spot_img
spot_img
Sunday, April 28, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවටත් යහපාලන පුංචි ආණ්ඩුවක් !

Must read

roies-with-galanදශවසකටත් වැඩි රාජපක්ෂ ලංසා හවුල් පාලනයට සදාකාලිකව තිත තබමින් මීගමුවටත් යහපාලන පුංචි ආණ්ඩුවක් ස්ථාපිත කිරිම ඉදිරි දින කිපය තුල සිදුකිරිමට නියමිතව තිබේ.
මේ ඒ සදහා වන සරල බහුතරය එජාප ශ්‍රිලනිප මන්ත්‍රි කණ්ඩායම සතුව තිබේ.
එය මන්ත්‍රිධුර 25 කි.

saka
ප්‍රබල ලංසා විරෝධියෙකු වන මීගමුව ශ්‍රිලනිප සමසංවිධායක එම්. සකාවුල්ලා සහ ශ්‍රිලනිප සමසංවිධායක ලලිත් ටෙන්සිල් මේ සදහා අවශ්‍ය සියළු මැදිහත්විම් මේ වෙනුවෙන් සිදුකරමින් ඇති බව සැලය.
ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ රනිල් වික්‍රමසිංහ අගමැතිගේ එක්සත් ජාතික පක්ෂය එකට එක්කාසු වුවහොත් ඔවුන් දෙපිරිසට පළාත් පාලන ආයතන 167 ක බලය පිහිටුවිය හැකිය. අද සන්ධ්‍යාවේ පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව නායකයන් දෙදෙනා දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
දැනට සිදුවෙමින් ඇති යහපාලන ආණ්ඩුවේ ප්‍රධානින් අතර කෙරෙන සාකච්ජාවන්වල ප්‍රථිපල ලෙස ලංකාවේ තවත් යහපාලන පුංචි ආණ්ඩු 167 කටත් අධික ගණනක් ඉදිරි දින කිපය තුලදි නිර්මාණය විමට නියමිතය.
ඇත්ත වශයෙන්ම 2015 හා සැසදිමේදි මහින්ද පාර්ශවය පැත්තෙන් ගෙන බලන සිදුව ඇත්තේ ලැබි ඇත්තේ අඩු ප්‍රතිශතයක් බවය.
මැතිවරණ ප්‍රථිපල
මේ අතර මීගමුවේ ජවිපෙ සතු මන්ත්‍රිධුර 3 මීගමුව දේශපාලනය තුල ඉදිරි කාලයේ තිරාණාත්මක බලපෑමක් සිදුකිරිමට නියමිතය.
රාජපක්ෂවාදින්ගේ හෝ ලංසලාගේ කිසිදු යටිකුට්ටි වැඩකට මේ නිසා කිසිදු ඉඩක් මීගමුව තුල නිර්මාණය නොවනු ඇත.
එපමණක් නොව දැනටමත් පොහොට්ටුවේ ලංසා පිළ හා දැනටමත් මතුව ඇති ගැටුම් හේතුවෙන් ඇතැම් තිරාණාත්මක අවස්ථාවන්හිදි මේ මන්ත්‍රින්ගේ ඡන්දයද ලංසා පිළට අහිමි යාමට ඇති ඉඩකඩ ඉතා වැඩිය..
මේ සියළු ධනාත්මක වර්ධනයන්ද පසුබිමේ තබාගනිමින් මීගමුව අලුතින් ගොඩනැගිම සදහා වන පුළුල් සමාජ කථිකාවක් ඉදිරියේදි මීගමුව තුල නිර්මාණය වනු ඇත.
මේ සදහා මීගමුවේ සිටින සියළු සමාජ කණ්ඩායම් හා උගතුන් බුද්ධිමතුනේගේද දායකත්වය උපරිමයෙන් ලබාගැනිමට දැනටමත් අවශ්‍ය පියවරයන් සදහා ප්‍රධාන අවධානය යොමුව ඇත.
දැනට මන්ත්‍රිධුර 16 කට පමණක් හිමිකම් කියන පොහොට්ටුව කොයිතරම් දැගලුවද මීගමුව තුල යළිත් ඔවුන් සදහා කිසිදු ඉඩක් නිර්මාණය නොවනු ඇත..
නිමල් ලංසාගේ මුදල් බලයෙන් නිර්මාණය වු ස්වාධින කණ්ඩයම් සදහා ඇති මන්ත්‍රිධුර සියල්ල එක්වුවද මීගමුවේදි පොහොට්ටුවට ගත හැක්කේ මන්ත්‍රිධුර 18 ක් පමණි.
මේ අනුව දශකයකටත් අධික කාලයක් තිස්සේ නිමල් ලංසාගේ පියාගේ විනෝද කටයුතු සදහා මුදල් පොම්ප කළ ධන නිධානය බදුවු මීගමුව වෙරළ උද්‍යානය මීගමුව මහනගර සභාවේ පාලනයට නතු වනු ඇත.
මේ සියළු තත්වයන් හමුවේ මීගමුවේ ජවිපෙ මන්ත්‍රින්ගේ විවේචනාත්මක මැදිහත්විම අතිශය වැදගත් වනු ඇත.
ජවිපෙ මන්ත්‍රිධුර 3  මීගමුව තුල යහපාලනයක් වෙනුවෙන් මුරබල්ලාගේ රාජකාරිය සදහා පණපොවනු ඇත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article