spot_img
spot_img
Monday, May 6, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ අශුද්ධ සන්ධානය !

Must read

සමුපේ 3(4.30 pm ) මීගමුව නගර පාලනය දැන් ඩැහැගෙන ඇත්තේ මීගමුව ඉතිහාසය තුල බිහිව ඇති අංක එකේ අශුද්ධ සන්ධානය විසිනි.
මේ ඡායාරූපය ඒ ගැන බොහෝ දේ කියනු ඇත.
දියයටින් ගින්දර ගෙන යමින් එකින් එකා කපා ගැනිමේ තරගයක යෙදුණු මේ තිදෙනා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් දැන් සන්ධාන ගතව සිටිති.
දේශපාලනිකව පමණක් නොව පුද්ගලික චරිත ඝාතනය පැත්තෙන් ගත්තද මේ තිදෙනා ඇතිපදමට එකිනෙකාට මඩ තලි පිටින් තවරා ඇත.
නිමල් ලංසා විටක සරත් ගැන කිවේ ඔහු ඉතාලියේ බල්ලන් නාවන රැකියාවක් කළ බවය.
නිමල්ට අනුව සාකවුල්ලා යනු කතෝලික පියතුමෙක් ඝාතනය කිරිම ගැන චෝදනා ලැබුවෙකි.එහෙත් දැන් සියල්ලෝ බෝ පැල මෙන් එක්ව කල්යවති.
ඒ මිගමුවේ ජනතාවට ඇති ආදරය නිසා නම් නොවේ.
තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පමණි.
දේශපාලනයේදි ඒවා අප අශුද්ධ සන්ධාන යැයි කියමු.
මීට මාස 3 කට ඉහතදි මේ තිදෙනා එකිනෙකාට එරෙහිව මඩතලි ගණන් අතට ගෙන සුකරයන් සේ හැසිරුණද දැන් ඉන්නේ සුදු ඇදගෙනය.
එහෙත් ඒ සුදට යමින් ඇත්තේ මඩමය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article