spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ ,අම්පාරේ සහ යාපනේ සුදු වෑන් සංස්කෘතියට එරෙහිව කොළඹදි විරෝධතාවක්,

Must read

 

at UNprotesters 1vavunia parentminister mangalacrying amma 2crying amma 1පසුගියදා යාපනය, අම්පාර සහ මීගමුව යන ප්‍රදේශවලින් පොලිසිය විසින් නීති විරෝධි ලෙස පුද්ගලයින් පැහැර ගෙන ගොස් ඇති බවට අද කොළඹට රැස්ව සිටි අතුරුදහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයන් කියා සිටියහ.
මව්වරුන්ගේ දිනයද නිමිතිකොට මෙම සාමකාමි විරෝධාවය සංවිධානය කොට තිබුණි.

දිහසසේ වේදිකාව විදියේ විරෝධය  සහ අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් මෙය සංවිධානය කොට තිබුණි.
එක්සත් ජාතීන් සංවිධානය වෙත මෙන්ම ජාතික සංහිදියා අමාත්‍යශය අගැමති කාර්යාලය ඇතුළු ප්‍රදාන පෙලේ අයාතන කිපයක් වෙතම සංදේශ භාරදෙමින් විරෝධතාකරුවන් අවධානය යොමු කර සිටියේ සුදු වෑන් මෙරටින් තුරන් කිරිමට පියවර  ගන්නා ලෙසය.

මාර්තු 31 වැනි දින පැහැර ගැනුණු පුද්ගලයකු දින දෙකකට පසු මීගමුව පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීම, අප්‍රේල් 10 වැනි දින යාපනය චාවකච්චේරියෙන් පැහැර ගන්නා ලද පුද්ගලයකු දින හතකට පසු කොළඹ රහස් පොලිසියෙන් හමුවීම හා අප්‍රේල් 24 වනදා අම්පාර ප්‍රදේශයෙන් පැහැර ගන්නා ලද පුද්ගලයකු දින කීපයකින් කොළඹ අපරාධ කාර්යාංශයෙන් මතු වීම යන සිදුවීම් අනුමත කළ නොහැකි බව විරෝධතාවය සංවිධානය කරන්නට මුල්ව සිටි බ්‍රිටෝ ප්‍රනාන්දු විසින් කියා සිටියේය.

ඉහත කී අත්අඩංගුවට ගැනීම්වලදී රිසිට් පතක් නිකුත් කිරීම හා පවුලේ ඥාතීන් දැනුවත් කිරීම සිදු වී නොමැති බවද ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේය.

විරෝධතාකරුන් විසින් විදේශ ඇමති මංගල සමරවිර මහතා වෙත සංදේශය පිළිගැන්විමෙන් අනතුරුව ඔහු පවසා සිටියේ සුදු වෑන් සංස්කෘතිය පිළිබදව යළිත් මෙරට තුල මතකයන් අවදිකරන්නට මුල් වු පුද්ගලයන් හට තරාතිරම නොබලා කටයුතු කිරිමට තම රජය පියවර ගන්නා බවය.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article