spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

භූමිතෙල් ප්‍රශ්නයට ධීවරයින්ට විසඳුමක් ලැඛෙන ලකුණු

Must read

sri_lanka_negombo_fish_market_fishermen1(10.30am) පසුගිය දා  රජය විසින් සිදුකළ ඉන්ධන මිළ වැඩිකිරීම  ධීවර ජනතාවට දරන්නට බැරි  තත්ත්වයක් උද්ගතවූ අතර පසුගිය දින කීපය පුරා ධීවර ජනතාව සිය වෘත්තියෙන් ඉවත් වී  භූමිතෙල් මිළේ වෙනසක්  සිදුකරන ලෙස ඉල්ලා සිටියහ.
ධීවරයින්ට සහන මිළකට භූමිතෙල් දීමට කටයුතු කරන බවට රජය පැවසුවත් එය කුමනාකාරයට කවදා සිට සිදුකරනවාද යන්න පිළිබදව ධීවරයින් හා ධීවර සංගම් රජයෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඊයේ ( 15)ධිවර අමාත්‍යවරයා හමුවී දීර්ඝ සාකච්ඡාවක් සිදුකරන ලදී.
මෙම සාකච්ඡාවේ දී  ධීවරයින්ට භූමිතෙල් පරණ මිලටම  ලබාදීමටත් අමාත්‍යවරයා එකග වූ බවත් මේ සම්බන්ධයෙන්   අවසාන තීරණය ගැනීමට අද ඛනිජ තෙල් සංස්ථාව සමග සාකච්ඡාවක් පැවත්වීමටද කටයුතු යෙදූ  බව මීගමුව සහකාර ධීවර අධ්‍යක්ෂවරයා පැවසීය.  ධීවරයින් හට ලබාදීමට එකඟවූ  භූමිතෙල් මිළ සහනය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවිය හැකි අක්‍රමිකතා වැලැක්වීමට  අවශ්‍ය පියවර ද ඊයේ පැවති මෙම සාකච්ඡාවේදි යෝජනා වූ බව ධීවර සංගම් නියෝජිතයෝ පවසති. [dropcap][/dropcap]

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article