spot_img
spot_img
Thursday, May 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

කඩු පෙන්වන්නේ නැති නිසා අහිමිවන මාධ්‍ය නිදහස සහ මාධ්‍ය සංවිධාන ?

Must read

අත්අඩංගුවට ගන්නා කඩු පිහි ඇතුළු පුපුරන ද්‍රව්‍ය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරිම වැලැක්විමට හා මාතලේ මධ්‍යවේදීන්ගේ සංගමයේ ප්‍රධාන කාර්යාලයට සීල් තැබිමට තැත්කිරිම යන මාධ්‍ය මර්දනයට එරෙහිව මාතලේ මාධ්‍යවෙිදීන්ගේ සංගමය කළු පටි බැදගනිමින් මාතලේ නගරයේදී අද (10) වන දින විරෝධතාවක නිරතව ඇති බව ada.lk විසින් වාර්තා කොට තිබුණි.

මේ සදහා මාධ්‍යවෙදීන්ගේ සංගමයේ සාමාජිකයින් හිටපු අමාත්‍ය රෝහණ දිසානායක මහතා මහ නගර සභා නියෝජ්‍ය නගරාධිපති එස් ප්‍රකාශ් ඇතුළු නාගරික මන්ත්‍රිවරුන් මාතලේ ප්‍රදේශීය සභා මන්ත්‍රි නාලක කොට්ටේගොඩ මහතා ඇතුළු ප්‍රාදේශීය සභා නියෝජිතයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් මෙම විරෝධතාව සඳහා සහභාගී වු බවද එහි සදහන්ය..සමස්ත ලංකා මාධ්‍යවෙීදන්ගේ එකමුතු සංවිධානයේ ජාතික සංවිධාය කාංචන කුමාර ආරියදාස මහතා ‍සහ මාතලේ මාධ්‍යවෙිදින්ගේ සංගමය මෙම විරෝධතාව මෙහෙයා ඇත.
පසුගිය දිනවල කඩු පෙන්වන්නේ නැත නිසා කළු පටි බදින බව කියමින් මුහුණු පොත තුලද එක්තරා මාධ්‍ය සංවිධානයක් විසින් යම් ප්‍රචාරයක් ගෙන ගොස් තිබුණි.
මේ කඩු පෙන්විම තුල සමාජයේ ඇතිකරන්නට යන ත්‍රස්තය සහ සමාජ බිය යනු ඉතා පැහැදිලිව දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක්ය.
ඒ රාජපක්ෂලාට යළි බලයට ඒමට පාර කපන පෙරමග සලසන වැඩසටහනය. හිරු සහ දෙරණත් එපමණක් නොව මාධ්‍ය ලෝගේ 10 ක්ට වැඩි ගණනක් එල්ලාගෙන දඹුල්ල ප්‍රදේශයේ ඉන්නා මාධ්‍යවේදි මුදලාලිලාත් කරගෙන යමින් සිටින්නේ වෙනත් දෙයක් නොව රාජපක්ෂලාෙග් න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමයි.
දැන හෝ නොදැන ඇතැම් ප්‍රාදේශිය මාධ්‍යවේදින්ද කඩු පෙන්වන්නේ නැති නම් මාධ්‍ය නිදහස නැතැයි කියමින් මේ කඩේ යන්නේ මාධ්‍යවේදින් සහ මාධ්‍ය ක්‍රියාකාරින් 44 ක් ඝාතනය කළ රාජපක්ෂලාගේ පවුලටය.
කඩු ගැන කථා කරන අයට අපට කියන්නට ඇත්තේ මුස්ලිම් අන්තවාදයට එරෙහිව අද ඇත්ත සටනටක පණපොවා ඇති හමුදාපතිවරයාගේ කථාවට ඇහුම් කන් දෙන ලෙසය.
අන්තවාදයට එරෙහිව අරගලය හමුදාව විසින් අතට ගෙන ඇත.ගොඨා ජනපති කිරිමේ කාලකණ්නි සටහන ජඩ මාධ්‍ය සහ කිබෝඩ් කුලිකරුවන් විසින් අතට ගෙන ඇත.,මාධ්‍ය නිදහස නැති කළ රාජපක්ෂලාට කඩේ යන කවරෙකු හෝ වේ නම් ඔහු ජඩයෙක් මිස මාධ්‍යවේදියෙකු නම් නොවේ.
Pic- ada.lk

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article