spot_img
spot_img
Friday, May 3, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සජිත් සමග විවාදයට අනුර දින දෙයි

Must read

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සමග විවාදයට සුදුසු දිනයක් තෝරා ගැනීම සඳහා ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක

විසින් දින හතරක් ලබා දී ඇත.

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින්ද ජයතිස්සගේ අත්සනින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්ධුම බණ්ඩාර වෙත ඊයේ (22) ලිපියක් යොමු කරමින් එම කාරණය නිල වශයෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව එම විවාදයට ලබන මැයි මස 07, 09, 13, 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම් බවද නිශ්චිතව දිනය තෝරාගත් පසු විවාදය පවත්වන වේලාව, කාලසීමාව, ස්ථානය සහ විකාශනය කරන නාලිකාව දෙවන අධියර ලෙස සාකච්ඡාවට ගත හැකි බවද එම ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත.

මෙම විවාදයට නිශ්චිත දින නියම වීමක් මෙතෙක් නොවීම හේතුවෙන් ජනතාව අතර විවාදය සම්බන්ධව වැරදි අදහස් මතු වීමේ ඉඩක් ඇති බවත් යම් හෙයකින් සමගි ජන බලවේගය මෙම විවාදයට එකඟ නොවන්නේනම් ඒ බව කඩිනමින් දැනුම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.

එම ලිපිය පහතින්..

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article