spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ අනවසර ඉඳිකිරිම්වලට ලංසලාගේ අනුග්‍රහය !

Must read

IMG-20191025-WA0045IMG-20191023-WA0022දළුපත ප්‍රදේශයේ මේ වන විට කිසියම් පුද්ගලයෙක් චණ්ඩිකමින් අනවසර ඉඳිකිරිම්ක් සිදුකරමින් තිබේ.ඒ ගැන අප කළ විමසුමකදි ප්‍රදේශය භාර තාක්ෂණික නිළධාරිණිය කියා සිටියේ එය පැහැදිලිවම අනවසර ඉඳිකිරිමක් බවත් ලබන සදුදා අනිවාර්යයෙන්ම අදාල පුද්ගලයාට එකි ඉඳිකිරිම නවත්වන ලෙස ලිඛිත නියෝගයක් ලබා දෙන බවය.කථාවෙන් නම් තේරෙන්නේ ඇය නීතියට කටයුතු කරන්නට සුදානමින් සිටින අයෙකු බවය.ගම්වාසින් විසින්ද දැනටමත් සිය විරෝධය මේ පිළිබදව මතුකර ඇත.එවිට අදාල අනවසර ඉඳිකිරිමේ අයිතිකරු කියා ඇත්තේ මේ ගැන ගමේ අයට වැඩක් නැති බවත් දයාන් ලංසාව මෙන්ම නිමල් ලංසාවද හොදින් දන්නා බවය. ඉන් අදහස් වන්නේ ඔහු බය නැතිව ලොකු මුදලක් යටකරමින් මේ ඉදිකිරිම කරන්නේ කඩන්නේ නැතිව ගොඩින් බේරා ගැනිමට හැකි උපරිම විශ්වාසයක් ඇති නිසා වියයුතුය .මෙම ඉදිකිරිම ඒ අවට විශාල පිරිසකට දැවැන්ත පිඩාවක් ඇතිවනවා නිසැකය.මීගමුවේ දැනටමත් ඩෙංගු වැඩිම ප්‍රදේශය වන්නේද දළුපතය.දැනටමත් මරණ 2කක්ද සිදුව තිබේ.මහදවල් බයක් නැතිව කරගෙන යන මේ අනවසර ඉදිකිරිමට ආරක්ෂාව දිම සදහා නගරාධිපති ඇතුළු කප්පම් ගෝලබාල පිරිස විශාල මුදලක් ගෙන තිබෙනවාට සැක නැත.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article