මීගමුවේ ආසාදිතයන් 500 ඉක්මවයි ! කට්ටුවෙන් 49 ක් !පුද්ගලික රෝහලකුත් වසා දැමේ !

0
69

මීගමුවේ කොරෝනා තත්වය දිනෙන් දිනම අවදානම් තත්වයක් කරා ගමන් කරමින් තිබේ.
මේ වන විට මිගමුවෙන් වාර්තා වන මුලු අසාදිතයන් ගණන 500 ඉක්මවා තිබේ.
ඒ කට්ටුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයකින් කොරෝනා ආසාදිත ඒ අද දිනයේ රෝගින් 49 ක් වාර්තා විමත් සමගය.
මිට පෙර මෙම ස්ථානයේ සිදුකරන ලද පරික්ෂණ වලදි 36 දෙනෙකු කොරෝනා ආසාදිතයන් ලෙසින් හදුනාගෙන තිබුණි.
එම ස්ථානයෙන් වාර්තා වන මුලු අසාදිතයන් ගණන 85 කි
ඒ අනුව මිගමුවේ මුලු ආසාදිතයන් ගණන 506 ක් බවට අද වන විට වාර්තා වේ
මේ අතර මිගමුවේ පුද්ගලික රෝහලකට ඩෙංගු රෝගය සදහා ඇතුලත්ව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට සිදුකරන ලද පරික්ෂණ වලදි කොරෝනා වැලදි ඇති හදුනාගැනිමත් සමගින් දින 14 ක් සදහා රෝහල වසා දමා තිබේ