spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිදි කොහෙද තිත්ත.නරි කවදද කිව්වේ ඇත්ත..?

Must read

Negombo-News මීගමුව මහනගරසභාවේ රාජ්‍ය සේවයකයන්ගේ බායදු කම කෙතරම්දැයි කිවොත් ඔවුන් එහෙම පිටින්ම දේශපාලකයන්ගේ අතකොළු බවට පත්ව හමාරය.

පරිපාලන ධූරාවලියේ ප්‍රධානියා වු කොමසාරිස්තුමිය අද එහෙම පිටින්ම කරන්නේ රගපෑමකි.

අප පසුගිය දිනවල අවස්ථා කිපයකදිම විමසා සිටියේ සරත්චන්ද්‍ර ක්‍රිඩාංගනය හෙවත්  කඩොල් කැලේ ක්‍රිඩාංගනය නැවතත් මහනගර  සභාවේ පාලනයට භාරගැනිම ු සිදුවිය යුතව තිබනත් මාස ගණනාවක් ගියද ඒ කටයුත්ත තවමත් සිදුව නොමැත.මෙහි ටෙන්ඩරය භාරව සිටි කණ්ඩායම විසින් අදාල ටෙන්ඩර් කොන්දේසි කඩකිරිම හේතුකොට මෙම ක්‍රිඩාංගනය මහනගර සභාවට හිමිවිම නිතැතින්ම සිදුවිය යුතුව තිබුනද අදටත් එහි ඉබි යතුරු ඇත්තේ වෙනත් අය අතේය.

පසුගිය සතියේද අප මේ ගැන ඇයගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය කියන්නේ ඒ ගැන විමසා සිටි මාධ්‍යවේදියාව සියැසින් දකිවන්ෙන් නැතිව ඒ ගැන පිළිතුරක් දිය නොහැකි බවයි.

”ඔයා එන්නකෝ  එතකොට මම කියන්නම් . ඔයාලව කව්ද කියල බලාගන්නත් ඕනේ.”

අප කඩොල් කැලේ ක්‍රිඩාංගනය ගැන විමසන සෑම අවස්ථාවකදිම ඇය උත්තරය මගඅරින්නේ එසේය.

මේ නිසා අද මීගමුව මහනගර සභාවට අහිමිව ගොස් ඇති මුදල මිලියන ගණනකි.නිදසුනක් ලෙසින් ගතහොත් සිරස කඩමණ්ඩිය වෙනුවෙන් පමණක් මීගමුව මහ නගර සභාවට අහිමිව ගිය මුදල රු මිලියනයකි.

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article