spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

“මිස් ප්‍රාන්ස් වෙනුවට මිස් යුරෝප් ගේනවා.” සනත් ප්‍රනාන්දු – හිටපු සංවිධායක , පැරිසියේ මීගමු සංවිධානය .

Must read

(“මිස් ශ්‍රීලංකා  ඉන් ෆ්‍රාන්ස් “ අයිතිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන මත ගැටුම පිළිබඳව පැරිසියේ මීගමු සංවිධානයේ හිටපු සංවිධායක සනත් ෆර්නාන්දු සමග පැවැත්වූ සංවාදයකි .)

 

 පැරිසියේ  මීගමු සංවිධානයේ ඔබේ පසුබිම මොකක්ද ?                                                                                                                                                        ආරම්භකයෙක් විදීහටයි  මගේ සම්බන්ධය ගොඩනැගෙන්නේ . මේ අදහස මුලින්ම තිබුනේ අයිවන් සෙනෙවිරත්න ළඟ , එයා මුලික වෙලා මීගමු පුස්තකාලේ ප්‍රංශ භාෂා ඒකකය ගොඩ නංවලා තිබුනේ .පසුව තමයි එක මීගමු සංවිධානයේ වැඩක්  වුනේ .මීගමුවට සේවයක් කරන්න ඕනේ කියන පදනමින් 2000 දී  පැරිසියේ මීගමු සංවිධානය ගොඩ නැගෙන්නේ , ආරම්භක සභාපති අයිවන් සෙනෙවිරත්න , ලේකම් සම්පත් වර්ණකුලසුරිය , භාණ්ඩාගාරික නිමාලි කුරේ , ටික කාලෙකට  පස්සේ මම මීගමු සංවිධානයේ සංවිධායක ධුරයට පත්වුනා.2012 වෙනකම් මම ඒ වගකීම දැරුවා. අයිවන් සෙනෙවිරත්නගෙන් පස්සේ සභාපති වුනේ රන්ජිත් ප්‍රනාන්දු , පස්සේ ජයලත් ප්‍රනාන්දු වත්මන් සභාපති වරයා , අපි විශාල සුභ සාධන වැඩ කොටසක් කරා පසුගිය වසර කිහිපය තුල . ඒ අතරින් ඇවිදින්න අපිත් අසයි කියන වියාපෘතිය  අබාධිත හමුදා සෙබලුන් වෙනුවෙන් ක්‍රියාත්මක කල වියාපෘතියක් , මිස් ශ්‍රීලංකා ඉන් ප්‍රාන්ස්  වියාපෘතිය අපි ක්‍රියාත්මක කලේ  පිළිකා රෝගීන්ට සහන සලසන්න .

ඇයි  ඔබ එයින් ඉවත් වුනේ ?

මිගමු සංවිධානය මීගමුවෙන් ඔබ්බට ගෙනියන්න , පොදු අරමුණක් ඇතිව වැඩ කරන්න බැරි තත්වයක් උදාවෙන්නේ සංවිධානය  ඇතුලෙම තියෙන කල්ලි වාදය හේතුවෙන් . මේ තත්වය වඩාත් ඉස්මතු වුනේ රංජිත් ප්‍රනාන්දු සභාපති වරයා ලෙස කටයුතු කල අවදියේ . පන්සල , පල්ලිය වගේම ලාංකීය දෙමළ ප්‍රජාවද එක්කාසු කරගෙන සංවිධානය ඉදිරියට ගෙන යාමේ බාධකය වුනේ මේ අන්තවාදී කල්ලි . ඔවුන්ගේ වුවමනාව සංවිධානය මීගමුවට පමණක් සීමා කරන්න . කොහොම නමුත් මීගමුවෙන් පිටස්තර අයෙක් සංවිධානයට එක් වුනත් නිළතල ටික බෙදෙන්නේ මීගමුව වටා . පැරිසියේ මීගමු සංවිධානය  ලෝකයට ගෙනියන්න තිබුණු අවස්ථාවක් අහිමි වුනෙත් මේ කල්ලි වාදය නිසා . මම සකස් කළා වියාපෘතියක් ලෝකය පුරා විසිර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගයෙන්  ශ්‍රිලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන් සහන සලසන්න , නේෂන් ට්‍රස්ට් බැංකුවයි  කෝල් තුවා වෙබ් අඩවියයි  එක්කාසු කරගෙන ශ්‍රීලංකා මහ බැංකුවේ සහයෝගයෙන් ජාත්‍යන්තර අරමුදලක් පිහිටුවිමට . එත් ඒ සඳහා වන ගිණුම ආරම්භ කිරීමට සාමාජිකයන් පස් දෙනෙකුගේ අත්සන් ඔනී . හතර දෙනෙක් අත්සන් කරා  එත් අර අන්තවාදී කල්ලියට යට වුනු  භාණ්ඩාගාරික එමානුවෙල් ප්‍රනාන්දු මේකට අත්සන් කලේ නැහැ . ඒ නිසා ඒ වියාපෘතිය බිඳ වැටුනා . මිස් ශ්‍රීලංකා ඉන් ෆ්‍රාන්ස් කියන්නෙත් මගේ වියාපෘතියක්  ඒ ශ්‍රිලංකාවේ පිළිකා රෝගීන්ට සහන සලසන්න. මුලින්ම මේක මීගමු සංවිධානයට ඉදිරිපත් කරපු වෙලාවේ කරන්න පුළුවන් වෙයිද කියල අදිමදි කළා .  නමුත් ඒ වැඩේ සාර්ථක කරගත්තා. දිගින් දිගටම ක්‍රියාත්මක කල්ලිවාදය හේතුවෙන් පැවති කලකිරීම තමයි වෙන් වීමට හේතුවුනේ .

