spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මැති ඇමැත්තන්ට අළුත් වාහන බෑ! විදෙස්ගත ශ්‍රමිකයන්ට වාහන බදුසහන!

Must read

sajith-ralley_1විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ ඔවුන් වාහනයක් මිලදී ගැනීමේදි බදු සහනයක් සිය පාලනය තුළ ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා කරන්දෙණියේදි පැවැති රැස්විමකදි  ප්‍රකාශ කළේය.

.”විදේශගත ශ්‍රමිකයින්ට අපි විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදනවා. දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් දියත් කරනවා. එය දායක විශ්‍රාම වැටුපක් ලෙස රජයෙන් කොටසක් හා දායකයාගේ කොටසක් ලෙස ගෙන විශේෂිත ක්‍රමයක් හදනවා.

අපේ විදේශ ශ්‍රමික ප්‍රජාව විදේශ විනිමය සොයලා මෙරටට පැමිණෙන විට ඔවුන්ට වාහනයක් ගන්න විශේෂ බදු සහනයක් ලබා දෙනවා. පිටරට ජිවත් වුණත් අපේ සහෝදර සහෝදරියන් අම්මලා තාත්තලා ඒ සියළු දෙනා අපේ රටේ පුරවැසියන්. ඔවුන් කොහේ ඉඳන් රස්සාව කළත් ඒ අයට ඡන්ද අයිතිය ලබා දෙන්න ඕනේ. ඔවුන් කුමන රටක රැකියාව කළත් මෙරට මැතිවරණ පැවැත්වෙන කොට අපේ රටේ ඡන්දය ප්‍රකාශ කරන්න ඔවුන්ට අවස්ථාව තිබෙන්න ඕනේ. මෙරට මැතිවරණ පැවැත්වෙද්දී ඔවුන්ට ඡන්දය දෙන වරප්‍රසාදය ලබා දෙනවා.

මේ රටේ පුරුද්දක් තියෙනවා ආණ්ඩු මාරු වෙන කොට ජනාධිපති අගමැති මැති ඇමතිවරුන්ට අලුත් වාහන ගේන සිරිතක්. මම ජනාධිපති වූ පසු ජනාධිපති, අගමැති හා මැති ඇමතිවරුන්ට වෙඩි නොවදින වාහන හෝ වෙනත් එකදු වාහනයක් ගෙන්වන්න දෙන්නේ නැහැ. ඕන තරම් වාහන අමාත්‍යාංශවල තිබෙනවා. ඕන තරම් දෙපාර්තමේන්තුවල වාහන තියෙනවා. මම ඒ අපරාධය නවත්වලා මුදල් ඉතිරි කරලා ඒ ප්‍රතිලාභය ජනතාවට දෙනවා යැයිද සජිත් ප්‍රේමදාස අවධාරණය කර සිටියේය.
මෙරටට විදේශ විනිමය ගෙනඑන ශ්‍රමිකයන් හට යහපාලන රජයද ඇතුළුව කිසිදු රජයක් කිසිදු සහනක් ලබා දි නැතිකම ගැන විවිධ රටවල රැකියාවල නිරත සැමට ඇත්තේ බරපතල කලකිරිමකි. අඩුම තරමින් ගුවන්තොටුපළේදි වත් ඒ අයට විශේෂ කොට සැලකිමක් හෝ යම් සහන ලබාදිමට කිසිදු වැඩපිළිවෙලක් පවා ඇත්තේම නැත එපමණක් නොව ඇත.ලංකාවේ වෙසෙන සිය අදරැතියන් හට ඒ ඒ රටවල සිට බඩු එවිමේදිද ඔවුන් මුහුණ දෙන ගැටළු රාශියක් වේ,
මේ සියල්ල පිළිබදව ප්‍රධාන අවධානයක් යොමුකළ යුතුව තිබේ.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article