spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුවේ SPA වැටලිමේ මෙහෙයුම සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශ නිහාල් තල්දූව ?

Must read

 

මීගමුවේ SPA වැටලිමේ මෙහෙයුම ගැන දැන් සමාජය නිහඩය . මෙය උඩ දමමින් පුවත් මැවු මාධ්‍යයටද දැන් එය අමතකය.
ඔවුන් දැන් දිනපතා තවත් අලුත් මාතෘතා ලැබෙමින් පවති.
එහෙත් මේ මෙහෙයුම තුල පොලිසියේ ක්‍රියාකාරිත්වය ගැන මෙන්ම මාධ්‍යවල වගකිම ගැනද ගැටළු රැසක් මතුව තිබුණි.

ඒ දිනවල මේ පුවත සමාජ ගතවු ආකාරය ගැන විමර්ශනය කිරිමේදි මිගමුවේ SPA වලින් HIV ආසාදිත තරුණියන් දෙදෙනෙකු සොයා ගත් බව මාධ්‍ය හමුවේ පවසා තිබුනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව විසිනි.

හිරු නිවුස් ප්‍රවෘත්තිය
……………………………………….මීගමුව පොලිසිය විසින් මෙම හදිසි පරික්ෂාව සිදුකර තිබුණේ මීගමුව පොලිස් බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථාන ආශ්‍රිතවයි.ඒ අනුව එම පොලිස් බල ප්‍රදේශයේ සම්භාහන මධ්‍යසන පනස් තුනක් පරික්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය සම්භාහන මධ්‍යස්ථානවල සේවය කළ තරුණියන් එකසිය විස්සක් අත්අඩංගුවට ගැනීමට මීගමු පොලිසිය කටයුතු කළා. ඒ අතර වයස අවුරුදු පහළොවක බාල වයස්කාර දැරියක් ද සිටි බවයි මීගම පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට පත් තරුණියන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කෙරුණු අතර එම තරුණියන් දෙදෙනෙකු එච්. අයි. වී. ආසාදිත බවටද එහිදී අනාවරණය වී තිබෙනවා.ඒ අනුව මීගමුව පොලිස් බල ප්‍රදේශය තුළ බලපත්‍ර රහිතව පවත්වාගෙන ගිය සියලු සම්භාහන මධ්‍යස්ථාන වසා දැමීමට මීගමු පොලිසිය කටයුතු කළ අතර එම සම්බාන මධ්‍යස්ථානවල පුවරුද ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තා.

(((පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුවගේ ප්‍රකාශය)))

සියළු මාධ්‍ය ඒ ප්‍රකාශය උපුටා දක්වමින් මෙය සමාජ ගත කර තිබුණි.

ඇත්තටම මේ HIV ආසාදිත  කථාවේ ඇත්ත නැත්ත ගැන සැබැවින්ම දැනගැනිමට කිසිදු මාධ්‍යයකට අවශ්‍යතාවයක් තිබුණ බවක් නොපෙනුනි.
අවශ්‍ය හිට් වැඩිකරගැනිමටය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ඊට කදිමට උඩි ගෙඩි දි ඇත.

පොලිසියේ මේ ප්‍රකාශයට අභියෝග කරමින් SPA  පවත්වාගෙන යන අයගේ සංගමයේ සභාපති වරයා එක්තරා යුටියුබ් චැනලයක් සමගින් පැවැති සාකච්ජාවකදි කියා තිබුනේ  HIV ආසාදිත  පට්ටපල් බොරුවක් බවත් එවැනි පරික්ෂණයක් සිදුකරන ලද තැනක් ගැන කිසිදු විස්තරයක් නැති බවත්ය.

පසුගිය දිනක එක්තරා රුපවාහනි වැඩසටහනකට එක්ව සිටි ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ඉහල තනතුරක් දරණ  නිලධාරිනියක් මීගමුවේ HIV ආසාදිත  කථාව ගැන වැදගත් අදහස් ගණනාවක් ප්‍රකාශ කර තිබුණි.

පහත දැක්වෙන්නේ එහිදි පළකරන්නට යෙදුනු අදහස් කිපයකි

මීගමුවේ සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක ඉඳලා HIV වයිරසේ බැඳුණු කාන්තාවන් දෙදෙනෙකුව හොයාගත්තා කියලා මාධ්‍ය වාර්තා වල පළ වුණා.මේක ඇත්තක්ද ඇත්තටම? මීගමුවේ සායන කීහිපයක් තියෙනවා.මීගමුව මහා රෝහලේ සායනයක් තියෙනවා. ඉතින් එතැන ඒ වෛද්‍යවරු සමඟ කතා කලාම ඒ අය කිසිදු පාර්ශවයකට තොරතුරු එහෙම ලබාදීමක් කෙරෙන්නේ නැහැ.

