මිගමු නගරාධිපති ඉවත් කිරිමේ කුමන්ත්‍රණයත් රිවස්ද ?

0
650

 

මිගමු නගරාධිපතිට එරෙහිව දැනට කලක පටන් අශුද්ධ සන්ධානයක් ක්‍රියාත්මක වෙමින් තිබුණි.

මේ සන්ධානය තුල ලංසා පවුල් පාලන සමයේ සිට සිටින කුප්‍රකට නිලධාරින් කිපදෙනෙකුද ඇතුලත්ය.

වසරක් පුරාවට හීන්කෙන්ද පාලනයේ පැවති අඩුපාඩු රැසකි.
අප වෙබ් අඩවිය මේවා ගැන නිරන්තර හෙළිදරව්වක නිරතව සිටියෙමු.

කෙසේ වෙතත් හීන්කෙන්ද පාලනය ක්‍රියාත්මක වන්නට පටන්ගෙන තිබුණි.

මිගමුව මහනගර සභාවට අයත් දේපල යලිත් නගර සභා පාලනය තුලට ගැනිම ඒ අනුව ඇරඹිණි.

නගරාධිපතිට එරෙහිව ඇරඹුන මේ කුමන්ත්‍රණය පසුගිය කාලය තුල වඩාත් තිව්ර විය.

මාලිමාමේ ගම්පහ දිස්ත්‍රික් නායකයන් විසින් පැරිෂුට් ආකාරයෙන් මිගමුවට බැස්සු කොමසාරිස්වරිය පවා මේ අශුද්ධ සන්ධානය තුල සිටින්නේ යන කතා බහක්ද පසුගිය කාලය තුල වඩාත් ප්‍රබලව මතුව එමින් තිබුණි.

කෙසේ වෙතත් ඉල්ලා අස්වන්නට යැයි ගම්පහ ඇතැම් මාලිමා ලොක්කන් නගරාධිපතිට විවිධ බලපැම් කර තිබුන බවද කියැවේ.

කෙසේ වෙතත් නගරාධිපතිවරයා සිය තිරණය දැන් රිවස්කරගෙන තිබෙන සැටියකි.

නගරාධිපතිට ඉවත් විම ස්තිර යැයි සිතු ඇතැම් නිලධාරීන්ගේ මෙහෙයවිම යටතේ නගරාධිපතිට සමරු තිලිණයක්ද සකස් කර අවසන් බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් නගරාධිපති ඉවත් වන්නේ නම් මිගමුව තුල දැවැන්ත දේශපාලන අර්බුදයක් නිර්මාණය විම නොවැළැක්විය හැකි තත්වයකි.

නගරාධිපති ඉවත්කර ඒ තනතුර දිමට යනවා යැයි කියැවෙන නම් ගැන බලන කල ඒ අයට කිසිසේත්ම නගර සභා පාලනය හෝ මිගමුව පාලනය කිරිමට දේශපාලන හෝ සමාජිය පරිචයක් නැත.

එකක් පැහැදිලිය.ඒ අයව ගම්පහ මාලිමා ප්‍රධානින්ට කදිමට රෑකඩ සේ නැටවිය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here