නමුත් අත්තනෝමතික ලෙස ක්‍රියා කල බවට චෝදනාවක් තියෙනවා නේද ?

මේ වන තෙක් මට කිසිම ලිඛිත දැනුම් දීමක් දීල නැහැ පැරිසියේ මීගමු සංවිධානයෙන් මාව ඉවත්කළ බවට . ඒ වගේම කිසිම චෝදනාවක් ලිඛිතව ඉදරිපත් කරලා නැහැ . එහෙත් මට  එකක් කියන්න පුළුවන්  පැරිසියේ මිගමු සංවිධානය ආරම්භයේ සිට  දෙදහස් දොළහ අවුරුද්ද දක්වා  කිසිම හොරකමක් වෙලා නැහැ . ඒ ගැන ඕනෙම තැනක ඕනෙම පුද්ගලයෙක් එක්ක  කථා කරන්න මට පුළුවන් . සියලුම ලිපි ලේඛන මා සතුව තියෙනවා .ෆ්රංශයේ තියෙන අනෙක් සංවිධාන වලට වඩා වගකීමකින් මීගමු සංවිධානය වැඩ කරලා තියෙනවා . මෙහෙ තියෙන සංවිධාන බොහොමයක්ම සිමා වෙලා තියෙන්නේ ඒ අයගේ පවුල් වලට . ඊට අමතරව මිනිස්සුන්ව “බෝඩර් “ පන්නනත් සංවිධාන ගොඩනගල තියෙනවා . නමුත් මීගමු සංවිධානයේ  දෙදාස් දොළහෙන් පස්සේ මට වගකීමක් ගන්න බැහැ. සෑම තීරණයක්ම ගත්තේ සංවිධානයත් එක්ක සාකච්චා කරලා .මිස් ශ්‍රීලංකා ඉන් ෆ්‍රාන්ස්  පළමු සැසියෙන් පස්සේ  පිළිකා රෝහලේ ඉල්ලීම වුනේ  රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය උපකරණ ලබාදෙන්න කියලා .ඒ මානුෂික ඉල්ලීමට ගරු කරලා එය ඉටුකලා . මේ සියල්ලම කලේ මීගමු සංවිධානයේ අනුමැතිය ඇතිව . අදාල සියලු බිල්පත් හා අනෙකුත් ලිපි ලේඛන සියල්ලම භාණ්ඩාගාරිකට බාර දීල තියෙනවා .නමුත් මීගමු සංවිධානය දෙදහස් දොළහ ගිණුම් වාර්තා ඉදිරිපත් කරලා නැහැ .පසුගිය මිස් ශ්‍රීලංකා ඉන් ෆ්‍රාන්ස් හි ප්‍රවේශ පත් වල මුදල් ලබානොදුන් අයත් අද ඔතන ඉන්නවා .

“මිස් ශ්‍රීලංකා ඉන් ෆ්‍රාන්ස්” ඔබේද ? නැත්නම් මීගමු සංවිධානයේද ?