එහෙනම් පොලිසිය කොහොමද මෙහෙම මාධ්‍යයට කියන්නේ මෙතන දෙන්නෙක් හම්බ වුණා කියලා එහෙමනම් ? ඒ ප්‍රශ්නයට හරියටම අපි දන්නේ නෑ පොලිසියට කොහෙන්ද ඒ තොරතුරු ලබා දුන්නේ කියලා.ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනින් නම් ඒ තොරතුරු අපි සාමාන්‍යයෙන් බෙදා හදා ගන්නෙ නෑහැ.

අධිකරණ ක්‍රියාවලියකදී මේක වෙන්නේ කොහොමද ?

ලංකාවේ නීතිමය වශයෙන් තියෙනවා වේග්ග්‍රන්ට් ඕඩිනන්ස් එකක්.නැත්නම් අපි කියනවා පාදඩ ආඥා පනත.ඊට අමතරව බ්‍රොතල් ඕඩිනන්ස් නැතිනම් ගණිකා මඩම් පනත. මේ පනත යටතේ පොලිසිය අල්ලා ගත් පුද්ගලයෙකු උසාවියට ඉදිරිපත් කරන්න පුළුවන්.

එතකොට උසාවිය හරහා සායන වෙත අපට යොමු කරනවා, ලිංගාශ්‍රිත රෝග පරීක්ෂණයක් මේ අදාළ සේවිකාවන් හෝ ඒ අදාළ කණ්ඩායම් වෙත ලබා දෙන්න කියලා.එතකොට අපි ලිංගාශ්‍රිත රෝග සායනවලදී ඒ පරීක්ෂණ වාර්තාවල එච්.අයි.වී. තියෙනවා කියලා හඳුනාගත්තොත් අපි ඒක පෞද්ගලිකව ඒ අදාළ උසාවියේ විනිසුරුතුමාට හෝ විනිසුරුතුමියට ලබා දීමක් සිදුකරනවා.

විශේෂයෙන්ම කියන්න ඕනේ , අපි අපිට එන සේවාදායකයන්ගේ , ඔවුන්ගේ රහස්‍යභාවය කන්පිඩෙන්ෂලිටි සියයට සීයක් ආරක්ෂා කිරීමට ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන බැඳී සිටිනවා

.පොලිසියටවත් තොරතුරු ගලා යන්නේ නෑ කියන එක තහවුරු කරන්න පුළුවන් ? ඔව්, අපි සාමාන්‍යයෙන් තුන්වෙනි පාර්ශවයන්ට තොරතුරු ලබා දෙන්නේ නෑ. අපේ තියෙනවා www.aidsgov.lk අපේ web site එක තියෙනවා. මේ website එකේ අපේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ද මර්දන වැඩසටහනේ නිල වෙබ් අඩවිය.එතකොට මේ වෙබ් අඩවිය හරහා අපි අපේ තොරතුරු , කොච්චරක් එච්.අයි.වී. සමග ජීවත් වන පුද්ගලයින් වාර්තා වුණාද ඒ අය ගැහැනුද පිරිමිද මේ සෑම තොරතුරක්ම මේ වෙබ් අඩවිය හරහා සමාජගත කිරීම සිදුකරනවා. මම හිතන්නේ ඕන කෙනෙක්ට අවශ්‍ය තොරතුරු ඒ හරහා ලබාගන්න පුළුවන්. හැබැයි අපි ප්‍රදේශයකට පුද්ගල වෘත්තියකට ලඝු කරන්නට අපි එහෙම තොරතුරක් ලබා දෙන්නේ නැහැ.

මෙම පැහැදිලි කිරිම් වලට අනුව තවදුරටත් උත්තර නැතිව  ඉතිරි වි ඇති ප්‍රශ්ණය බවට පත්ව ඇත්තේ මිගමුවේ HIV ආසාදිතයන් ගැන තොරතුරු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව කියා සිටියේ කුමන පරික්ෂණය වාර්තාවක් පදනම් කරගෙනද යන්නයි.

ඔහු පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින මේ ගැන කරුණු සමාජයට ගෙන යන වැදගත්ම පුද්ගලයාද වෙයි . ඉතින් ඔහුගේ ප්‍රකාශයට කිසියම් හෝ වාර්තාවක් පදනම් වුවා නම් එය ඉතා පැහැදිලි ලෙසින් ප්‍රකාශ කිරිම ඔහුගේ වගකිමක් බව කිව යුතුව තිබේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article