානු මානව හිමිකම් කොමිසම

 

 

AHRC

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article