spot_img
spot_img
Friday, May 10, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

බිෂොප් තුමෙනි අපි ගැන දුක නැද්ද..?

Must read

Negmobo-News ඕස්ට්‍රේලියා යාමට ගොස් දැනට සිරගතව සිටින පවුල්වල නියෝජිත පිරිසක් පසුගිය දිනක කොළඹ අගරදගුරු නිවසට  ගොස් තිබුනේ කාර්දිනල් තුමා හමුවි ජනාධිපති මාර්ගයෙන් තමන්ගේ ආදරණියයන් නිදහස් කරගැනිමටය.

එහෙත් කාරදිනල් තුමා වෙනුවට එදින ඔවුන්ට හමුව තිබුනේ එම්මානවෙල් රදගුරු තුමන්ය.

මේ සටහන එතුමන් වෙතය.එහි ඇතුලත් වන්නේ ඔබ හමුවන්නට පැමිණිවුවන්ගේ ඔබට නොඇසුන කඳුළු කථාවයි.

මේක ඔබතුමාට ලියන්න හිතුනේ ඊයේ රෑ ටි.වි. ප්‍රවෘත්ති බැලුවට පස්සේ .ඕස්ට්‍රේලියාවේ විදේශ ඇමති තුමා පැහැදිලිව කිව්වේ රටේ සවර්ධනයක් තියෙනව නම් පිටරටවලට මෙහෙම යන්න ඕනේ නෑ කියන එක.

දැන් අපේ මිනිස්සු ඕස්ට්‍රේලියාවට යන්න හැදුවෙත් ඒ හින්දමම තමයි. අපි එදා ඔබ තුමාට අපේ මේ ඇත්තම කතන්දරේ කියන්න උත්සාහ කළත් ඔබතුමා අපට කන් දෙන්න ලෑස්ති වුනේ නෑනේ. සමහර විට රාජකාරි ගොඩක් තියෙන්න ඇති. රාජකාරිය දේවකාරියටත් වැඩිය ලොකුයි කියනවනේ .

ඉතින් අපට ඕනේ වුනේ අපේ කාර්දිනල් තුමාව හමුවෙලා අපේ දුක කියල කොහොම හරි නත්තලට කලින් අපේ අයව බේරගන්න.

එදා අපි බිෂොප් මන්දිරේට ආවේ රුපියල් 200 ගානේ එකතු කරල බස් එකක් රු 9000 කට අරගෙන . සමරක් ඒ 200 ඉල්ලගෙනත් තිබුනේ ගෙවල් ගානේ ගිහින්. එදා ආපු 48 දෙනාගෙන් 28 ක්ම උදේටවත් දවල්ටවත් කාල තිබුනේ නෑ.අන්තිමට හිතත් හොඳටෝම රිදවගෙන බඩගින්නෙම මීගමුව ඇවිත් තමයි කඩේකින් තේ එකක් බිව්වේ.

දැන් අපේ දරුවන්ව ඉස්කොලේ යවාගන්න බැරි තත්වයක් . වෑන් සල්ලි පංති ගාස්තු මේ සේරම හින්ද එයාලගේ අධ්‍යාපනයත් අතරමග.

ලයිට් බිල ගෙවා ගන්න බැරිව මාස ගාණක් අපේ සමහරක් ඉන්ෙන් ලාම්පු පත්තු කරන්.අහල පහල සමහරක් අය හොද ඉන්න අපේ ළමයි යන්තම් බඩගින්න නිවාගන්නවා. ඒත් එක හැමදාමත් කරන්න බෑ.

දවසක් අපේ කෙනෙක්ගේ දරුවෙක්ට හොදටම උණ හැදිල බේත් අරන් දිගන්න විදියක් තිබිලම නෑ. පස්සේ එයාගේ සහෝදරයෙක් ඇවිත් තමයි මේ දරුවව අරන් ගිහින් බේත් අරන් දිල තියෙන්නේ.

ගෙවල් වල මිනිස්සු රස්සාව කරලත් ජිව්ත්වෙන්න බැරි කාලෙක අපේ  මිනිස්සු දරන් මාස 5 ක් අතුලේ.

ඔබතුමා දන්නවා මීගමුට නත්තල් කියන්නේ කොහොමද කියල.

ඒත් අපට කොහෙද නත්තල්..

ඉතින් අපේ මේ දුක අඩුම තරමේ අපි ඔබතුමාව හමුවෙන්න ආපු වේලාවේ අහන්වත් හිටියනම් අඩුම තරමේ අපේ හිතවත් හැදෙයි.

කමක් නෑ.

අපි තාමත් උත්සාහ ගන්නේ මේ නත්තලට අපේ පුවලම එකතු කරගෙන රෑ පුජාවට පරණ ඇදුම් හරි ඇදගෙන යන්න පුඵුවන් උනොත් කියල.

ඒක තමයි අපි හැමෝගෙම මේ දවස්වල හීනේ.

නමුත් මීගමුව බන්ධනගාරේ හිර කරල තියෙන අයේ අයට තාමත් ඇප දෙන්නේ නෑ.ලංකාවෙත් ඕස්ට්‍රේලියාවෙත් ආගමන විගමන නීති කඩල රට ගිහින් ගුවන් මගින් ආපහු ලංකාවට ආපු අයට ඇප දෙනව.  වැල්ලේ ඉදල අල්ල මුදේ ඉදල අල්ලගත්තු අයට ඇප නෑ.

 

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article