spot_img
spot_img
Sunday, May 5, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුව රෝහලේ වකුගඩු ඒකකයේ වැඩ අරඹයි .

Must read

IMG-20191025-WA0074IMG-20191025-WA0073මීගමුව රෝහලට අත්‍යවශ්‍යව තිබුනු වකුගඩු රෝගීන්ට ප්‍රතිකාර කරන ඒකකය ඊයේ සිට වැඩ ආරම්භ කර ඇති බව අපි සතුටින් දන්වා සිටිමු .
වසර තුනක් තිස්සේ රෝහල් කාර්‍ය මණ්ඩලය මේ සඳහා සෑහෙන අරගලයක් කළ බව අපි දනිමු . ඒ අනුව සියළු බාධා මැඩගෙන මෙම කටයුත්ත සපුරා ගැනීමට හැකිවී ඇත.
මේ අනුව ප්‍රතමයෙන් බෟද්ධ සම්ප්‍රදායට අනුව අඟුරුකාරමුල්ල පංසලේ ස්වාමීන්වහන්සේලා දෙනමක් වැඩමවා පිරිත් සජ්ජායනාවක්
සිදුකරන ලදී .
ඊයේ( 17 ) ආරම්භයේදීම අත්හදාබැලීමක් වශයෙන් රෝගීන් 10 දෙනෙකුට ප්‍රතිකාර කිරීමට හැකිවී ඇත .
Qමෙම කටයුත්ත සඳහා ඇඳන් 6 ක් තිබෙන නමුත් වැඩ ආරම්භ කළහැකි වූයේ 3ක පමණි . ඊට හේතුව වූයේ ඊට අදාල මොනිටර් යොදාගැනීමට හැකිවී ඇත්තේ 3ක් පමණක් නිසාය.
නමුත් මොනිටර් තවත් තුනක අඩුපාඩුවක් ඇත . මෙකී මොනිටර් තුන සපුරා ගැනීමට හැකිවී නම් එය විශාල ජයග්‍රහණයක් බව රෝහල් කාර්‍ය මණ්ඩලය පවසයි .
මෙම මහඟු සත් කාරය ඉටුකරගැනීමට අප මීපුර වෙබ් අඩවිය ලෙස මේ සඳහා දායක වනමෙන් සියළු ධානපතියන් ගෙන් ඉල්ලා සිටිමු .NGB Kidney ward

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article