spot_img
spot_img
Monday, April 29, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මීගමුවේ කලබල කල පිරිසට නායකත්වය දුන්නේ පොහොට්ටුවෙන්ද?

Must read

NGB damage 1ලෝකයටම ආදර්ශයක් සපමින් අගනා සංහිදියාවක දිවි ගෙවු මිගමුවේ කිතුණු ජනයාව පාපයට පොළඹවා කලබලවලට තල්ලු කිරිමට කිසියම් දේශපාලන බලවේගයක මගපෙන්විම අනුදැනුම ලැබුනේද යන්න ගැන පුළුල් විමර්ශනයක් පසුගිය කාලය තුල සිදුකෙරුණි.
එපමණක් නොව මිගමුවේ ගරු පියවරු්න් වෙතද මේ කරුණු පසුගිය දිනවලදි සාක්ෂි සහිතවම ඔප්පුවෙමින් තිබුන අතර ඇතැම් පියතුමන්ලා මේ පිටුපස සිටියේ කව්දැයි කියා කියන්නට බියවි තිබුනේද නැත.
මේ කලබල මෙහෙයුවන් අතරට මිගමුව මහනගර සභාවේ මන්ත්‍රිවරියකගේ නමද ඇදි තිබුණි.
තවත් බොහෝ පිරිස් ගැන තොරතුරු මේ වන විට අනාවරණ වි තිබේ.
එහෙත් මිගමුව තුල සංහිදියාව පවත්වාගෙන යාම සදහා කලබල කොට දේපල විනාශ කළඅයට එරෙහිව නිති මගට නොයාමට කිතුණු ආගමික නායකයන් මෙන්ම මුස්ලිම් ආගමික නායකයන්ද මේ වන විට එකඟතාවයකට පැමිණ ඇත.
පුද්ගලික හා පොදු දේපල 100 කට ආසන්න ප්‍රමාණයකට හානිසිදුව ඇති අතර ඒ හානිසිදුකරන්නට පැමිණි පිරිස 50 කට ආසන්න බවට නම් ගම් සහිතවම හදුනාගෙන ඇති බවද කියැවේ .
රටතුල දැන් පැහැදිලිව ක්‍රියාත්මකව ඇත්තේ දේශපාලන න්‍යාය පත්‍රයකි.
සමාජය බියෙන් මුසපත්කොට එය මැතිවරණය දක්වා ගෙන ගොස් රාජපක්ෂලාට බලය ගැනිම එහි අවසන් අරමුණයි.
හිරු දෙරණ ඇතුළු ජඩ මාධ්‍ය රෙදි නැතිව කඩේ යන්නේ ගෝඨාභය ජනාධිපති කරවිමටය.
ජනපති සිරිසේන මේ සියළු තකතිරු කම් මැද ඩෙගා නටන්නේද යළිත් ජනාධිපතිවරණයට පැමිණිම සදහාය.
එක්සත් ජාතික පක්ෂයට ඉතාමත් සමිප මුස්ලිම් ජනයාව අර්බුදයට යවමින් සිටින්නේද කලකිරිමට ලක්කොට ඡන්ද පොලට පැමිණිම නවතා දැමිමටය.,
මුහුණ පොත හරහාත් වෙනත් අවස්ථා සියල්ල ප්‍රයෝජනයට ගෙන මුස්ලිම් විරෝධයක් නඩත්තු කරන්නේ ඒ නිසාය.
වෙළද ත්‍රස්තවාදයද දැන් ඊට එක්ව තිබේ.(පසුගිය දිනවල වෙන්නප්පුවෙ නගරයේ දින 15 ක් තිස්සේ කිසිදු මුස්ලිම් කඩයක් විවෘත කිරිමට ඉඩ දි නොතිබුණ අතර එහි වෙළද සංගමය හා කරේ අත දාගෙන හිටියේද රාජපක්ෂලාගේම ගෝලයෙකි.)
ඒ මුස්ලිම් අයගේ කඩවල් වලින් බඩු ගන්නට එපා යැයි යන ප්‍රචාරයයි.
මීගමුවේ ඇතැම් එජාප නාගරික මන්ත්‍රිලා පවා තමන් අයිති වන්නේ එක්සත් ජාතික යැයි කියන නමක් සහිත පක්ෂයකට බවද අමතක කරමින් ගෝඨාභය රාජපක්ෂලගේ මුස්ලිම් විරෝධි සටන් පාඨය අතට ගෙන කඩු සටන් කරමින් සිටිනු අයුරු පෙනේ.
මුහුණ පොත හරහා ඔබ කොටන අකුරක් පසා වැනසෙන ජාතික සමගිය විසින් මතුකරන අර්බුදය අවසාන වශයෙන් පොලියත් සමගින් බැරවන්නේ රාජපක්ෂ පවුලේ ගිණුමට බව අමතක නොකරන්න

.
,

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article