spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මැරුණු කැරපොත්තෙක් ට ලැබුණු අවසන් ගෞරවය…..

Must read

මියගිය පුද්ගලයකුට අවසන් ගෞරව දැක්වීම සාමාන්‍ය දෙයක්. නමුත් මියගිය සත්වයකුට අවසන් ගෞරව දැක්වීම වර්තමාන සමාජයේ එතරම් දැකගත හැකි දෙයක් නොවෙයි. නමුත් එවැනි අවස්ථා ද නැතුවාම නොවෙයි. නමුත් බල්ලෙකු ගවයකු වැනි සත්වයකුට නොව කරපොත්තෙක් වැනි සත්වයකුට අවසන් ගෞරව දැක්වීමේ මේ සිද්ධිය වාර්තා වන්නේ ටෙක්සාස් (Texas) ප්‍රාන්තයෙන්.

Texas ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක මානව විද්‍යා අංශයේ ගොඩනැගිල්ලක පිය ගැට පෙළක මැරී සිටි කැරපොත්තෙකුට අවසන් ගෞරව දක්වා දැක්වූ පුවතක් වාර්තා වෙනවා. මේ අපූරු සිද්ධිය සිදු වී තිබෙන්නේ කිහිප දිනකට ඉහතදීයි. නොවැම්බර් මාසයේ සිටම මේ කැරපොත්තා පියගැට පෙලේ මියගොස් සිටින ආකාරය සිසුන් දැක තිබෙනවා. කොහොමහරි ගොඩනැගිල්ල පිරිසිදු කිරීමෙන් පසුවත් මේ සත්වයා මේ ස්ථානයෙන් දැකගැනීමට සිසුන්ට හැකි වී තිබෙනවා. පසුව මේ සත්වයා දැක ඒ ගැන අනුකම්පාවක් ඇති වුන සිසුවෙකු දෙසැම්බර් 3 වන දා මේ සත්වයා සඳහා ස්මාරකයක් ඉදිකර තිබෙනවා.

දින කිහිපයක් ගත වත්ම මේ ස්ථානයේ ඇති උපහාර ප්‍රමාණය වැඩි වන්නට වුණා.

ඊට පස්සේ මේ කැරපොත්තා ගේ පින්තූරයක් ද එම ස්ථානයේ ප්‍රදර්ශනය කෙරුණා.

ඊට පස්සේ තවත් ටික දවසකින් මෙතනට ටෙඩි බෙයාර් කෙනෙක් වගේම ඉටිපන්දම් වැනි දෑ ද පුදන්නට ශිෂ්‍යයන් කටයුතු කර ඇති ආකාරය දැකගන්න ලැබුණා.

ඒ වගේම නිර්මාණශීලි සිසුන් පිරිසක් මේ කැරපොත්තා වෙනුවෙන් මිනී පෙට්ටියක් ද සකස් කර දුන්නා.

දෙසැම්බර් 16 වගේ වෙද්දී පඩි පෙලේ එක කෙළවරක් ම මේ සත්වයා වෙනුවෙන් වෙන් වී තිබුණා.

දෙසැම්බර් 17 වැනිදා මේ සතාගේ ආදාහන කටයුතු සිදු කෙරුණා.

කොහොමහරි බලන් යද්දී කැරපොත්තා ට ජිවත් වෙලා ඉනා කාලෙටත් වටා සලකලා තියනවා වගේ නේද ? රජෙකුට වගේ අවසන් ගෞරව දක්වලා තියෙන්නේ.

උපුටාගැනීම – sira.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article