spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

ලංසා පවුල් පාලනය යටතේ මිගමුවේ හැදෙන අනවසර ගොඩනැගිලි !

Must read

අනවසර ඉදිකිරිම් 2

මීගමුව  මහ  නගරසභාවට  අයත්   ගල්කටුව  පාරේ  මහදවල්   සිදුවූ  අවනීතියක්  පිළිබඳව පසුගිය  දිනවලදී   ප්‍රදේශවාසී  ජනතාව  ඉතා පිළිකුල්  ලෙස  හෙලාදකිමින්   කථාකරනු   දැකියහැකිවිය.  ඒ  ලහිලහියේ  හැදෙමින්  පවතින   ගොඩනැගිල්ලක්  පිළිබඳවය.  2019-  01 – 25 වන දින  මෙකී  ගොඩනැගිල්ලේ   අත්තිවාරම  දමා  තිබින.  මේ  සඳහා  කිසිදු   සැලසුමක්,  නීතිමය   අවසරයක්  නොතිබින.
ඒනිසා  මීගමුව  නගරසභාවට  ඉහළින්  ලැබුනු  අණකින්  මෙම  ගොඩනැගිල්ලේ   වැඩ  කටයුතු   නතර  කරන  ලදී.  ඒ  මෙදින  උදේ   9.15ට  පමණය.අනවසර ඉදිකිරිම් 1
නමුත්   දිවා  කාලයේදී   නැවත  වරක්   මෙහි  වැඩ  ආරම්භ  කරන  ලදී.  එසේ  අවසර දීම  සහ  අවසර  නොදීම   රඳා  පවතින්නේ  කුමන  හේතු  මතදැයි  නිෂ්චිතවම  කිව  නොහැකි  නමුත්,  මෙය  මෙකී  වගකිවයුත්තන්ගේ  නිල බලය   පිළිබඳව  පවතින  ප්‍රශ්ණයක්  බවනම්  පැහැදිළිය. මීගමුව  නගරසභාව  කොළඹින්  ආ  නියෝගය  නොතකා  හැරියේ  එසේ  ඉහළ  තිබුනු  අණට  වඩා  අණක්  ලැබුනු  නිසාදැයි  සැකයක්  ඇතිවේ.  කෙසේනමුත්  තමන්ගේ  හිතවතුන්ට  මෙවැනි  කටයුතු  සඳහා   ඉඩකඩ  ලබාදෙන  අතර  හිතවතුන්  නොවන  අයට   එසේ  ඉඩ  අවසරයක්   නොලැබෙන  බව  අපි  කව්රුත්  දන්නා  කරුණකි.  මේ  පිළිබඳ  උදාහරණ  ඕනෑතරම්  මීගමු  නගරයේ   ඇත.අනවසර කඩයක්

මිගමු  නගරසභාවේ  පොදු  දේපල  රකිමින් ,  තමන්ගේ පුද්ගලික  දේ  පවා  පරිත්‍යාග  කරමින්  කටයුතු  කළ  නගරාධිපතිවරු   පිළිබඳව  අපි  අසා  ඇත්තෙමු.  නමුත්   පසුකාලීනව  එකී  තත්වය  වෙනස්වූ   ආකාරය  ඇස්  පනාපිට  අත්දකිමින්  සිටිමු.
මේ පිළිබඳව  මීට  පෙර   වාර  ගනනාවකදී   අපගේ  වෙබ්  අඩවියේ  ලිපි  පළකර  ඇත.   දළුපත   පල්ලිය  ආසන්නයේ ,  ෂෙඩ්එක  ඉදිරිපිට   දෙපාඇල නම්වූ  ඇල  ඉවුරේ   මෙලෙස  මෑතකදී  අනවසර  ගොඩනැගිල්ලක්  හැදෙමින්  පැවති  අවස්ථාවක  එය  නගරසභාවට  දැනුම්දුන්  අතර  පින්තූර සහිතව  වගකිවයුත්තන්ට  පෙන්වා   දුන්නෙමු.  මේ  අනුව  ඔවුන්  මෙකී  ගොඩනැගිල්ල  හැදීම  නතරකළ  නමුත්  දින  කීපයකට  පසුව  මීගමුව  මහ  නගරසභාව  විසින්ම නැවත  එම   ගොඩනැගිල්ල  හැදීමට  අවසර  ලබාදෙන  ලදී.  දැන්  මේවනවිට  එකී  ගොඩනැගිල්ලේ  කටයුතු  අවසන්  වෙමින්  පවතී. මේ  අනුව    නගරසභාවේ  පවතින  නීතිය  පිළිබඳව  කුමක්  සඳහාද ?  කාසඳහාද?  යන  ප්‍රශ්ණ  මතු  කරයි.  වරෙක  නගරසභාවෙන්   තහනම්  වන   ගොඩනැගිල්ලක්  නැවත  මීගමු  මහ නගරසභාවේ  අනුමැතිය  ලබා  හැදෙන්නේ  කෙසේදැයි   ජනතාවගේ  විමසීමට  ලක්වියයුතු  කරුණකි.
මන්ද  අප සියළු දෙනාම  නගරසභාවේ  බදුගෙවන්නන්  වන  බැවිනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article