spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

” ශ්‍රී ලංකාවට නව යුගයක්”

Must read

neweraගෞරවයෙනි,

ප්‍රතිපත්තිමය න්‍යාය පත්‍රයක් මත පදනම්ව ජනතාව බලමුළු ගැන්වීම සඳහා අප කරන වැඩ කටයුතු ඉදිරියට ගෙන යමින් අපි අපගේ සංවිධානයේ නව වෙබ් අඩවිය ” ශ්‍රී ලංකාවට නව යුගයක්” සතුටින් හඳුන්වා දෙමු. https://www.neweraforsrilanka.org යන ලිපිනයෙන් මෙම වෙබ් අඩවියට පිවිසිය හැකිය.

අපේ අරමුණ වන්නේ සමානත්වය, සමාජ සාධාරණත්වය, ආර්ථික නිදහස සහ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය යන මූලධර්ම මත පදනම් වුන ප්‍රගතිගාමී අනාගත දිශානතියක් සහිත සමානාත්මතාවාදී සමාජයක් ඇති කර ලන්නට අවශ්‍ය සමඟිය ගොඩනැගීම යි.

සම්පූර්ණ ප්‍රතිපත්ති වේදිකාව වෙබ් අඩවියේ ඇති DOWNLOADS පිටුවෙන් බා ගත හැකිය. මෙම ප්‍රතිපත්ති වේදිකාව ඉංග්‍රීසි සහ සිංහල යන භාෂා දෙකෙන් ම ලබාගත හැකිය. ප්‍රතිපත්ති පුළුල් වශයෙන් පොකුරු නවයක් යටතේ වර්ග කර ඇත. එක් එක් ප්‍රතිපත්තිය අවසානයේ තිබෙන ප්‍රතිචාර පෝර්මය පිරවීමෙන් වෙබ් අඩවිය හරහා ම ඔබට ඔබේ ප්‍රතිචාරය එවිය හැකිය. එසේ නැතහොත් ඔබේ ප්‍රතිචාරය CONTACTS පිටුවේ දක්වා තිබෙන ලිපිනය වෙත ඊමේල් කළ හැකිය. ලදරු අවස්ථාවේ සුළු ගැටලු  තිබිය හැකි වුවද, ඒවා කාලයත් සමඟ විසඳා ගැනීමට අපි අදහස් කරන බව කරුණාවෙන් සලකන්න.

අප්‍රේල් මස අවසාන සමයේ මෙම ප්‍රතිපත්ති වේදිකාව ශ්‍රී ලංකාවේ දී දියත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. මෙම දියත් කිරීම පිළිබඳව ඔබව දැනුවත් කරන්නට කටයුතු කරන්නෙමු.

මෙම පරම්පරාවටත් මතු පරම්පරාවලටත් ශිෂ්ඨ සම්පන්න සමාජයක් උදා කර දීමේ වැදගත් කාර්යයට හැකි ආකාරයකින් සම්බන්ධ වෙන ‌ලෙසට ඔබට කරන ආරාධනයයි ‌මේ. මේ ගැන උනන්දුවක් දක්වන වෙනත් අය ගැන ඔබ දන්නේ නම්, කරුණාකර ඔවුන්ටත් මෙය ලැබෙන්නට සලස්වා ‌ඔවුන්ගේ අදහස් ද අප වෙත දන්වන්නට කටයුතු කරන මෙන් ඉල්ලමු.

ඔබට ස්තුතියි.

ජූඩ්, චාමින්ද සහ ලයනල්
සාමූහිකය වෙනුවෙන්

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article