මිස් ශ්‍රීලංකා ඉන් ෆ්‍රාන්ස් සංවිධානය කරනු ලැබුයේ කොමිටියක් මගින් ඒකට අනෙකුත් සංවිධාන මෙන්ම පුද්ගලයන් වශයෙන්ද බොහෝ දෙනා  එක් වුණා. පැරිසියේ මිගමු සංවිධානයේ සංවිධායක ලෙස මමත් , සභාපති ජයලත් ප්‍රනාන්දු , ලේකම් මැක්සි සිල්වා අදාල කමිටු රැස්වීම් වලට සහභාගි වුණා.නමුත් සභාපති වරයා නිතරම කොමිටියේ රැස්වීම් වලට අවේ නැහැ .දැන්  ගැටලුව තියෙන්නේ මිස් ශ්‍රීලංකා ඉන් ෆ්‍රාන්ස්  වල නෙමේ  ඒ සඳහා යොදා ගන්නා  ලාංජනයේ. ඒක නිර්මාණය කලේ ප්‍රංශයේ වෙසෙන මෝස්‌තර නිර්මාණ ශිල්පය හදාරණ ලාංකික සිසුවියක් . ඇගේ මේ නිර්මාණය පාවිච්චි කරන්න අයිතිය පවරලා තියෙන්නේ මට .ඒක ලිඛිතවත්  දීල තියෙනවා .”මිස් ශ්‍රීලංකා ඉන් ෆ්‍රාන්ස්” පළමු සැසියේන් පස්සේ ඊට එක්ව සිටි දෙමළ ළමුන්ට දෙමළ ඩයස්පෝරාවෙන් ගැටළු මතු විය හැකි බැවින් ඔවුන්ගේ ඉල්ලීම මත මම මගේ නමින් මේ ලාංජනය ලියාපදිංචි කරා.

මේ ලාංජනයේ පේටන්ට් අයිතියට  මීගමු සංවිධානයද ලියාපදිංචි කර තිබෙනවා නේද ?

ඔව්, ඔවුන් ආණ්ඩුවේ ආයතනයක ලියා  පදිංචි කරලා තියෙනවා . අපි ලියාපදිංචි  කරලා තියෙන්නේ පේටන්ට් අයිතිය සම්බන්දයෙන් වැඩ කරන රජය පිළිගත් සමාගමක . කොහොම නමුත් ලාංජනයේ  අයිතිය තීරණය වෙන්නේ අධිකරණය මගින් .අපේ අයිතිය වෙනුවෙන් අපි කරුණු ඉදිරිපත් කරනවා කොහොම නමුත් අධිකරණ තීන්දුවට අපි හිස නමනවා .sanath

මොනවද ඔබේ ඊළඟ ව්‍යාපෘති ?

‘මිස් ශ්‍රීලංකා ඉන් යුරෝප්” 2014 අපි සංවිධානය කරන්නේ  ශ්‍රීලංකා සුභ සාධක සංගමය හැටියට අනෙකුත් ශ්‍රී ලාංකික සංවිධානත් එක්ක එකතුවෙලා . පළමු සැසිය පැරිසියේ පවත්වනවා , පසුව යුරෝපයේ අනෙකුත් රටවලට ‘මිස් ශ්‍රී ලංකා ඉන් යුරෝප්’ රැගෙන යනවා .ඒ ශ්‍රිලංකාවේ උතුරු මැද පළාතේ වකුගඩු ව්‍යසනයට ගොදුරු වුනු  ජනයාට සහන සලසන්න . ඒ වගේම පිළිකා රෝගීන්ටත් . වකුගඩු රෝගී ව්‍යසනය ගැන වත්මන් ආණ්ඩුවටත් කිසිදු විසදුමක් , වැඩපිළිවෙලක් නැහැ .ඒ ගැන මට හොඳටම පැහැදිලි වුනේ සෞඛ්‍ය ඇමතිවරයා සමග සාකච්චා කිරීමෙන් පස්සේ . ජනාධිපති අරමුදලින් වත්  මේවට සහන සලන්න ක්‍රමයක්  ගැන  ආණ්ඩුව හිතල නැහැ . රෝගීන්ට අවශ්‍ය පහසුකම් සැලසීම ආණ්ඩුවේ වගකීමක් වුනාට ඒක වෙන්නේ නැහැ . ඉතින් අපි මේ ගැන ජාත්‍යන්තරය දැනුවත් කරනවා. මහරගම පිළිකා රෝගීන් බලන්න  එන අයට රාත්‍රිය ගත කරන්න වෙලා තියෙන්නේ  මහමග , ඔවුන්ට නේවාසික ස්ථානයක් ගොඩනැගීමත් අපේ එක් අරමුණක් . අපේ මානුෂික  යුතුකමක් විදිහට වකුගඩු හා පිළිකා රෝගීන්ට සහන සහනයක් ලබාදෙන්න උත්සහා කරන්නේ .

වසර 3 කට වඩා වැඩි කාලයක් විසා නොමැතිව ෆ්රංශයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට වලංගු විසා ලබාගැනීමට අපේ සුභසාධක සංගමය උපකාර කරන්න සුදානම් .ඒ  ලියාපදිංචිය සඳහා  ලිපිනයක්  සහ සාධාරණ ගෙවීමකට නීති සහය ලබාදෙමින් . මේ වෙනුවෙන්ම  ප්‍රංශ නීතිවේදියෙක්  අප සමග ක්‍රියාත්මකයි .

සංවාද සටහන  ;   අතුල විතානගේ

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article