spot_img
spot_img
Sunday, June 2, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ එජාප පාක්ෂිකයන්ගේ වැඩිම මනාප රංජන්ට සහ අර්ජුනට …..

Must read

Ranja arjunaමීගමුවේ එජප පාක්ෂිකය හැම විටම ආසනය ඉහලින්ම ඔසවා තැබුවේ ලංසා හවුල් පවුල් පාලනය විසින් මීගමු තුල සිදුකරමින් සිටි විනාශය නිසාය.ලංසා පවුලට ඇමතිකම් 12ක්ද,සරත් ගුණරත්නට නියෝජ්‍ය ඇමතිකමද,මිගමු මහනගර සභාවේ බලයද තිබියදි ලංසා පවුල පිට පිට මීගමුවේදි පැරදුනේ එවකට එජාප සංවිධායක රොයිස් විජිතගේ නායකත්වය යටතේ මිගමුව තුල ගොඩනැගුනු ලංසා විරෝධය නිසාවෙනි.

කාවින්ද ජයවර්ධන යනු ලංසා පවුල හා සමිප සබඳතා පැවැත්වු අයෙකු වු නිසාම ඔහු කිසිවිටකත් ලංසා පවුලේ දේශපාලනයට එරෙහිවුයේ නැත.එපමණක් නොව දයාන් ලංසාගේ රාත්‍රි මිතුරෙකුද විය.
ඒ අනුව සජිත් පිලෙන් ගම්පහට තරඟ වදින රංජන් රාමනායක පමණක් කොන්දේසි විරහිතව ලංසා පවුල දැඩි විචෙනයකට ලක්කළ අයෙකි.මේ නිසාම ඔහුට නඩු පිට නඩු පවා වැටි ති⁣බේ.

මේ අනුව මීගමුවේ කාවින්ද ජයවර්ධන දැනටමත් කල්ඉකුත්ව යමින් සිටින භාණ්ඩයක් බවට පත්ව ඇති පසුබිමක රංජන් රාමනායක දැනටමත් වැඩි ඉඩක් නිර්මාණය කොට ගෙන තිබේ.

එහෙන්ම මීගමුවේ එජාප සංවිධායක රොයිස් විජිත විසින් කරගෙන යනු ලබන සංවිධානාත්මක දේශපාලන මැදිහත්විම තුල සැලකිය යුතු එජාප මනාප ප්‍රමාණයක් එජාප කණඩායම් නායක අර්ජුන රණතුංගට හිමිවිමට නියමිතය.ඉදිරි සතියක කාලය තුල කාවින්ද ජයවර්ධනට එරෙහිව රොයිස් විජිතගේ තිරාණාත්මක මැදිහත්වීම කාවින්ද ජයවර්ධන දේශපාලනිකව නන්නත්තාර කරදැමිමට පසුබිම සකසනු ඇති බව එජාප ප්‍රධාන පෙලේ ක්‍රියාකාරින්ට ඉතාමත් සමිප ආරංචි මාර්ග දක්වා සිටි.

 

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article