මිගමු ලෙල්ලම් භුමිය තුල අද කජු වලට ලොකු ඉල්ලුමක්…

0
599

මිගමුවේ මහලෙල්ලම මෙන්ම දූව පිටිපන  ලෙල්ලමද ඇතුළු ලෙල්ලම් තුනම අද මහසිකුරාදා දිනය වෙනුවෙන් වසා දමා ති⁣බේ.

වෙනදා මාළු ගැනිමට පැමිණ සිටින ජනයා අද පැමිණ තිබුනේ අද රාත්‍රි විශේෂ ආහාර වේල සඳහා අමු කජු මිලදි ගැනිම සඳහාය.

ලෙල්ලම් අවට අවම තරමින් අමු කජු වෙළදාමේ යෙදෙන තැන් 10කට වඩා තිබුණි.

විශේෂයෙන්ම දූව පිටිපන ආදි ප්‍රදේශවල කිතුණු ජනයා අද රාත්‍රි ආහාරය විශේෂ ආකාරයකට සකසා ගැනිම පාස්කු චාරිත්‍ර අතර ප්‍රධාන තැනක් ගෙන තිබේ.

මෙම රාත්‍රි ආහාරයට කජු තෙල්දෑම, කලපුවේ කුඩා ඉස්සන් තෙල්දැමිම සහ වට්ටක්කා ව්‍යංජනයද ඇතුලත්ය.

ඇතැමුන් මේ සියළු වර්ග එකට දමා හොද්දක් පිලියෙල කර ගැනිමටද පුරුදු ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here