spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිගමුව රෝහලේ නව මෘතශරිරාගාරය ඉදිකිරිමට එරෙහි කණ්ඩායමට නගරාධිපතිත් හවුල්ද ?

Must read

 

mochery 1

(1.30 am ) මීගමු  රෝහලේ  මෘතශරීරාගාරය  පිළිබද  ප්‍රශ්ණය  කලක  සිට  විසදාගත  නොහැකි  ප්‍රශ්ණයක්  ලෙස  පැවතුන  එකකි.  මේ සදහා  රෝහල්  අධ්‍යක්ෂක  ඇතුළු  බලධාරීන්  විශාල  අරගලයක  යෙදුනුබව  අප  දනිමු.  මේ  අනුව  නව  මාතශරීරාගාරයක්  ගොඩනැගීම  උදෙසා  අවශ්‍ය  කටයුතු   සම්පාදනය  කර ගැනීමට  ඔවුන්ට  හැකිවිය.  මෙය  අංගසම්පූර්ණ   වෛද්‍ය  සංකීර්ණයක්  බවත්,  අඩි  55ක්  දිගින්  සහ  අඩි  46ක  පළලින්  යුතු  මෙම  දෙමහල්  ගොඩනැගිල්ල  තුල  අඩි  17ක  දිගින්  සහ  අඩි  16ක  පළලින්  යුතුව  මෘත  ශරීරාගාරය   ඉදිවන  බවත්,    මේතුළ  කිසිදු   වාතය  අපිරිසිදු  වීමක්  හෝ  වෙනත්  අහිතකර  තත්වයක්  මතු  නොවනසේ   නිර්මාණය  කෙරෙන  බවත්  මීගමුව රෝහලේ අධ්‍යක්ෂක  තුමා   අප  සමග  පැවසීය.
එමෙන්ම  වෛද්‍ය  උපදේශක වරු ,විශේෂඥයින්   මෙම  වෛද්‍ය  සංකීර්ණයේ  නැවතී  සිට  තම  සේවය  ඉටුකිරීමට  හැකිවනසේ  කටයුතු  සැකසෙනු  ඇත.මෙවැනි  ගොඩනැගිල්ලක්    අවශ්‍යවන්නේත්,  වැදගත්  වන්නේත්   මීගමුව  විශේෂ  නගරයක්  වන  බැවිනි.  මන්ද  ගුවන්තොටුපල,  වෙළදකලාපය,  ප්‍රධාන  සංචාරක  නගරයක් වීම  ආදී  කරුණු  සළකා  බලනකළ  එය  පැහැදිළිවේ.mochery 2

තතු මෙසේ වුවද   මෙම නව මෘතශරිරාගාරය ඉදිකිරිමේ කරුණ   පිළිබදව  ඊට  එරෙහිව සුලු  පිරිසක්  දැනමටත් සිටින බවද දැනගන්නට ඇත.
මේ සුළු පිරිසකගේ කරුණාව ගැන මීගමුව පුරපති දයාන් ලංසා විසින් ඊයේ දිනයේ විශේෂ සාකච්ජාවක්ද පවත්වා ඇතැයි වාර්ථා වේ.
මෙහිදි පුරපති විසින් සිදුකරන ප්‍රකාශයක් ගැනද අපගේ අවධානය යොමුව තිබේ. නව මෘතශරිරාගාරය වැඩපිළිවෙලට ඇතැම් වෛද්‍යවරුන්ද එකග නැ නේද යනුවෙන් ඔහු විසින් විමසා ඇත.
ඉන් කියැවෙන්නේ කුමක්ද ? මෙය බළලා මල්ලෙන් එලියට පැනිමක්ද ?
කෙසේ වෙතත් අතිශය වැදගත් අවශ්‍යතාවක් ඇති නවින පන්නයේ මෘතශරිරාගාරයක් ඉදිකිරිම තවත් පමානොවි සිදුකළ යුතුව තිබේ.
එයට අකුල් හෙළන කව්රුන් හෝ මිගමුවේ පමණක් නොව මේ කලාපයේ සංවර්ධනයට අකුුල් හෙළනු ලබන ද්‍රෝහින් මිස අන් කිසිවෙකුත් නොවන බවද මෙහිලා සටහන් තැබිය යුුතුව තිබේ.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article