spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මිනිසුන්ට නිදහසේ වැළලෙන්නටවත් ඉඩක් නැතිද?

Must read

DSC_0471

(5.45pm )මීගමුව  ,  සෙල්ලකන්ද  සුසාන භූමියට  කටුවපිටිය  දේවස්ථානයේ  සිදුවූ  ම්ලේච්ඡ  ප්‍රහාරයෙන්  මියගිය  අයගේ  මළ  සිරුරු  මේවනවිට  23 ක්  ගෙනැවිත්   මිහිදන්  කර  ඇත.

සිදුවු විනාශයෙන් අහිමි වු මිනිසුන්ගේ දේහයන් වල දැමිම පවා අද අර්බුදයක් බවට පත්ව ඇත්තේ කටුවපිටිය නම් වු කුඩා ග්‍රාමයේ සුසාන භූමියේ දැට කලක් පටන්ම පැවැති ඉඩ කඩ පිලිබද ප්‍රශ්ණයද සමගින්ය.මේ හේතුව නිසා ඩේවිඩ් වත්ත නම් වු ඉඩමේ සමුහ මිනිවලක් දකසා ඇතැම් සිරුරු එහි භූමදාන කරන්න⁣ෙ සිදුව තිබුණා.මේ තත්වය හමුවේ සෙල්ලකන්ද සුසාන භුමියේ මෙම  මළ  සිරුරු  භූමදානය  කිරීමට  සිදුවී  ඇත්තේ  මෙහි  කලින්  භූමදානය  කරනලද  මළ  සිරුරුවල  කොටස්ද  ඉවත්  කරමිනි.   මෙය  පර්චස්  80  ක  පමණවූ  බිමක්  වන  අතර   මෙහි  පවුල් 12000 ක  පමණ පිරිසක්  ජීවත්වන බවත්,  ඒ  නිසා  සුසානභූමියක්  වශයෙන්    මෙම  භූමි  භාගය  කෙතෙරම්දුරට  ප්‍රමාණවත්ද?  යන  ප්‍රශ්ණය  නිසා  සෑහෙන  කාලයක්  මෙය  විසඳා  ගැනීමට  වෙහෙසුනු  බවත්  මෙම  සුසාන භූමියේ   නඩත්තු  සහ  සංවර්ධන  කමිටුවේ  සභාපති  මිෂෙල්  සුභසිංහ  මහතා  අප සමඟ  පැවසීය.

මෙම  සුසානභූමියට  දළුපත,  මහහුනුපිටිය,  කටුවපිටිය  යන  ප්‍රදේශ  කිහිපයක්  අයත්වන  අතර  සෙල්ලකන්ද  එක්සත්  අවමංගල්‍යාධාර  සමීතියේ  සභාපති  සහ  දළුපත,  කටුවපිටිය  සුසානභූමි  පරිපාලන  සහ  නඩත්තු  කටයුතු  කමිටුවේ  භාණ්ඩාගාරික  ලක්ෂ්මන්    සුභසිංහ  මහතාද  මෙම  භූමිය  තුළ  මළ  සිරුරු  මිහිදන්  කරන  විට  තවත්  මළමිනී  මතුවන  බවත්,  සාමාන්‍ය  අවස්ථාවලදී  වුවුත්  මළ  සිරුරක්  භූමදානය  කිරීමේදී  මෙම  ප්‍රශ්ණයට  මුහුණ  දීමට  සිදුවන  බවත්  ලක්ෂ්මන්  මහතා  පවසයි.  ඒනිසා  මෙම  සුසානභූමිය  ගොඩකර  නව  සුසානභූමියක්  ලෙස  සකස් කර  ගැනීමට  ඉල්ලා  සිටින  බවත්ය.

  DSC_0496 DSC_0455
- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article