spot_img
spot_img
Thursday, May 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

එජාප ආසන සංවිධායක නොසලකා කටයුතු කළ උත්සව සංවිධායකයන්ට ධිවර ඇමතිගෙන් විරෝධය !

Must read

lagoon 1රුපියල් මිලියන  123 වියදමින් මිගමුව කලපුවේ කුඩා ගඟ ප්‍රදේශයේ රොන්මඩ ඉවත් කිරිම සදහා වන දැවැන්ත ව්‍යාපෘතියක වැඩකටයුතු ආරම්භ කිරිම සදහා වන උත්සවයක් ඊයේ දිනයේ මිගමුවේදි පැවැත්විණි.
මේ සදහා ධිවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි පැමිණ සිටියේය.
මෙම උත්සවයේ සංවිධාන කටයුතු සිදුකර තිබුනේ ධිවර ව්‍යාපාරිකයෙකු වන ජෝශප් පිටර් නැමැත්තා ඇතුළු පිරිසක් විසිනි.laggon 3lagoon 2
මෙම ව්‍යපෘතියේ නාමපුවරුව විවෘත කිරිමට ගිය ධිවර රාජ්‍ය ඇමතිවරයා එහිදි පෙන්වා දි තිබුනේ එකි පුවරුවේ මිගමුවේ ආසන සංවිධායක රොයිස් විජිතගේ නම සදහන් වි නොතිබිම බරපතල වැරැද්දක් බවය.
දැන් පවතින්නේ එජාප රජයක් බවද ඔහු එහිදි උත්සව සංවිධාකයන්ට දන්වා ඇති අතර එහි පුවරුව ගලවා දමා නිවරදි පුවරුවක් වහාම සවිකරන ලෙසද දන්වා ඇත.
වාර්ථා වන අන්දමට මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ කලපුව ධිවරයන්ට කිසිදු සම්බන්ධයක් නැති මිගමුවේ ව්‍යපාරිකයන් පිරිසකගේ මුලිකත්වයෙනි.ජෝශප් පිටර් නැමැති දූව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු මේ සදහා මුලිකත්වය ගෙන තිබුණ බවද වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article