spot_img
spot_img
Saturday, May 4, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ එජාප මන්ත්‍රි කණ්ඩායම් රැස්විම් 2ක් ! නව සංවිධායකයාට ගණපුර්ණයවත් නෑ !

Must read

UNP protest 4මීගමුව මහනගර සභාවේ මහසභා රැස්විමට කලින් දිනයේ ඒ ඒ පක්ෂවල මන්ත්‍රි කණ්ඩායම් රැස්විම පැවැත්විම පොදු සම්ප්‍රදායයි.
එහෙත් එජාප නව සංවිධායකයාට සිය මන්ත්‍රි කණ්ඩායම් රැස්විම ගණපුර්ණයක් පවා නැති තත්වයක් මතුව තිබියදි මිගමුව විපක්ෂ නායක රොයිස් විජිත විසින් පවත්වන්නට යෙදුන මන්ත්‍රි කණ්ඩායම් රැස්විම ගණපුර්ණයක්ද සහිතව සාර්ථකව පවත්වා ඇතැයි වාර්ථා වේ.

dav
dav

මේ පසුබිම තුල මීගමුව එජාප නව සංවිධායකයා ආසනය තුල දැවැන්ත හුදකලා භාවයකට පත්වෙමින් තිබේ.
මෙය මැතිවරණ වසරකි.
එහෙත් මේ යථාර්ථය තුල මීගමුවේ එජාප නව සංවිධායකයාට මිගමුව දිනවිම සදහා කිසිදු පදනමක් යොදා ගැනිමට නොහැකි තත්වයක් දැන් නිර්මාණය වි තිබේ.
එයට හේතු ගණනාවකි.
එනම් බහුතර මන්ත්‍රි සංඛ්‍යාවක් ඔහු සමගින් නැත.
කොට්ටාශවල සිටි ඡන්ද පොළ නියෝජිතයන්ද සිටින්නේ විපක්ෂ නායක රොයිස් විජිත සමගිනි.
මේ සියල්ලේ එකතුව යනු මිගමුව තුල එජාප නව ආසන සංවිධායකයාගේ දේශපාලනික සිය දිවිනසාගැනිම දැන් යථාර්ථයක්ම වෙමින් තිබේ.
එය දැන් කැලැන්ඩර දින පිළිබද ප්‍රශ්ණයක්ම පමණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article