spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සමූපාකාර සේවකයන්ගේ මාසික දීමනාවට මොකද වුනේ ?

Must read

සීමාසහිත මීගමුව විවිධ සේවා සමූපාකාර සමිතියේ සියලු සේවකයන් සඳහා මාසික වැටුපට අමතරව මෙතෙක් ලබා දී ඇති මාසික දීමනාව පසුගිය මාසයේ එනම් පසුගිය මාර්තු මස සිට ගෙවීම නතර කර ඇති බවට වාර්තා වුනි. වාර්තා වන පරිදි සමූපාකාර සමිතියේ මාසික ආදායමෙන් 10% කොටසක් මෙලෙස සමුපාකාර සමිතියේ සියලු සේවකයන් වෙත මාසික වැටුපට අමතර දීමනාවක් ලෙස එකතු කළ අතර එය ත්‍රෛයිමාසිකව ලබාදී තිබේ. එහෙත් මෑතකදී මීගමුව විවිධ සේවා සමුපාකාර සමිතියේ අධ්‍යක්ෂක මණ්ඩලය ගත් තීරණයක් මත මෙම දීමනාව ලබාදීම නතර කර ඇති බව ද වාර්තා වුනි.එලෙසම එම තත්ත්වයම අනුගමනය කරමින් බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් සමුපාකාර සමිති කිහිපයක්ම එලෙස මාසික වැටුපට අමතරව ලබාදුන් මාසික දීමනාව ගෙවීම නතර කිරීමට සාකච්ඡා සිදු කරමින් පවතින බවද වාර්තා වී තිබේ.මීගමු පුරවරයට ආසන්නයේම ඇති කටාන සමුපාකාර සමිතියද මෙම තත්ත්වයම අනුගමනය කරමින් එම සමුපාකාර සමිතියේ සේවකයන් වෙත ලබා දුන් මාසික දීමනාව ගෙවීම අත්හිටුවන්නට තීරණය කර ඇති බවටද වාර්තා වුනි. 1990 දශකයේ පටන් ගම්පහ දිස්ත්‍රික්කයේ සමූපාකාර සමිතිවල සේවය කරන පිරිස් වෙත මෙම දීමනාව ලබා දුන් අතර වර්තමානයේ රටේ පවතින ආර්ථික තත්ත්වය මත එම දීමනාව ලැබීම ආර්ථික වශයෙන් මහත් අස්වැසිල්ලක් වූ බව සමුපාකාර සේවකයන්ගේ අදහසයි.
මේ මේ පිළිබඳව නිවැරදි තොරතුරු දැන ගැනීම සඳහා සීමාසහිත මීගමුව විවිධ සේවා සමුප⁣කාර සමිතියේ සභාපති ස්ටැන්ලි මහතාගෙන් විමසීමක් කලෙමු. එහිදී ඔහු පැවසුවේ මීගමුවේ පමණක් නොව තවත් සමුපාකාර සමිති කිහිපයක්ම දැනට වසර ගණනාවක සිට සමුපාකාර සමිති වල සේවකයන්ට ලබා දුන් එම දීමනාව ලබා නොදීමට තීරණය කර ඇත්තේ ලඟදි නිකුත් කළ නව චක්‍රලේඛනයක් නිසා බවයි.ඒ අනුව මෙරට තුළ පළාත් සභා ස්ථාපිත නොවූ කාලයේ මෙරට සියලුම සමුපාකාර සමිති පාලනය වූයේ මධ්‍යම රජයෙන් බවත් එලෙසම ඒ කාලයේ සමුපාකාර සේවක සේවිකාවන්ට විශ්‍රාම වැටුපක් පවා ලබා නොදුන් නිසා මධ්‍යම රජයෙන් නිකුත් කළ ගැසට් එකක් මගින් සමුපාකාර සමිතිවල ලාභයෙන් කොටසක් (10%) මෙලෙස මාසික දීමනාවක් ලෙස ලබාදීමට තීන්දු කළ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය. එමෙන්ම ඔහු පෙන්වා දෙන පරිදි පසුව පළාත් සභා ස්ථාපිත වූ අතර සියළු සමුපාකාරවල පාලනය පළාත් සභාවට පැවරුණු අතර ඉන්පසුව සමුපාකාර සේවක කොමිෂන් සභාව ස්ථාපිත විය.ඒ අනුව සමුපාකාර සේවක කොමිෂන් සභාව මගින් නිකුත් කළ නව චක්‍රලේඛනයේ දැක්වෙන්නේ මීට කලින් නිකුත් කළ සියලු චක්‍ර ලේඛන වල සඳහන් කරුණු කාරණා තීන්දු තීරණ අහෝසි වන බවයි. ඒ අනුව මෙතෙක් කාලයක් මාසික වැටුපට අමතරව ලබා දුන් මාසික දීමනාව මෙලෙස අත්හිටීමට සිදුවූ බව ඔහු පවසයි.
එලෙසම සභාපති ස්ටැන්ලි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ මේ වන විට එම දීමනාව යළි සියලු සමුපාකාර සේවකයන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසත් ඊට අවශ්‍ය නීත්‍යානුකූල අනුමැතිය කඩිනමින් ලබා දෙන ලෙසත්, තමන් ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලය විසින් විසින් සමුපාකාර සේවක කොමිෂන් සභාව වෙත ලිඛිතව ඉල්ලීම් කර ඇති බවයි.එහිදී සමුපාකාර සේවක කොමිෂන් සභාව මගින් ගම්පහ දිස්ත්‍රික් සමූපාකාර කොමසාරිස්වරයාගේ නිර්දේශ ඉල්ලා ඇති බවත් , ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් සමුපාකාර කොමසාරිස්වරයා විසින්, මේ සම්බන්ධව නීතිමය තත්ත්වය වහාම තමන් වෙත දන්වා එවන මෙන් සමූපාකාර සංවර්ධන කොමසාරිස් සහ සමිති රෙජිස්ටර්වරයා (සී.සී.ඩී) වෙත දන්වා එවා ඇති බවද ඔහු පවසයි.

මේ අනුව ඉතා නුදුරේදීම මෙම මාසික දීමනාව යළි ලබාදීමට හැකි වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සීමාසහිත මීගමුව විවිධ සේවා සමපාකාර සමිතියේ සභාපති ස්ටැන්ලි මහතා පවසන ලදී.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article